නිමිත්ත : මේක ලියන්න හිතුනෙ අපේ parent group එකේ අම්මකෙනෙක් කිව්ව කතාවක් නිසා. ඔටිසම් සම්භන්ධ ලන්කාවෙ ඉන්නෙ අතලොස්සක් තරම් විශේෂඥ වෛද්‍යවරුන්. ඔවුන්ගෙන් එක් අයෙක් මේ අම්මගෙ පුතාට රවුමක් අදින්න බැරි නිසා cognition නෑ කියල. ජනවහරෙ වචන වලින් කියනවනම් දරුවට මොලේ නෑ,මොලේ අඩුයි, බුද්ධිය නෑ , ඉගෙන ගන්න බෑ වගේ දෙයක් කියල තියෙන්නෙ..

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

අපේ ගෙදර තැන් තැන් වල මේ පින්තූරෙ වගේ පොඩි පොඩි ගොඩවල් තියෙනව හැමදාම වගේ. සමහර වෙලාවට සෙල්ලම් බඩු, පොත්, කඩදාසි, බිස්කට් කවර, පිගන් කෝප්ප, ඇදුම්. මේ ගොඩවල් වල අයිති කාරය අපේ පුතා . අපේ ගෙදරට එන ඕනෙම කෙනෙක්ට පේන්නෙ හරිම අපිලිවෙල ගෙයක් කියල. ඒ වගේම ගෙදර ඉන්න අයටත් මේව අස් කරගෙන ඉන්න කිසි ඕනෙ කමක් නෑ කියල තමයි ඒ අය හිතන්නෙ. අපේ ඔලුවට මේ අපිලිවෙල බරක් වුනත් ඒව ඒ විදිහටම දරුවට එපා වෙනකම් සති ගනන් තියෙනව. ඒකට හේතුවක් තියෙනවා.

මේ පින්තූරෙ තියෙන බෙරෙයි තාරාවො දෙන්නයිත් ඔය විදිහට තිබ්බ දැන් සති ගානක ඉදන්. බෙරේ නම් කවදක්වත් පුතා ගැහුවෙ නෑ. මම යමින් එමින් ගමන් බෙරේට අතින් තට්ටු කරල පෙන්නුව, කෝට්ටකිනුත් තට්ටු කරා. “මහ ලොකුවට ඩ්‍රම් එකක් ලග තියාගෙන ඉන්නව ගහන පාටක් නම් නෑ” කියල මම කිව්වත් මතකයි. කොහොමහරි ඊයෙ එතනින් යනකොට එක පාරට දැක්කෙ 8 ඉලක්කමක් ඒ ලගින් තියල. ඔන්න එතකොටයි මගේ පුන්චි මොලේට තේරුනේ , මේ ඩ්‍රම් එක උඩින් බැලුවම පේන ලොකු වෘත්තෙකුයි පොඩි වෘත්තෙකුයි අපේ බබා දැක්කෙ ඒ වගේම ලොකු පොඩි රවුම් දෙකකින් සමන්විත වෙන 8 හැඩයක් වගේ කියල නේද කියල. ඒ මදිවට අර duck ල දෙන්න 7 හැඩේට තියල තමයි හතේ ඉලක්කම ඒ ලගින් තියල තියෙන්නෙ. මට drum එක දැක්කම ඒක සන්ගීත භාණ්ඩයක් විතරයි. ලමය ඒක දැකල තියෙන්නෙ වෙනම විදිහකට. අපි අටේ ඉලක්කම ලියන කොට නිකමටවත් හිතනවද ඒකෙ ඔය රවුම් දෙක ලොකුවටයි පොඩියටයි තියෙන්නෙ කියල print කරල තියෙන තැන් වල, නැත්තම් මේ වගේ සෙල්ලම් numbers වල. ඒත් අපේ දරුවන් ඒ වගේ සියුම් තොරතුරු වුනත් මනසෙ තදින් තැන්පත් කර ගන්නව.

ඉතින් “අනේ පව් මොකවත් තේරෙන්නෙ නෑනෙ මේ ලමයට” කියල කියන මිනිස්සුන්ට කියන්න තියෙන්නෙ, අපේ ලමයින්ගෙ cognition එක ගැන ඔයාලට හිතා ගන්නවත් බෑ කියල. අපේ සහෝදර දෙමව්පියන්ට කියන්න තියෙන්නෙ , ඔයා ලග ඉන්න ඔයාගෙ දරුවටත් අරුම පුදුම හිතීමේ හැකියාවක් තියෙනව කියල. ඒක ඔයාට විශ්වාස නැත්තම්, මට කියන්න තියෙන්නෙ, ඒක ඔයා තාම දැකල නැහැ කියලයි. උඩ සදහන් කරල තියෙන වයිද්‍යවරියට කියන්න තියෙන්නෙ neurotypical දරුවන් ගෙ cognition කියන්නෙයි neurodivergent දරුවන්ගෙ cognition කියන්නෙයි බාහිර ලෝකෙට පේන්නෙ දෙවිදිහකට කියල.

මම ඊයෙත් දැක්ක Instagram එකේ තියෙනව එක ඇමෙරිකාවේ therapist කෙනෙක් කියනව “On the very first day parents come to us with their kids, we advocate parents to “presume competence”. That simple thought makes wonders in their life right after that moment”.. මේ තෙරපිස්ට් කියන්නෙ “අපි ලගට දරුවන් අරන් එන දෙමව්පියන්ට අපි මුලින්ම කියන්නෙ දරුවට බුද්ධිය සහ හැකියාවන් ඇති බව විශ්වාස කරන්න පටන් ගන්න කියල. ඒ සරල සිතුවිල්ල ඒ අයගේ ජීව්ත වලට ඒ මොහොතේ සිටම හිතාගන්න බැරි ආශීර්වාදයක් වෙනව” කියල.

Cognition වලට සින්හලෙන් කියන්නෙ මම හිතන්නෙ සන්ජානනය කියල . වැරදි නම් මාව නිවරැදි කරන්න. ඒකෙ තේරුම නම් , සිතීමේ හැකියාව , දැනුම ලබා ගැනීමේ හැකියාව , ප්‍රකාශනයේ හැකියාව, ප්‍රශ්න විසදීමේ හැකියාව, මතක තබා ගැනීමේ හැකියාව, විනිශ්චය කිරීමේ හැකියාව වගේ දේවල්. මේ හැකියාවන් අපේ neurodivergent දරුවන්ට තියෙනව, නමුත් ඒක අපේ දරුවන් බාහිර ලෝකයට පෙන්නන විදිහ වෙනස්. සමහරවිට පෙන්නන්නෙම නෑ. ඒකෙන් අදහස් වෙන්නෙ ඔවුන්ට cognition නෑ කියන එක, බුද්ධිය නෑ කියන එක, මොලේ නෑ කියන එක, සිතීමේ ශක්තිය නෑ කියන එක. කෝපි කාලෙ තමයි ඔටිසම් දරුවන්ට රවුමක් අදින්න, ඉරක් අදින්න, අකුරක් ලියන්න, පොයින්ට් කරන්න කියල උපදෙස් දීල cognition මිනුම් කලේ. අද වෙනකොට , “We never can assume the cognition level of a neurodivergent person until they have a reliable communication method” කියන මතේට ලෝකෙ දියුණු වෙලා තියෙනව. ඒ කියන්නෙ neurodivergent පුද්ගලයෙක් ඔහුට පහසු සන්නිවේදන හැකියාවක් ප්‍රගුණ කරනා තුරු අපිට ඒ පුද්ගලයාගෙ බුද්ධි මට්ටම ගැන කිසිම උපකල්පනයක් කරන්න බෑ” කියල. අපේ ගෙදර අර 7, 8 ඉලක්කම් සෙට් එකක් නොතිබ්බ නම් මම දන්නෙත් නෑ ලමය ඒ අනුරුවන් 7, 8 විදිහටත් මනසෙන් දකිනව කියල. තව එයාගෙ පුන්චි මොලේ ඇතුලෙ කොයි තරම් දේවල් ඇතිද ?

ඒක නිසා අදටත් හෙටටත් අපි ලග ඉන්න මේ ආදරණීය ලමයින්ගෙ හැකියාවන් අවතක්සේරු කරන ඕනෑම කෙනෙකුට ඒ ගැන තේරුම් කරල දෙන්න හැකි ලෙස දෙමව්පියන් ලෙස අපේ මනස ශක්තිමත් කර ගමු.. තාර්කික දැනුමෙන් පොහොසත් වෙමු.

අපේ රටේ neurodivergent දරුවන්ගේ cognition මනින්න පුරුදු වෙලා තියෙන්නෙ හරිම වැරදි විදිහට , පටු විදිහට. කොටින්ම කියනවනම්, neurodivergent දරුවන්ට ස්වභාවිකවම අපහසු දේවල් ආධාරයෙන් (කතා කිරීම, ලිවීම, ච්ත්‍ර ඇදීම) තමයි රජයේ රෝහල් වලින් , පාසැල් වලින් cognition මනින්නෙ. මේකෙන් දරුවන්ට වෙන අසාධාරණය තේරුම් ගන්න. මේ වැරදි සිස්ටම් එක කවද හරි හැදෙයිද නොහැදෙයිද අපි දන්නෙ නෑ. ඒක නිසා අවම වශයෙන් ඔබ හෝ දරුවා ගැන හිතන ආකාරය positive කර ගන්න. එතකොට කවුරු නැතත් දරුවාව විශ්වාස කරන එක් පුද්ගලයෙක් හෝ මේ ලෝකෙ ඉන්නව.

✍️ Nayana Hewage

 

මුල් සබැඳිය : ඔටිසම් ලමයින්ගෙ cognition