Neurodivergent affirming therapy හරහා ඔටිසම් දරුවන්ගේ Strength සහ needs හදුනාගෙන දරුවාට අවශ්‍ය සහය ලබා දෙයි. මෙතන බලහත්කාරය හෝ පීඩාව නැහැ. කොටින්ම කියනවා නම් දරුවන්ගේ අකමැත්තෙන් ඇක්ටිවිටීස් කරවන්නේ නෑ. සංවේදන සමබර කරගන්න දරුවට සහය දෙනවා මිසක් stimming බලෙන් නතර කරන්නේ නැහැ. Play-based therapy ගැන කතා කරන්කොට අපිට හම්බෙනවා Dr Robert jason කියන චරිතයක්. එයාගේ ඇකඩමික් සුදුසුකම් තමයි
* Licensed Professional Counselor
* National Certified Counselor
* Registered Play Therapist Supervisor
* Consultant, Trainer, and Neurodiversity Advocate
එතකොට Doctor Robert ආරම්භ කළා Lets AutPlay කියලා Neurodivergent affirming framework එකක්.ඒ හරහා එයා ලබා දෙන්නේ කොහොමද play හරහා Autism දරුවන්ට තෙරපි සහය ලබා දෙන්නේ කියලා.
ඔහු ලියපු පොත් අතර පොතක් තියනවා Play – Based intervention for autism spectrum disorder කියලා. ඒකේ ඔටිසම් දරුවන්ගේ Self regulations සිට Social skills/Speech යනාදී මේ හැම පැත්තකටම සහය දෙන්න ඕනේ කොහොමද කියලා ලියලා තියනවා. මේ පොත තෙරපිවරුන් සහ දෙමාපියන් ,ගුරුවරුන් සහ Neurodivergent දරුවන් වටහා ගන්න ,සහය දෙන්න අවශ්‍ය පිරිස ඉලක්ක කරගෙන ලියපු පොතක්.
Dr. Robert පොතේ ආරම්භයේදී මෙහෙම කියනවා.
“Play -Based treatments හරහා ඔටිසම් දරුවන්ට අවශ්‍ය Skills පුහුණු කිරීම තමයි අපේ බලාපොරොත්තුව. Mental health therapy ,speech therapy ,occupational therapy ,behavior therapy සහය සහ අධ්‍යාපනය ද ඔටිසම් දරුවන්ට play based Activities ක්‍රම මත ලබා දිය යුතුයි”
මුලින්ම අපි කතා කරමු Emotions regulations ගැන.
Emotions regulate කරගන්නවා කියන්නේ හැඟීම් දරාගැනීම. අපි දන්නවා Neurodivergent දරුවන්ට තියන එක අසීරූතාවයක් තමයි එයාලට දැනෙන හැඟීම් තෝරා බේරා ගන්න තියන අපහසුතාවය සහ ඒවා දරාගන්න තියන අපහසුතාවය. එතකොට ප්‍රධානම වශයෙන් දරුවෙක්ට ලබා දෙන්න ඕනේ සහය තමයි කොහොමද එයාගේ හැඟීම් දරාගන්නේ සහ පාලනය කරගන්නේ කියලා. එහෙම නැති උනොත් දරුවා එයාගේ අනාගතයේ කොයිතරම් සාර්ථක උනත් එයාට ජීවිතය ස්වාධීනව ජීවත් වීමට විශාල බාධාවක් බවට මේ Emotions දරාගැනීමට නොහැකිවීම හේතුවක් වෙන්න පුළුවන්.
කුඩා දරුවන්ට අපිට පුළුවන් Visuals හරහා හැඟීම් ගැන කියලා දෙන්න.Emotions board හදන්න පුළුවන්.දුක,සතුට,බඩගින්න,තරහා,කම්මැලිකම,වේදනාව වගේ Emotions හඳුන්වා දෙන්න පුළුවන් visuals හරහා.එතකොට ක්‍රමක් ක්‍රමයෙන් අපිට දරුවාට මේ හැඟීම් පාලනය කරගන්න උදව් කරන්න පුළුවන් එක මෙතඩ් එකක් තෝර ගෙන.
උදාහරණයක් විදියටThe Accountant කියලා movie එක ගැන ටිකක් කතා කරමු. ඒකේ තියන වැදගත් ඉස්මතු කිරීම තමයි ඔටිසම් දරුවන් තරුණ තරුණියන් උනාමත් එයාලගේ Routines අනුව ජීවත් වීම. එදිනෙදා දවස එකම විදියට එකම Pattern වලට routine අනුව ගෙවන එක. ඒ වගේම තමන්ට දැන්න හැඟීම් දරාගන්න නොයෙක් උපක්‍රම පාවිච්චි කිරීම. මේකේ ප්‍රධාන නළුවා ඔටිසම් පුද්ගලයෙක්. කුඩා කාලයේ ඉදන්ම එයාගේ තාත්තා එයාට දුක, තරහා, වේදනාව, මනසේ කළබලකාරී ගතිය දරාගන්න පාවිච්චි කරන්නේ Poem එකක්. ඒක තමයි
Solomon Grundy,
Born on a Monday,
Christened on Tuesday,
Married on Wednesday,
Took ill on Thursday,
Grew worse on Friday,
Died on Saturday,
Buried on Sunday,
That was the end,
Of Solomon Grundy.
මේ තරුණයා ජීවිතයේ නොයෙක් අවස්ථාවල එයාට දැනෙන හැඟීම් පාලනය කරගන්න අපහසු උනාම මේ Poem එක දෙතුන් පාරක් මුමුණනවා. ඒ හරහා එයා සන්සුන් වෙනවා. එතකොට අපිට දරුවන් ලොකු වෙනකොට එයාලට නොයෙක් විනෝදාංශ , ක්‍රියාකාරකම් හරහා මනස සන්සුන් කරගන්න කියලා දෙන්න පුළුවන්. ඒ වගේම කුඩා කාලයේදී මනස සනසුන් කරගන්න සරළ ක්‍රියාකාරකම් සහ Method උගන්වන්න පුලුවන්.
Dysregulate
දරුවන් Dysregulate වීම ඒ කියන්නේ Emotions දරාගැනීමට නොහැකි වීමේ ලක්ශණ එයාලගේ හැසිරීමෙන් පෙන්නුම් කරනවා . නියපොතු කෑම, ඉදිරියට හා පිටුපසට පැද්දීම, නිවස පුරා ඇවිදීම, යම් වස්තූන් සැපීම, නොයෙක් ශබ්ධ නැගීම, වෙනදා කැමැත්තක් දැක්වූ play වලට කිසිදු උනන්දුවක් නොදැක්වීම,තරහා යෑම යනාදී හැසිරීම් වලින් අපිට හඳුනා ගන්න පුළුවන් දරුවන් dysregulated වෙලා කියලා. මේ තත්ත්වය දරුවන්ට දැනෙන්නේ කොහොමද කියලා සරළ උදාහරණයක් එක්ක පැහැදිලි කරගමු.
අපි කොහේ හරි ගමනක් යනවා. දැන් අතරමගදී අපිට කල්පනා වෙනවා ඇදුම් අයන් කරලා අයන් ඒක ඕෆ් කරාද නැද්ද කියලා. ආපහු හැරිලා ගෙදර යන්නත් බෑ.ඕකම අපේ ඔලුවේ නිරන්තරයෙන් අනියත බයක් වගේ කල්පනාවට එනවා. ගමන ගියත් එතන කිසිම දේකට අවධානය දෙන්න බැහැ. හේතුව අපේ මනස සන්සුන් නැහැ. හැම තත්පරේම ඔලුවට එන්නේ අයන් එක ඕෆ් කරාද නැද්ද කියලා. ගෙදරට ඇවිල්ලා හරියට තහවුරු කරගන්න කල් අපි ඉන්නේ ඉතා නොවිසිලිමත් කළබලකාරී මනසකින්. ඔන්න ඔය වගේ නොයෙක් හේතූන් මත ඔටිසම් දරුවන්ගේ මනස කළබලකාරී වෙන්න පුලුවන් . ඒ වගේ වෙලාවට කිසිම දේකට අවධානයක් දෙන්න බෑ. මේ කළබලකාරීත්වයට තමයි Dysregulate කියලා කියන්නේ. ඉතිං මේ ගැන දැනුවත් නැති කම නිසා ගොඩක් වෙලාවට ඇක්ටිවිටීස් හෝ තෙරපි බලෙන් කරන්න ගියාම දරුවන්ට තවත් අමතර පීඩාවන් එකතු වෙනවා. Dysregulated දරුවෙක්ට කිසිම දෙයක් එයාගේ මනසට දාගන්න බැහැ. ඉතිං අපි දරුවන්ට උගන්වන්න ඕනේ එයාලට හැඟීම් පාලනය කරගන්න සහ මනස සන්සුන් කරගැනීමේ ක්‍රම.
මේ පොතේ කොටස් 6 කට Emotions regulations බෙදලා තියනවා .
1) හැඟීම් හඳුනා ගැනීම
දරුවාට හඳුනාගත හැකි හැඟීම් මොනවාද කියා බැලීම සහ දරුවාගේ වයස සහ හැකියාවට අදාළව නොයෙක් හැඟීම් හඳුන්වා දීම. Emotions board එකක් හදලා ඒ හරහා හැඟීම් හඳුන්වා දෙන්න අපිට පුළුවන්.Google එකෙන් එක එක Emotions මූණූ වල images ප්‍රින්ට් අවුට් අරන් ඒවා පොතක අලවලා ඒ අදාළ මූණට හරියන හැඟීම මූනේ ඉරියව් වලින් රඟ පාලා බබාට පෙන්නලා දීමත් සාර්ථක ක්‍රමයක්.
2) හැඟීම් හඳුනාගෙන ඒ අදාළ හැඟීම පිටතට පෙන්වීමේ හැකියාව
3) අවස්ථාවන්ට අදළව හැඟීම් පෙන්වීම ( උදාහරණයක් ලෙස Funeral එකකදී දැක්විය යුතු හැඟීම් සහ උත්සව අවස්ථාවකදී දැක්විය යුතු හැඟීම්)
4) අනෙකන්ගේ හැඟීම් දරුවා විසින් හඳුනා ගැනීම
5) තමන්ගේ හැඟීම් බෙදාගැනීම
6) හැඟීම් දරාගැනීම
දැන් ඔබට පුළුවන් ඔබේ දරුවාට සහය අවශ්‍ය මේ කොටස් 6 කුමන කොටසකටද කියලා හඳුනාගන්න.
1 රූප සටහන
මේ වගේ Emotions කාර්ඩ් හෝ Stips හදාගන්න.මේකෙන් එක එක Games play කරන්න පුළුවන්.කුඩා දරුවන්ට නම් මම කලින් කිව්වා වගේ Emotions මුහුනු හඳුන්වා දෙන්න.Verbal සහ මේ Game එක වටහා ගන්න පුළුවන් වයසේ ඉන්න අයට මේ කාර්ඩ්ස් තෝරාගෙන ඒවල තියන Emotions හඳුන්වා දෙන්න හෝ මුහුනෙන් ප්‍රකාශ කර සිටින්න පුළුවන්
2 රූප සටහන
මේක Feeling ball එකක්.මේකේ Neurodivergent දරුවා සහ මව/පියා හෝ තෙරපිවරයා එකතු වී නොයෙක් Emotions ලියනවා.ඊට පස්සේ මේ බෝලේ එකිනෙකාට පාස් කරනවා.බෝලය අල්ලා ගත්තාට පසු දකුණු අතේ මහපට ඇඟිල්ල ලඟ තියන Emotion එක ගැන කතා කරනවා.හිතන්න එතන තිබ්බා කියලා දුක කියලා ලියලා.එතකොට අහන්න පුළුවන් ඔයාට දුක දැනුනු අවස්ථා මොනවද? ඒ අවස්ථා වල ඔයා මොනවද ඒ හැඟීම පාලනය කරගන්න කරේ වගේ ඒවා.
3 රූප සටහන
තෙරපිවරයාට හෝ දෙමාපියන්ට පුළුවන් ඕනෑම හැඟීමක් පේන පරිදි තමන්ගේ මුහුනේ ඉරියව් හදන්න.එතකොට ඒක හඳුනාගෙන දරුවා මේ වගේ ඒ හැඟීම පේන මුහුණ කොළ වලින් කපලා අලවනවා.දරුවාට ඒ හැඟීම තෝරගන්න අපහසු උනොත් ඔක්කොමල්ලා උදව් කරලා එකට එකතු වෙලා මුහුණ කොළ කපලා අලවලා හදනවා.
4 රූප සටහන
Emotions මුහුණු අලවපු කුඩා බෝල අරගෙන මේ වගේ බකට් එකකට දාන්න.එතකොට දරුවා ඒකෙන් එක බෝලයක් තෝරගෙන ඒ බෝලයේ සඳහන් Emotion එක හඳුන්වා දෙනවා.ඊඟට තෙරපිවරයා හෝ මව/පියා ඒ දේම කරනවා.මේ හැම එකක්ම එකතු වෙලා කරන Fun games වල හැඩයෙන් තියෙන්නෙ.
5 වෙනි රූප සටහන
මේක Emotions Spinner එකක්.මේක හදාගන්න පහසුයි.මේකේ එක එක Emotions එකතු කරන්න.ඊට පස්සේ කරකවන්න.නියමිත තැනට ආව Emotion එක රඟ පාලා පෙන්වන්න ඕනේ.
6 වෙනි රූප සටහන
මේ වගේ හැඩතලයක් අරන් හතරට කපාගෙන එක පැත්තක එක හැඟීමක් ගැන ලියනවා.ඊට පස්සේ ඒක දැනුන අවස්ථාව ලියනවා.ඊට පස්සේ ඉතිරි කොටස් තුනේ ලියනවා ඒ හැඟීම දරාගන්න අවශ්‍ය වෙන අනික් හැඟීම්.උදාහරණයක් විදියට දුක දැනුන අවස්ථාවක අපි ඒ හැඟීමෙන් මාරු වෙන්න ඕනේ එහෙම නැත්තන් ඒ දුක දරාගන්න, ආදරය, සන්සුන්කම, සතුට වගේ අවශ්‍ය වෙන හැඟීම් තුනක් අර කොටස් තුනේ ලියනවා
7 රූප සටහන
පාසල සහ නිවසේ චිත්‍ර දෙකක් ඇදලා ඒ පරිසරයන් දෙකේ දැනෙන වෙනස් හැඟීම් ලියනවා..එතකොට Negative හැඟීම් මොනවා හරි දරුවා ලිව්වොත් ඒ ඇයි සහ ඒ හැඟීම දරාගන්නේ කොහොමද කියලා මව/පියා/තෙරපිවරයා කතා බහ කරනවා.
8 රූප සටහන
දරුවාට Emotions මුහුණු දෙකක් අදින්න දීලා ඊට යටින් ඒ ඇයි එහෙම දැනෙන අවස්ථා කියලා ලියන්න හෝ වාචිකව කියන්න දෙන්න.
9 රූප සටහන
තරහා සහ සන්සුන් Emotions වල ඉන්න රූප දෙකක් ඇදලා එහෙම වෙන්න හේතුව ලියලා අලවන්න දෙන්න.එතකොට දරුවා විසින් එයාට තරහා යන හේතු සහ එයාව සන්සුන් කරන්න පුළුවන් හේතු ලියලා ඇලවීම කරනවා.
10 රූප සටහන
Negative හැඟීම් සහ Positive හැඟීම් මිශ්‍ර කරලා මේ වගේ Puzzles එකක් හදාගන්න.සෑම Puzzle කෑල්ලක් සෙට් කරන අවස්ථාවේ ඒ හැඟීම් දැනෙන අවස්ථා සහ ඒවා පාලනය කරගන්නා හැටි දරුවාට කියා දෙන්න
11 රූප සටහන
මේ වගේ පාට පාටින් බැලූන් ඇදගන්න.එක ලොකු බැලූන් එකක emotions වර්ග ලියන්න.කුඩා බැලුන් උඩින් දරුවා නිතරම එකතුවෙන ස්ථාන වල නම ලියන්න.උදාහරණයක් විදියට පාසල,පන්තිය,නැන්දාගේ ගෙදර ,පිහිනුම් පන්තිය.එතකොට ඒ සෑම කුඩා බැලූන් එකක් ඇතුලේ දරුවාට ඒ තැන් වලදී දැනෙන හැඟීම ලියන්න හෝ අලවන්න දෙන්න.
12 රූප සටහන
ලොකු උශ්නත්ව මාපකයක් ඇදගන්න.දරුවා සහභාගී වන සමාජ අවස්තා මැදින් ලියාගන්න.ඒ නොයෙක් අවස්ථා වලදී දැනෙන හැඟීම් වල දැනීමේ ප්‍රමාණය පිටත ලියන්න.මේවා වාචිකවත් දරුවාගෙන් අසන්න පුළුවන්.
13 රූප සටහන
මේ වගේ පෝස්ට් කාර්ඩ් ලස්සනට එක එක පාටට හදලා දරුවට ලියන්න දෙන්න පුළුවන් එයාට හැමදාම එක එක අවස්ථාවලදී ඇති වුන හැඟීම්.ලියන්න අකමැති නම් මවට/පියාට හෝ තෙරපිවරයාට දරුවා කියන එක ලියන්න පුළුවන්.