පසුබිම් කතාව:

අපේ පුතා චනූ වයස අවු 8, ඔටිසම් සහ ADHD , minimally speaking. 

ඔහුගේ අකුරු ලිවීමේ හැකියාව ගැන විස්තරයක් පහතින්.

චනූට Autism regression තත්වය ආරම්භ වූයේ අවුරුදු 1 හමාරෙ සිට. ඔහුට අවු දෙකක් විතර වෙනකම් අක්කා ලියන හැටි දැකල ගෙදර බිම, මේසවල් වල, පුටු වල, පොත් වල එයාටම හිතිල බලි කුරුටු, බෝල, රවුම් ඇන්ද කෙනෙක්. පසු කලෙක ඒක සම්පූර්ණයෙන් නැවතුනා. පෑනක්, පැන්සලක්, පාට කූරක් කියන්නෙ මොකක්ද, ඒකෙන් වෙන්නෙ මොකක්ද, ඒකෙන් ඉරි අදින්න පුළුවන් ද කියලවත් නොදන්න ගානට පුතා පත්වුනා. අපි ඒ ගැන එච්චර උනන්දුවක් දැක්වූයෙ නෑ. කොහොමත් දරුවා පාසැල් යන වයස වෙන තුරු අකුරු කියල දෙන්න යන්නෙ නෑ කියන පුද්ගලික මතයෙ මම හිටිය නිසා අත් අකුරු ගැන මම අවධානය ඇති කර ගත්තෙ නැති තරම්. චනූට අවුරුදු 7 ක් වෙනකොට අපි හිතුවා දැන් ඊට සුදුසු කාලය කියල. ඔහුට පෑනක් පැන්සලක් අතින් ලස්සනට අල්ලන්න පුළුවන් කමක් තිබ්බා. ඒක නිසා pencil grip එක ගැන මම සතුටින් හිටියෙ. පුතාගෙ සෙල්ලම් ගොඩක් තිබ්බෙ පුන්චි පුන්චි items එක්ක. ගල් කැට, වැලි, හාල්, පරිප්පු, පබළු වගේ ඉතා කුඩා items අතේ ඇගිලි වලින් චලනය කිරීම ඔහුගේ විනෝදාංශය වුනා. වඩා නිවරැදිව කිව්වොත් එය ඔහුගේ මනස සන්සුන් කරන stimming එක වුනා. ඒක නිසා දරුවගෙ fine motor skills ගැන මම තවත් සතුටින් හිටියෙ.

ඔන්න අපි අවුරුදු 7 වෙනකොට cardboard stencils කපල ඉරි අදින්න, රැලි අදින්න, රවුම් අදින්න, හිස් ඉඩක නිදහසේ පාට කරන්න , තිරස්, සිරස් පෘශ්ඨ වල නිදහසේ දේවල අදින්න ආරම්භ කලා. ඒ සදහා ඔහුට වෙලදපොලේ ඇති විවිධ ලිපි ද්‍රව්‍ය , පෑන් , පැන්සල්, වර්ණක ගෙනත් දුන්නා. අවුරුද්දක් අවසාන වනවිට අපි ලබාගත්ත මට්ටම තමයි පහළින් තියෙන්නෙ.

ඉරක් අදින්න පුළුවන්, රවුමක් අදින්න පුලුවන්. තිත් ඉරි මත එක දිගට නොකැඩී ඇති ඉරි හෝ කවාකාර හැඩ අදින්න පුළුවන්. උදාහරණ විදිහට C, U, O, S අකුරු තිත් ඉරි මත පුලුවන්. L, M, N, V, W , Z යන අකුරු වල තියෙන තියුණු හැරවුම් ඇති ස්ථාන වල හැරවුම් ලක්ෂය කවාකාර වෙනවා. ඉතුරු අකුරු කිසිවක් තිත් ඉරි මතවත් අදින්න අපහසුයි, බැරි නෑ, නමුත් අපහසුයි

ලියන එක ඔහුට fun නෑ, ඒත් විරෝධයකුත් නෑ. කෙලින් ඉරක් හෝ කවාකාර ඉරක් වේගෙන් අදිනකොට ඔහුගේම අතින් ඇතිවන චලනය ඔහුට තරමක් සතුට ගෙන දුන්නා

පාට කිරීම වුනත් ඔහුට සතුටක් ගෙන දෙන පාටක් නැ. ඒක නිසා අම්මා පාට කරන්න දුන්නු නිසා යන්තම් පාට කරල දානව වගේ තමයි චනූ ඉන්නෙ.

පුතාට කවදක්වත් අකුරු ලියන්න කියල බාහිරින් පීඩාවක් ඇවිල්ල නෑ කියල 100% අපිට ශුවර්. ඒක නිසා ඔහුගේ මනසට අකුරු ලිවීම හෝ පාට කිරීම කියන දේ අමිහිරි මතකයක් ගෙන එන්නෙ නෑ.

 එහෙනම් ඇයි ඔහු මේ වැඩේට ආස ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ වගේ ඉන්නෙ ?

ඔහුට මේක ශාරීරිකව අපහසු වැඩක්ද ?

මානසිකව අපහසු වැඩක් ද?

නැත්නම් ඔහුගේ ස්නායු විවිධත්වය නිසා කොහේ හෝ තැනක හෝ තැන් වල අභියෝග නිසා සිදුවන දෙයක් ද ?

කොහොමද මම අකුරු ලියන එක, පාට කරන එක දරුවාට ආස වෙන දෙයක් බවට පත් කරන්නෙ ?

දරුවාට ඒත් අත් අකුරු ලිවීම අභියෝගයක් නම් මම මොකක්ද ඊලගට කරන්නෙ ?

මෙන්න මේ ප්‍රශ්න වලට මම පිළිතුරු හොයන්න පටන් ගත්තා. අත් අකුරු ලිවීම කියන දේ neurotypical දරුවන්ටත්, neurodivergent දරුවන්ටත් අභියෝගයක් වෙන්නෙ කුමන ආකාර වලින් ද කියල මම මාස 6ක් විතර study කරා. ඒ අවසානයේ දී මගේ පුතාට අත් අකුරු ලිවීම අභියෝගයක් වෙන හේතු ගනනාවක් මට තේරුම් ගන්න පුලුවන් වුනා. ඒ වටහා ගැනීම පුදුමාකාර සැනසීමක් වුනා. එයා දැනට අදින් ‘ඉර’ වුනත් කොච්චර ලොකු හපන්කමක්ද කිය්ල මට තේරුම් ගියා.

එහෙම ඉගෙන ගත්ත දේවල් වලින් වැදගත් කරුණු කීපයක් මම වෙලාව ලැබෙන හැටියට පැහැදිලි කරන්නම්. අත් අකුරු ලිවීම අභියෝගයක් වෙන දරුවෙක් සිටීනම් වැදගත් වේවි.

මේක කොහෙන් පටන් ගන්නද කියල හිතා ගන්න අමාරුයි.

අපි hand-writing pyramid එකෙන් පටන් ගමු. මේක නිර්මාණය කරල තියෙන්නෙ neurotypical දරුවන් අත් අකුරු ලිවීම කොයිතරම් පදනම් කුසලතා මත ගොඩ නැගෙනවද කියල පෙන්වා දීමට. autism, adhd, dyspraxia, dysgraphia, SPD වගේ තත්වයන් ඇති දරුවන්ට මේ පදනම් කුසලතා කියන්නෙත් අභියෝගයක් නම් ???

අපේ රටේ පෙර පාසල් සහ පාසැල් ගුරුවරු Pyramid of hand-writing for neurodivergent kids කියන දේ ගැන නම් දැනුවත් විය යුතුමයි. එහෙම වුනොත් බලෙන් දරුවන්ට අකුරු ලියවන්න යන්නෙ නෑ, අත අල්ලල අකුරු ලියවන්න යන්නෙ නෑ, අකුරු ලියන්න බෑ කියන ඒක දරුවගේ සාක්ෂරතාව සමග , බුද්ධි මට්ටම සමග ගලපන්න යන්නෙ නෑ.

Neurodivergent දරුවෙක්ට අත් අකුරු අභියෝගයක් නම් ඊට හේතුව හොයල ඒ හේතු වලට අපට කල හැකි දේ කුමක්දැයි සොයමු.

ඒත් අභියෝගය දිගටම පවතී නම්, අතින් ලිවීම වෙනුවට විකල්ප ක්‍රම වලට යොමු වෙමු (computer typing වගේ)

පහත පින්තූරයේ ඇත්තෙ general pyramid for hand-writing . මම මේක neurodivergent දරුවන්ට වෙනස් වෙන ආකාරය සින්හලෙන් වීඩියෝ එකකින් පැහැදිලි කරල upload කරන්නම්.

✍️ Nayana Hewage

 

මුල් සබැඳිය : Handwriting : අත් අකුරු ලිවීම