බහුතරයක් ඔටිසම් දරුවන්ට එක දෙයකට Focus  කරන්න අපහසුතාවයක් තියෙන්න පුලුවන් වගේම එයාලා කැමතිම දේවල් වලට පැය ගාණක් උනත් අවධානය ලබා දෙන්න පුලුවන් .ඒත් එක්කම Play එකකින් තව Play එකකට මාරු වීමේදී ගැටලු ඇති වෙන්න පුලුවන්.මේ කිසිවක් දරුවාගේ මුරණ්ඩු ගති පැවතුම් නෙමේ.ඒ නිසා අපි දරුවාට සහය දෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරගමු.

1) ඔටිසම් දරුවෙකුගේ අවධානය එක තැනක තියාගන්න කරන්න ඕනේ පළවෙනිම දේ තමයි එයාලා කැමති දේවල් එක්ක ඇක්ටිවිටීස් / Play කරන එක හා කාලයත් එක්ක දිගට ක්‍රමක් ක්‍රමයෙන් සන්සුන්බව පවත්වාගෙන යෑමට පුහුණු කරන එක.

  • මේ තෝර ගන්න ක්‍රියාකාරකම් / Play වල අනිවාර්යයෙන් අවසානයක් තියෙන්නම ඕනේ.ඒ කියන්නේ මෙන්න මේ වගේ. ලොකු පබළු හරි බට කෑලි වලින් හරි මාලයක් අමුණන්න දෙන එක වගේ ඇක්ටිවිටිස් .දැන් මේ ඇක්ටිවිටි එක අනිවාර්යයෙන් finish කරන්න ඕනේ.අතරමැදින් නතර කරන්න බැහැ.මේ වගේ ක්‍රියාකාරකම් තෝරගත්තම දරුවට වැටහෙනවා මේ වැඩේ ඉවර කරලම තමයි පුටුවෙන් නැගිටින්න ඕනේ හරි ඊළඟ වැඩේට යන්න ඕනේ කියලා. ඒකට එක හේතුවක් තමයි යම් Repetitive Play මැදින් නතර කිරීම දරුවගේ මනස කළබල වෙන්න හේතුවක් නිසා එයා ඒ වගේ Play අවසානය දක්වා තමන්ගේ සන්සුන්බව පවත්වාගෙන යනවා.
  • පොඩි බොක්ස් එකක් අරන් එකේ ලොකුවට ලියන්න අංක 10 ඉලක්කම.දැන් යෝගට් හැදි හරි ගල් කැට හරි හොයාගන්න පුලුවන් දේවල් 10 ක් ගන්න.දැන් මේවා එකින් එක ගණන් කර කර බබාට බොක්ස් එකට දාන්න දෙන්න.දැන් මේ 10ම දාලා තමයි මේ ඇක්ටිවිටි එක ඉවර කරන්න ඕනේ.හේතුව ඒ බොක්ස් එකේ ගහලම තියනවා 10 ඉලක්කම.මේක 1 සිට 10 ට හෝ අවශ්‍ය අංක ප්‍රමාණයට ගැළපෙන්න Box හදාගෙන කරන්න පුලුවන්.

2) සරළ වාක්‍ය කියන්න.

දරුවා එක්ක ක්‍රියාකාරකමක් / Play එකක් කරනකොට නිතරම සරළ වචන සහ වාක්‍ය වලින් ඒ දේ කරන හැටි උපදෙස් දෙන්න.මේක ගොඩක් වැදගත්.

හිතන්න බෝලයක් අරන් සෙල්ලම් කරනවා කියලා.එතකොට බෝලේ පෙරළන්න,බෝලේ දාන්න,බෝලේට කකුලෙන් ගහන්න වගේ සරළ වාක්‍ය කියන්න.

බබා එක්ක වැඩ කරනකොටත් එහෙම කරන්න.රතු පාට ගන්න,අලියා කළු පාටයි,ත්‍රිකෝණය පාට කරන්න වගේ සරළ වාක්‍ය හරහා සහය දෙන්න.

3) දරුවා කරන සෙල්ලම් හා හැසිරීම සමඟ එකතු වෙන්න.

මේකත් වැදගත් උපක්‍රමයක්. උදාහරණයක් විදියට දරුවා ඇඳ උඩ උඩ පනිනකොට අපිට පුලුවන් එයාව අතින් අල්ලන් ” Hop little bunnies.. Hop..Hop ..Hop කියන සිංදුව කිය කිය එයා උඩ පනින එකට උදව් වෙන්න. මෙහෙම දරුවාගේ Play වලට එකතු වීමෙන් දරුවාගේ අවධානය ලබා ගන්න සහ දරුවාගේ Sensory needs සපුරාගන්න එයාට සහය වෙන්න පුලුවන්. දරුවා සෙල්ලම් කරන කොට හෙමින් එයාට හිරිහැරයක් නොවන විදියට ලඟට ගිහින් ඒ සෙල්ලමට එකතු වෙන්න.මේ Method එකට කියන්නේ ” Talk and play” කියලා.ඒ කියන්නේ දරුවාව කොපි කරන්න කියලා.එතකොට එයාගේ අවධානය ලබා ගන්න පුලුවන් නිසා.

4) එක් ක්‍රියාකාරකමකින් තව ක්‍රියාකාරකමකට මාරු කිරීම 

මෙන්න මෙතනිදි තමයි අපි ගොඩක් පරිස්සමින් වැඩ කරන්න ඕනේ.හේතුව ඔටිසම් දරුවන්ගෙ මනස වැඩ කරන්නේ ටිකක් වෙනස් විදියට.එයාලා නිතරම ඉන්නේ නොයෙක් දේවල් හිතමින් සහ සංවේදන සංවේදීතාවය දරාගනිමින්.හරියට සීඝ්‍රගාමී කෝච්චියක් වගේ සිතුවිලි ඉතා වේගෙයෙන් මනසේ එහා මෙහා යනවා.එතකොට අපි දරුවන්ට දෙයක් කරන්න කියන්න ඕනේ එයාගේ මනස සන්සුන් වෙන්න කාලය දීලා.

එතකොට එක වැඩක් කරලා ඉවර උනාම ස්ටිකර් එකක් අරන් දරුවාගේ අතේ ඒක අලවන්න.එයාව වර්ණනා කරන්න.දෙවනි වැඩේ ඉවර උනාමත් මේක කරන්න.බබාට කම්මැලි හරි මහන්සි වේගෙන එනකොට ඒ වැඩ නතර කරලා සෙල්ලම් බඩුවක් දීලා හරි වත්තට ගිහින් පොඩි වටයක් ඇවිදලා හරි මනසට විවේකයක් දෙන්න.

5) අවධානය මැඳින් කැඩී යාම.

දරුවා චිත්‍රයක් පාට කර කර ඉදලා එක පාරට මැදින් නතර කරලා වෙන play එකකට යන්න පුලුවන් .එතකොට අපි කරන්න ඕනේ බලෙන් කෑ ගහලා ඒ වැඩේම ආයේ දෙන එක නෙමේ.දරුවා වෙන වැඩකට යොමු වුනා නං ඒ වැඩේ ඉවර වෙනකල් ඔයත් ලගට වෙලා ඉන්න.ඒක ඉවර උනාම එයා කලින් බාගෙට ඉවර කරපු වැඩේ ආයේ දෙන්න.දීලා කියන්න මේක ඉවර කරන්න ඕනේ කියලා.මොන වැඩකට යොමු උනත් බාගෙට ඉවර කරපු වැඩේ ඉවර කරලා ඉන්න ඕනේ කියන එක බබාගේ මනසට ඒත්තු ගන්වන්න.

අනිත් කාරණය තමයි දරුවන් දෙමව්පියන් සමඟ Play Activities කරන්න අකමැති වීම.මේකට හේතුව එයාලට යම් ආකාරයකින් දෙමව්පියන් විධාන දීම හෝ අනවශ්‍ය ලෙස එයාගේ Play එකට එකතු වීම මනසට පීඩාවක් ගේන නිසා.Anxiety ,Stress නිසා එයාලා බලන්නේ ඒ කරන්න දෙන වැඩේ මඟ හැරලා ඒකෙන් නිදහස් වෙන්න.ඒ වගේ තත්ත්වයක් තියනවා නං උගන්වපු ක්‍රමය වෙනස් කරන්න.දරුවට නිදහස දෙන්න කැමති වැඩක් කරන්න.සූක්ශමව දරුවාව නැවත මේ කියලා තියන ක්‍රම වලින් ඇක්ටිවිටීස් කරන්න,උගන්වන්න එකතු කරගන්න.අනවශ්‍ය විදියට දරුවාගේ Play Activities වලට බාධා නොකර ඉන්න.

6) තෝරා ගැනීමේ නිදහස දෙන්න.

මෙතනිදි අපි දරුවාට යම් කිසි බලයක් ලබා දෙනවා.දරුවො කැමති Play එක තෝරගන්න.අපි අහනවා පාට කරන්නද ඕනේ රූප ගළපන්නද ඕනේ කියලා.

7) නොතේරුනත් තේරෙනවා සේ සැළකීම 

දරුවාගේ යම් සන්නිවේදනය ක්‍රමයන් නොතේරෙන්න පුලුවන් .ඒත් නිතරම දරුවාට ප්‍රතිචාර දක්වන්න.ඒ හරහා දරුවාට අපි ඒත්තු ගන්වනවා එයාව අපිට වටහාගන්න පුලුවන් සහ අපේ අවධානය එයාට තියනවා කියන එක.

8) දරුවා පාසළට අකමැති වීම 

මේ කාරණය බොහෝ වෙලාවට සිද්ධ වෙනවා.හේතුව එයාට පංති කාමරයේ පීඩනය වැඩි වීම,අනෙක් ළමයින්ගේ හැසිරීම දරාගන්න බැරි වීම,උගන්වන ක්‍රමය මනසට සංකීර්ණ වීම සහ විශේශයෙන් සංවේදන සංවේදීතාවය අධි උත්තේජනයට ලක් වීම වගේ කාරණා වෙන්න පුලුවන්. එතකොට පුලුවන් නම් පංතිභාර ගුරුවරයා එකක් සුහදව මේ ගැන කතා කරන්න.දරුවා පාසලේ ඉදන් ගෙදර ආවහම ආයෙත් homework කරවන්න එපා.එහෙම නැත්තන් වෙන උගන්වන වැඩ කරන්න එපා. එයා කැමති අත් වැඩ හරි සෙල්ලම් හරි කරන්න දෙන්න.ඒවාට එකතු වෙලා දරුවාගෙ මනස සන්සුන් කරන්න.

 

9) විවේකයක් ලබා දෙන්න බය වෙන්න එපා.

 

දරුවා කිසිම ඇක්ටිවිටි එකක් කරේ නැති දවස් වලදි දෙමව්පියන් මේක ගැන සෑහෙන්න වද වෙනවා. එහෙම වෙන්න එපා.දරුවට විවේකයක් ලබා දෙන්න.එක දිගට හැමදාම පොත් වල වැඩ කරවන්න එපා.එක එක දවස් වලදි වෙනස් දේවල් දරුවා එක්ක එකතු වෙලා කරන්න.ප්‍රායෝගික වැඩ වලට බබාලා කැමතී.කුස්සියේ වැඩ වලට උදව් ගන්න.එකතු වෙලා එළවලු සුද්ද කරන්න,කපන්න දෙන්න.ඔයා උයන අතරේ හාල් ටිකක් භාජනේකට දාලා දෙන්න සෙල්ලම් කරන්න.ඒ අතරේ දරුවා එක්ක කතා කරන්න.

ADHD බබාලගේ අධි ක්‍රියාකාරී තත්ත්වය අවම කරගන්න පුලුවන් එයා එක්ක එකතු වෙලා ඇක්ටිවිටීස් කරන එකෙන්. මේ ඇක්ටිවිටීස් කියන්නේ Play. දරුවාගේ මනස සන්සුන් වෙන්න එයා කැමති Play වල නිරතවෙන්න දෙන්න.

10) නිවස පාසළක් නොකරන්න…

ගෙදර කියන්නේ දරුවගේ සැප පහසුම නිදහස්ම හා ආරක්ශාකාරීම තැන.ඒ තැන පීඩාකාරී උනාම දරුවා අසරණ වෙනවා.පාසල ,පංති කාමරය කියන්නේ කාල සටහනක් ඇතුලත වැඩකරන්න වෙන පිටස්තර තැනක්.එතකොට එතන පැය ගාණක් ඉදලා එන දරුවෙක්ට නිදහස හා සැප පහසුව දෙනවා වෙනුවට ආයෙත් වැඩම කරන්න දෙන්න එපා.එතකොට දරුවට ඉගෙනීම කියන දේ ඇතුලේ තියන උත්තේජනය නැතුව යනවා.පාසැල් නොයන දරුවන්ට උනත් එහෙමයි.විනෝදයෙන් කරන්න පුලුවන් ඇක්ටිවිටීස් එක්ක අධ්‍යාපනය ලබා දෙන්න.එතකොට දරුවට කිසිම පීඩාවක් මනසට එන්නේ නැහැ.

11)  දරුවා ඉගෙන ගන්න අකමැති කියලා තේරෙනවා නං උගන්වන ක්‍රමය වහාම වෙනස් කරන්න.කිසිම දරුවෙක් ඉගෙන ගන්න අකමැති නැහැ.එයාලට උගන්වන ක්‍රමය පීඩාකාරී වෙන්න පුලුවන් නිසා එයාලා කරන්නේ ඉගෙන ගන්න එක මඟ හරිනවා. ඒ නිසා නිතරම උගන්වනවා කියන පීඩාවක් නොදැනෙන්න දරුවාගේ මනසට සුදුසු ආකාරයට  උගන්වන්න වෙනත් ක්‍රම පාවිච්චි කරන්න.