“Joint Attention” කියන්නේ මොකක්ද?

 බලහත්කාරකමින් දරුවාගේ අවධානය ලබා ගැනීමවත් දරුවාට කිසිම කැමැත්තක් නැති Play බලහත්කාරකමින් පුහුණු කිරීමවත් නෙමේ. ලංකාවේ පවතින සාම්ප්‍රදායික පැරණි තෙරපි ක්‍රමවේදය ඇතුළේ කෙරෙන්නේ ඔටිසම් දරුවන්ට ඔටිසම් නොවෙන දරුවන්ගේ play, හැසිරීම් බලහත්කාරකමින් පුහුණු කරන එක. ඒ හරහා බලාපොරොතු වෙනවා ඔටිසම් දරුවන් Fix කරන්න ඔටිසම් නොවන දරුවන් විදියට.මේක විද්‍යාත්මකව කරන්න බැරි දෙයක් වගේම මේක සම්පූර්ණයෙන්ම ඔටිසම් දරුවන්ගේ ස්වාභාවික සංවර්ධනයට පටහැනී. මේ හරහා Joint Attention සංවර්ධනය වෙන්නේ නෑ. develop වෙන්නේ දරුවාගේ Anxiety සහ වැඩිහිටියන්ට තියන බය.

දරුවා කැමතිම Toy එකක් අත්පත් කරන් තමන් කියන දේ ඒ විදියට කරනකල් Toy එක නොදී තබාගෙන ඉන්න එකෙනුත් Joint Attention එක සංවර්ධනය වෙන්නේ නෑ. ඒ හරහා කරන්නේ දරුවාව පීඩාවට පත් කිරීම.

Joint Attention එක කියන්නේ දරුවා තව කෙනෙක් එක්ක එක දේකට තමන්ගේ අවධානය බෙදාගැනීම. උදාහරණ විදියට අම්මා සහ දරුවා එක Toy එකක් දිහා බලන් ඉන්න එක, Play කිරීම, අහසේ පියඹන කුරුල්ලෙක්ට Point කරාම දෙන්නම ඒ දිහා බලන එක වගේ දේවල්.

දැන් අපි තේරුම් ගන්න ඕනේ ඔටිසම් දරුවන්ගේ ස්නායු හැඩය වෙනස්. එතකොට ඔටිසම් දරුවන්ගේ මේ Joint Attention හැඩය වෙනස් වෙන්න හෝ යම් කාලයක් ගිහින් සංවර්ධනය වෙන්න පුළුවන් කියන එක.උදාහරණයක් විදියට අයි කන්ටැක් එක නොදී අංග චලන හෝ ශබ්ද හරහා දරුවා අනෙකාට ප්‍රතිචාර දක්වන්න පුළුවන්.ඒක වැරැද්දක් නෙමේ. හැම දේම සාම්ප්‍රදායික අච්චුවක් ඇතුලේම සිද්ධ වෙන අවශ්‍ය නැහැ. කෙනෙක් කියනවා නම් මෙන්න මේ Joint attention එක බලහත්කාරකමින් පුහුණු කරන්න ඕනේය සහ එහෙම නැත්තන් දරුවා එක්ක එකට වැඩ කරන්න අපහසුයි කියලා ඒ වගේ පුද්ගලයින්ගෙන් දරුවාව ඈත් කරන්න.අප්ඩේට් නොවුනු දැනුම හරහා දරුවාට හානියක් වෙන්න පුළුවන් නිසා.

දැන් joint attention ගැන තිබුණු පැරණි වැරදි අදහස වුනේ

  1. ඔටිසම් දරුවන්ට ඔටිසම් නොවෙන දරුවන්ට වගේ point කරන්න, Eye contact දෙන්න පුහුණු කරන්න
  2. ඒ හැසිරීම පුහුණු කරන්න චොකලට් හෝ දරුවා කැමති කෑම අල්ලස් විදියට ලබා දීම
  3. දරුවා ඔටිසම් නොවෙන දරුවෙක් විදියට හැසිරෙන්නේ නැති එක වරදක් සහ එය Fix කරන්න ඕනෙය කියන අදහස.

 1960 වැරදි අදහස් 2000 වසර වෙනකොට වෙනස් වුනත් අදටත් ආසියානු රටවල් වල ඒවා යම් හේතුවකට වෙනස් වුනේ ඉතා අවමව. ඒකට හේතුව බහුතරයක් දෙමව්පියන්ට තමන්ගේ දරුවාගේ ස්වාහාවික හැඩය වෙනස් කරන්න තියන ඕනේකම සහ තෙරපිවරුන්, වෛද්‍යවරුන් අප්ඩේට් නොවීම නිසා.

නව දැනුම මත Joint Attention ගැන තියන අදහස තමයි ඔටිසම් පුද්ගලයින්/දරුවන් අනෙකන් සමඟ සම්බන්ධ වීමේදී එය සාම්ප්‍රදායික හැඩයකට වඩා වෙනස් විය හැක සහ එය ඔවුන්ගේ ගැටළුවක් හෝ සමාජය ගැන උනන්දුවක් නැති බවක් අදහස් වෙන්නේ නැත කියන එක.

අපි කොහොමද neurodiversity-affirming Approach එක හරහා දරුවෙක්ගේ Joint Attention එකට සහය දෙන්නේ ?  

එමලි දැන් වගේ ඉස්සර මට කිසිම අවධානයක්,එකතු වෙලා Play කරන්න හෝ මම දෙයක් Point කරාම ඒ දිහා බලන්න උනන්දු උනේ නෑ.මම කිසිම වෙලාවක බලහත්කාරකමින් ඒවා පුහුණු කරන්න ගියේ නෑ. එකක් ඒක දරුවට පීඩාවක්, ඒක දරුවගේ ස්වාභාවික සංවර්ධනය නෙමේ සහ අපිට එහෙම බලෙන් මේ වගේ දේවල් පුහුණු කරවන්න බැහැ.

ඉතිං අපි මුලින්ම පටන් ගත්තේ Parallel play වලින්. එමලි එයාගේ Play එකක් කරනකොට මම ඒ ලඟින් බාධාවක් නොවෙන්න ඉන්න එක. එතකොට එමලිගේ Play එයා කැමති විදියට කරා.ඒක වෙනස් කරන්න හෝ ඒකට බාධාවක් කරන්න මම ගියේ නෑ.උදාහරණයක් විදියට වැලි ගොඩට වෙලා වැලි අල්ලන එක.එතකොට මම කරේ ටිකක් එහාට වෙන්න ඉඳගෙන එමලිට බාධාවක් නොවෙන්න මාත් වැලි අල්ලපු එක.අපි දෙන්නා නිහඩව එකම paly එක හරහා සම්බන්ධ උනා. මේ Parallel play වලින් අපි දරුවට ඒත්තු ගන්වනවා අම්මා ඔයාගේ Play එකට බාධාවක් කරන්නේ නෑ කියන එක. ඒකෙන් මුලින්ම දරුවාට අම්මා ළඟ ආරක්ෂිත හැඟීමක් ඇති වෙනවා.

මෙහෙම කාලයක් ගිහින් හරිම හෙමින් මම එමලිගේ Play වලට සම්බන්ධ වෙන්න ගත්තා.වතුර එක්ක Play කරනකොට මමත් ඒකට සපෝට් කරන්න ගත්තා. මේ විදියට තමයි එමලිගේ විස්වාසය දිනාගෙන එයාට බාධා නොකර මම එයාගේ Play වලට එකතු වුනේ. එතනින් එහාට එමලි එයාගේ හැම Play එකටම මාව එකතු කරගන්න පටන් ගත්තා. Eye contact වලට බල නොකර දරුවාගේ හැඩයට ගරු කරලා Joint Attention සංවර්ධනය කරගන්න සහය දෙන්නේ එහෙමයි.

* දරුවා අවධානය දෙන තැන සහ එයාගේ Play එකට ඔයා අවධානය දෙනවා මිසක් වැඩිහිටියන් හදන දරුවාට කිසිම කැමැත්තක් නැති Play එකකට දරුවාගේ අවධානය බලෙන් ගන්න උත්සාහ කරන්න එපා. 

* Point කරන්න දරුවාගෙන් ඒක නැවත බලාපොරොතු නොවී. දරුවාට බල කරන්න එපා ඒක කොපි කරලා කරන්න කියලා. දරුවාට ඒක අසීරු වෙන්න පුළුවන් වගේම ඒක ස්වාහාවික නැහැ. ඒක හරියට ඔයාලා රොබෝ කෙනෙක් නිර්මාණය කරනවා හා සමානයි.

දැන් එමලි මම පෙන්නන ඕනේම දෙයක් දිහා බලනවා. මම සමණලයෙක් පියාඹනවා පෙන්නුවොත් අර බලන්න කියලා එමලි ක්ෂණිකවම බලනවා. ඒකත් Joint Attention එක තමයි. මේ සංවර්ධනය දරුවෙක්ගේ ඇති වෙන්න ගත වෙන කාලය ස්වාභාවිකව එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්.ඒ නිසා මගේ බබාට වයස මෙච්චරයි තාම Point කරන්නේ නෑ ඒක හදාගන්න ඕනේ කියලා වද වෙන්න එපා. දරුවට බලහත්කාරකමින් උගන්වන්න හදන්න එපා.

* දරුවාගේ Sensory Routines පාවිච්චි කරන්න.

දරුවා මඩ,පාට, වැලි, වතුර එක්ක එයා කැමති Play කරනවා නං අන්න ඒවා අවස්ථාවන් කරන් දරුවා එක්ක සම්බන්ධ වෙන්න.උදාහරණයක් විදියට දරුවා කරන්නේ අතට දෙන හැම Toy එකක්ම විසික් කරලා විනෝදයක් ලබන එක නං ඒක දරුවගේ Play එකක්.එහෙනං ඔයා කරන්න ඕනේ දරුවට එහෙම විසික් කරන්න පුළුවන් දේවල් දෙන එක. මම එමලි එක්ක Water baloons හදලා එළියට ගිහින් එමලි එක්ක බැලුන් එකින් එක ඒවල පාට කිය කිය විසික් කරනවා පිපිරෙන්න. එතකොට ඒ බැලූන් පිපිරිලා වතුර විසික් වෙනකොට එමලිට ඒක හරි විනෝදයක් උනා. මම එමලි එක්ක එකට එකතු වෙලා Play කරා වගේම පාට ,අංකත් හඳුන්වා දෙන්න ඒ අවස්ථාව පාවිච්චි කරා.

දරුවෙක් මඩ අනනවා නං අම්මටත් පුළුවන් දරුවා පැත්තකින් ඉදන් මඩ අනන්න. ඒ අතරේ ඔයාට පුළුවන් ” මේ මඩ දුඹුරු පාටයි/ සීතලයි/ තෙතයි වගේ වචන වාක්‍ය කියලා දරුවාට අලුත් වචන, Emotions හඳුන්වා දෙන්න. ඒ වගේම ඔයාට පුළුවන් මේ බලන්න මගේ අත් දෙකෙත් මඩ කියලා පෙන්නන්න.දරුවා ඔයාගේ අත් දෙක දිහා බලන එකත් Joint Attention සංවර්ධනය වීමක්.

දරුවා තත්පර කීපයකට ඔයා දිහා බැලුවා නං, ඔයාට දෙයක් ගෙනල්ලා දුන්නා නං, ඔයාගේ ක්‍රියාවන් හෝ වචන,ශබ්ධ රිපීට් කරා නං, ඔයා එනකල් Play එක හෝ දෙයක් කරන්න බලන් හිටියා නං Play කරන ගමන් ඔයාගේ අත හෝ ස්පර්ශ කරා නං අන්න ඒ හැම දේම joint attention තමයි. ඒ නිසා Joint Attention කියන්නේ දරුවා ඇස් දෙක දිහා බලන එක හෝ ඔටිසම් නොවන දරුවන් විදියට Play කරන එකවත් නෙමේ. ඒ නිසා බලහත්කාරකමින් දරුවට එයාගේ නොවන හැඩයන් පුහුණු කරන්න යන්න එපා. මිනිස්සු ඒවා කරන්නේ ප්‍රදර්ශනයට තියන බල්ලන්‍ට තමයි. ඔය Dog show වල ලොකු රවුම් මැදින් පනින්න, කකුල් දෙකෙන් උඩ පැන පැන යන්න බල්ලො පුහුණු කරන්නේ ඒ සත්තුන්ට එක එක treat දීලා. ඒ සත්තු ඒ දේවල් කරන්නේ පුහුණු කරපු නිසා මිසක් ස්වාභාවික හැසිරීම් විදියට නෙමේ. ඉතිං අන්න ඒ ක්‍රමවේදයන් දරුවන්ට පාවිච්චි කරන්න එපා.

  • දරුවා යමක් කරන්න ගන්න කාලයට ගෞරව කරන්න.බාධා කරන්න හෝ ඉක්මන් කරන්න යන්න එපා.
  • අයි කන්ටැක් වලට, කොපි කරන්න , ” මගේ දිහා බලන්න” කියලා බල කරන්න එපා.
  • ඔයා දරුවා සමඟ එකම අවකාශයක් බෙදා ගැනීම ප්‍රමාණවත්.ඒ හරහා හෙමින් සහ පීඩාවක් නොදැනෙන්න දරුවා සමඟ සම්බන්ධතාවය ගොඩනගා ගන්න.