ඔටිසම් දරුවන් වගේ වැඩුණු වැඩිහිටියෙක් රඟපාලා වීඩීයෝ දාන එකෙන් ඇත්තටම කරන්නේ ඔටිසම් ගැන සමාජය දැනුවත් කිරීමක් නෙමේ. මෙතන තියන core issue එක එයාලා අමතක කරනවා. ඒක තමයි එයාලා කතා කරන්නේ ” කාගේ හරි අම්මෙක් තාත්තෙක්ගේ දරුවෙක්” ගැන වීම.මෙන්න මේ කාරණය ලංකාවේ ඔටිසම් ගැන කතා කරන ගොඩක් අය මඟ හරින නොසලකා හරින කාරණයක්.
ඔටිසම් කියන්නේ Toys පේළියට තියන එකවත් වාචික සන්නිවේදනය අපහසු එකවත් නෙමේ. ඔටිසම් කියන්නේ මනුෂ්‍ය විවිධත්වයක්. කිසිම වෙලාවක කිසිම කෙනෙක්ට ඔටිසම් කියන විෂය හෝ ස්නායු විවිධත්වය සමාජයක් ඉස්සරහා Perform කරලා ඒවා Content විදියට පාවිච්චි කරන්න බෑ. ඒක සදාචාරාත්මක නෑ. එයාලා හානි කරන්නේ ඔටිසම් ප්‍රජාවගේ ගෞරවනීයත්වයට. ඒ වගේම වයසින් වැඩුනු neurotypical ගැහැනියක් ඔටිසම් දරුවන් වගේ රඟපාලා පෙන්වන එක කැතැයි. මම මේක තවත් පැහැදිලි කරන්නම්.
මම දැන් අවුරුදු 40 කට කිට්ටු උන වයසින් සහ ශාරීරිකව මැදි වයසක ඉන්න ගැහැනියක්. මම සමාජය දැනුවත් කරන්න කියලා තෝරගන්නවා Down syndrome විවිධත්වය. එතකොට මම මේ විවිධත්වය genetic condition එකක් සහ chromosome 21 ගැන පැහැදිලිව නොලියා ඒ වෙනුවට මම කරන්නේ පොදුවේ Down syndrome දරුවන්ගේ ලක්ෂණ කියලා සමාජයක් හිතන් ඉන්න කාරණා අරන් ඒ වගේ රඟ පාලා වීඩීයෝ එකක් කරලා දාන එක.මේක මවාගන්න පවා කැත හිතෙන දෙයක් නෙමේද? ඒ වීඩියෝ එක බලන Down syndrome විවිධත්වය සහිත දරුවන් ඉන්න දෙමව්පියන්ට මොන තරම් අප්‍රසන්නතාවක් ඇති වෙන්න පුලුවන් ද? ඒත් එක්කම ලංකාවේ ඉන්න Down syndrome තරුණ තරුණියන් සහ වැඩිහිටියන්ට මොන වගේ හැඟීමක් දැනෙන්න පුලුවන් ද? සංවේදී මාතෘකා අරන් අවධානය ගන්න හදන වැඩිහිටි ගැහැනු පිරිමින්ට ඇයි නොතේරෙන්නේ ඕනෑම විවිධත්වයක් එක්ක ගෞරවයෙන් ජීවත් වීමේ අයිතිවාසිකමක් හැම මනුස්සයෙක්ටම තියෙන්න ඕනේය කියන එක.
ඒත් එක්කම කරුණාකරලා ආයේ ආයේ කියන්නේ ඔටිසම් ගැන දැනුවත් කරන්න නම් ඒ ගැන නිවැරදි විදියට අධ්‍යනය කරන්න. තමන් යම් මනුශ්‍ය කොට්ඨාසයක විවිධත්වය අරගෙන ඒ ගැන කිසිම දැනුමක් නැතුව කතා කරන එකෙන් තමන්ට අවධානය ලැබුනට ඒකෙන් සිද්ධ වෙන හානිය ඉතාමත් බරපතළයි.
මීට වඩා මේ ගැන කතා කරන්න මම වෙලාව යොදවන්නේ නැහැ. ඔටිසම් කියන්නේ අවුරුදු හය හතෙන් අතුරුදන් වෙන විවිධත්වයක් නෙමේ. ජිවිත කාලය පුරාම ඔටිසම් විවිධත්වය එක්ක ඔටිසම් ප්‍රජාව ජීවත් වෙනවා. විශේශයෙන් යම් මනුශ්‍ය විවිධත්වයක් ගැන සමාජයක් ඉස්සරහා රඟපාලා පෙන්වන්න කලින් හිතන්න මම මේ කතා කරන්නේ තව අම්මෙක්ගේ තාත්තෙක්ගේ දරුවෙක් ගැන කියන එක.
