Ahmed Al Hashemi කියන්නේ ඔටිසම් අන්න්‍යතාවය සහිත දරුවෙක්. Ahamed පවුලේ දෙවනියා. කුඩා කාලයේදී Ahamed ගේ සන්නිවේදන අසීරුතා සහ Repetitive behavior ගැන සැළකිල්ලක් දක්වපු අම්මා වෛද්‍යවරයෙක් හමුවෙන්න ගියා. වෛද්‍යවරයා හඳුනාගත්තා මේ විවිධත්වය ඔටිසම් අන්න්‍යතාවය කියලා. එතකොට ඔහුගේ වයස මාස 13 යි.එදා සිට කාලයක් යන තුරා ඔහුගේ මව මුහුණ දුන් අභියෝග නිමක් නැහැ. විශේශයෙන් කිසිදු නර්සරි එකකට , මධ්‍යස්ථානයකට ඔහුව ඇතුලත් කර ගත්තේ නෑ. ඒ වගේම වාචික සන්නිවේදනය Ahmed ට යම් තාක් දුරකට අසීරු උනා. ඔහුගේ මව තමන්ගේ දරුවාගේ විවිධත්වය වටහා ගත්තා. ඒ විවිධත්වය විශේශයි කියලා තේරුම් ගත්තා. ඒ දැනුවත් කම නිසා “ඔටිසම්” අන්න්‍යතාවය දරුවාගෙන් ඉවත් කරන්න ලෝකය වටේ දරුවා කර පින්නාගෙන් දිව්වේ නෑ. ඒ වගෙම මොකක්ද දරුවාට ලබා දිය යුතු නිවැරිදි සහය කියලා වටහාගත්තා.

කුඩා Ahamed ට ඉතා හොදින් ඕනේම දෙයක් එක් වරක් ඇසූ විට මතකයේ තබා ගත හැකි බව ඇය දැක්කා. ඒ වගේම සංගීතයට තිබෙන විශේශ උනන්දුව පෙනී ගියා. ඉතිං අම්මා කුඩා Ahamed ට ගෙනල්ලා දුන්නා පියානෝ එකක්. එදා සිට Ahamed ගේ ලෝකයම වෙනස් උනා. ඔහු සන්නිවේදනය කරන්න පටන් ගත්තා පියානෝ එක හරහා. හැබැයි මේකත් පහසු ගමනක් උනේ නෑ. සංගීතය ඉගැන්වීමට සුදුසු ගුරුවරුන් සොයා ගැනීම ඉතා අසීරු උනා. ඒ වගේම ඉතා අධික වියදමක් Lessons වලට ගෙවන්න සිද්ධ උනා. නොයෙක් අභියෝග ,බාධක දස දහස් ගණන් පසු කරලා මේ අම්මා තම පුතුගේ සිහිනය කරා ඔහුව ඔසවා තිබ්බා.

අද වෙනකොට Ahamed Al Hashemi අඩු වයසින් සංගීතය පිළිබදව බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයකින් ගැනීමට හැකි උපරිම ඇකඩමික් සුදුසුකම ලබා අවසන්. මෑතකදී Dubai Metro Music Festival එකේ ඔහු ඔහුගේ දක්ශතවය ලෝකය එක්ක බෙදා ගත්තා.

Ahamed ගේ විශේශත්වය තමයි ඔහු ඔහුගේ අන්න්‍යතාවය ගැන ඉතා ආඩම්බරයෙන් කතා කරනවා. ඒ වගේම ඔහු ලෝකය දැනුවත් කරනවා “ඔටිසම්” කියන්නේ ආලෝකයෙන් අදුර කරා ගමන් ගන්නට හේතුවක් වන අන්න්‍යතාවයක් නෙමේ කියන එක. දරුවන් ලොකු උනාම ඔවුන්ගේ අන්න්‍යතාවය ලැජ්ජාවක් වෙයි කියලා හිතන ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ට Ahamed ගේ කතා වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.

Ahamed කියනවා සංගීතය තමයි එයාගෙ හඩ කියලා.ඒ වගේම එයාගේ මනස සන්සුන් වෙන තැනක් නිර්මාණය වෙනවා කියලා පියානෝ එක ලග ඉදගත්තම.

Ahamed ගේ ගමනේ කතා කරන්න අවශ්‍ය වැදගත් තැනක් තියනවා. ඒක තමයි Ahamed සංගීතයට කොහොමද කැමති වුනේ කියලා එයාගේ අම්මාගෙන් අහනකොට අම්ම දුන්න උත්තරය.

” Ahamed එක තැනක හිටපු දරුවෙක් නෙමේ. ඉතිං එයා ගේ පුරා දුවනකොට මම දවසක් එයාට ඇහෙන්න “Happy Birthday” තාලය පියානෝ එකේ Play කරා. මම හිතුවෙ නෑ Ahamed ඇහුම්කන් දුන්නා කියලාවත්. ඒත් ඊලග දවසේ එයා පියානෝ එක ලග ඉදගෙන ” HAPPY BIRTHDAY ” සිංදුව play කරා. අපිට හිතාගන්නවත් බැරි උනා.”

දැන් අවධානය ගන්න නම් අයි කන්ටැක් තියෙන්න ඕනේ සහ දරුවෙක් එක තැන පුටුවක ඉදගෙන ඉන්න

ඕනේ ය කියන අදහස අහෝසී වෙලා ගිහින් ඉවරයි.ලංකාවේ නව දැනුම අප්ඩේට් නොවීම මත දෙමාපියන්ට නිවැරිදි සහයක් ලැබෙන්නේ නෑ කොහොමද දරුවාව වටහාගන්නේ සහ ඒ අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද කියන එක. ඒ වගේම තමයි රේඩියෝ එක පවා දරුවාගෙන් ඈත් කරවන්න කියලා දරුවාට රසස්වාදය සම්පූර්ණයෙන් අහිමි කරන සමාජයක Ahamed ලා බිහි වෙනවා නම් ඒ දෙමාපියන් දරුවා වටහා ගැනීම සහ අන්න්‍යතාවය පිළිගැනීම මත විතරයි..

ඉතිං එන්න… Ahamed ලාගෙන් අහන්න ” ඔබට ඔබගේ අන්න්‍යතාවය ලැජ්ජාවක්ද” කියලා.