ඔයාට කෑ ගහලා අඩන්න හිතෙන වෙලාවට අඩන්න.ඇඩීමෙන් තමන්ගේ මානසික පීඩනය යම් තාක් දුරකට අවම කරගන්න පුලුවන්. අනික් එක තමන්ගේ අභියෝග ගැන බෙදාගන්න. ඒ බෙදාගැනීමෙන් ඔයාගේ වටිනාකම අවම වෙන්නේ නෑ. කිසිම කෙනෙක්ට අයිතියක් නෑ ඔයාව දුර්වල මනුශ්‍යයෙක් කියලා විනිශ්චය කරන්න. අපි ශක්තිමත් දෙමාපියන් විදියට සමාජය ඉදිරියේ චරිත නඩත්තු කරන්න ඕනේම නෑ. මේ ගමන ඉතාම දුශ්කරයි. ඒ ගමනේ අවසානයක් අපිට නොපෙනෙන්න පුලුවන්. දැන් ඇති කියලා හිතෙන්න පුලුවන්. අවිනිශ්චිත මොහොතක ඔයා හිර වෙලා ඉන්න පුලුවන්. කිසිම දේකින් තවදුරටත් ඔයාට සතුටක් නොදැනෙන්න පුලුවන්. ඔයාට හුස්ම ගැනීම පවා වේදනාවක් වෙන්න පුලුවන් . ඉතිං මේවා අසාමාන්‍ය හැඟීම් නෙමේ. ඒ නිසා කෑ ගහලා අඩලා හිත නිදහස් කරන් ආයේ කඳුළු පිහිදාගෙන ලොකු හුස්මක් අරන් දවසට මූණ දෙන්න.
වැදගත් වෙන්නේ මේ මොහොතේ ඔයා ජීවත් වීම. මේ මොහොත ගත කිරීම.
