ABA ( Applied Behavior Analysis) තෙරපි ක්‍රමවේදය හරහා සිද වෙන්නේ ඔටිසම් දරුවන්ගේ Autonomy එක නොපිළිගැනීම සහ නොසලකා හැරීම. සරළවම කිව්වොත් අපේ රටේ ඔටිසම් ගැන තියෙන අවම වටහා ගැනීම සහ සමාජීය විනිශ්චය නිසා බහුතරක් දෙමව්පියන්ට අවශ්‍ය තමන්ගේ ඔටිසම් දරුවන් “සාමාන්‍ය” කරන්න. අන්න ඒකට ගැළපෙන්න තමයි ලංකාවේ පවතින තෙරපි ක්‍රමය තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යන්න සෞඛ්‍ය අංශයේ නිළධාරීන් ක්‍රියා කරන්නේ. දැන් මේකෙන් ඔටිසම් දරුවන්ට වෙන දීර්ඝ කාලීන සහ ස්ථීරසාර හානිය ගැන කතා කරමු.
මොකක්ද ” Autonomy ” කියන්නේ?
ඔයාට ඔයා ගැන තියන අයිතිය. තීරණ ගැනීමේ අයිතිය.ඔයාගේ අවශ්‍යතා ප්‍රකාශ කිරීමේ අයිතිය.ඔයාගේ ශරීරය සහ මනසේ පාලනය ගැන ඔයාට තියන අයිතිවාසිකම. එතකොට අපි කියනකොට මේ පවතින ABA තෙරපි ක්‍රමවේදය හරහා ඔටිසම් දරුවන්ගේ අයිතිවාසිකම් උදුරා ගන්නවා සහ නොසළකා හරිනවා කියලා ඒකෙන් අදහස් වෙන්නේ දරුවාට දරුවාගේ සමස්ත සත්‍ය ස්වාභාවික අන්න්‍යතාවය අහිමි කරනවා කියන එක.
- දරුවා අපහසුතාවයෙන් ඉන්න අවස්ථාවන් වල යම් යම් ක්‍රියාකාරකම් කිරීමට බල කිරීම
- දරුවාගේ සන්නිවේදනය නොසලකා හැරීම.උදාහරණයක් විදියට ඔටිසම් දරුවෙක් meltdown එකකට මුහුණ දීම සහ හැසිරීමේ හැඩය හරහා යමකට අකමැත්ත ප්‍රකාශ කිරීමේදී ඒවා නොසාලකා හැරීම.
- අත් එකට ගැසීම, ශරීරය පැද්දීම සහ ශබ්ද හරහා කරන නොයෙක් ක්‍රියාකාරකම් ( Stimming ) වැලැක්වීම. ඒවා තමන්ගේ මනස සන්සුන් කරගැනීමට ඔටිසම් දරුවන් පාවිච්චි කරන්න උපක්‍රම වේ. මේවා වැළැක්වීම හරහා ඔටිසම් දරුවන්ට Regulate වීම අයිතිවාසිකම අහිමි වේ.
- ඔටිසම් දරුවන්ට දඩුවම් ලබා දීම සහ වැඩිහිටියන් බලාපොරොත්තු වෙන හැසිරීම් වලට reward ලබා දීම.
- ඇස් දෙස බැලීම බලහත්කාරකමින් හැදීම.
- දරුවා තමන්ට දරාගත නොහැකි අවස්ථාවක් මඟ හැරීමට උත්සාහ කිරීමේදී එය වැලැක්වීම.
- දරුවාට වචන කීමට බල කිරීම.
- දරුවාට තමන්ගේ විවිධත්වය සඟවා ගැනීමට ඉගැන්වීම ( Masking ).
මෙම ක්‍රමවේදය අහිතකර වෙන්නේ ඇයි ?
- ඔටිසම් දරුවන්ට තමන්ගේ ශරීර සහ මානසික හැඩය පිළිබඳව අනාරක්ෂිත හැඟීමක් , අපහසුතාවයක් දැනීම.
- shutdowns, meltdowns, anxiety සහ දීර්ඝ කාලීන trauma වලට හේතු වීම.
- තමන්ගේ විවිධත්වය පිළිබඳව ලැජ්ජාවක් ඇති වීම සහ පෞර්ශ සංවර්ධනයට හානි වීම.
- ABA තෙරපි ක්‍රමවේදය වෙනුවට Neurodiversity affirming approach එක හරහා දරුවාට සහය දෙන ආකාරය.
- ඔබගේ දරුවා අසාමාන්‍යයි කියා සළකනවා වෙනුවට දරුවාගේ විවිධත්වය පිළිගැනීම හරහා සහය දීම.
- දඬුවම සහ rewards ලබා දීම වෙනුවට දරුවා සමඟ විශ්වාසය ගොඩනඟාගෙන ඒ හරහා සම්බන්ධ වීම.
- දරුවාගේ කැමැත්ත, හඩ සහ boundaries වලට ගෞරව කිරීම.
- දරුවාගේ Stimming සහ self-regulate වීමේ ස්වාභාවික ක්‍රමවේදයට ගෞරව කිරීම.
- වැඩිහිටියන්ගේ ඉලක්ක වෙනුවට දරුවාගේ පහසුව, අවශ්‍යතා සහ සංවේදන සංවේදීතාවයේ හැඩය ප්‍රධාන වීම.
- දරුවාගේ හැසිරීමේ හැඩය Fix කරනවා වෙනුවට එය දරුවාගේ සන්නිවේදනය ලෙස හඳුනාගැනීම.
- හැඟීම් යටපත් කරගැනීමට නොව ප්‍රකාශ කිරීමට ඉඩ දීම.