එමලියි එයාගේ අක්කයි හරියට Tom and Jerry වගේ. අක්කා සාලෙට එනකොට නංගි කියනවා ” Sister bye bye ” කියලා. ඒ කියන්නේ එයා ඉන්න පැත්ත පළාතෙවත් අක්කට එන්න එන්න එපා කියලා
. මේක පටන් ගත්තේ ලගඳි. හේතුව අක්කා නංගිව සෙල්ලමට අරගන්න නිසා. එක්කො නංගිගේ බෝනික්කෙක්ව අරගන්නවා. එක්කො පනාව අරන් නංගිගේ කොණ්ඩේ පීරන්න යනවා.එහෙමත් නැත්තන් නංගිගේ ෆොටොස් අරන් App එකකින් ඒවා Joke meme කරලා නංගිටම පෙන්නනවා. ඉතිං දෙන්නගේ රණ්ඩු ඊට පස්සේ. අපි ඔය රණ්ඩු වලට මැදිහත් වෙන්නේ නෑ. දෙන්නා ඕනේ විදියකට ඒවා බේර ගත්තාවේ කියලා ඉන්නවා.
ඉතිං අක්කා නංගි ඉන්න තැනට ආවොත් නංගි කියන්නේ ” Sister bye bye ” කියලා. අද එමලි බලු බබාටත් යන්න කියලා කියන්න මුලින්ම කිව්වේ ” Sister bye bye “කියලා
. පස්සේ ඔළුවට ආවා මේ අක්කා නෙමේ බලු බබා නේ කියලා. ඊට පස්සේ තමා කිව්වේ ” Dogs bye bye ” කියලා. Dogs කියලා කිව්ව එකත් හරි. වත්තේ ඒ වෙලාවේ බලු ළමයි දෙන්නෙක්ම හිටියා.
එමලි එයාගේ බලු බබාලට කැමති උනත් එයාගේ ඇඟේ ගෑවෙනවට , ඇවිල්ලා ලෙව කනවට ආස නෑ. ඒ නිසා බලු ළමයි ටික වත්‍තේ ඉන්නකොට එමලිට වත්තට යන්න ඕනේ උනාම මෙහෙම තමයි බායි කියලා එයාලව එයාලා ඉන්න පැත්තට දාන්න කියන්නේ.
බල්ලෙක්ට පූසෙක්ට යන්න කියලා හරි , තරහා ගිහින් හරි එමලි මේ වගේ කටින් වචනයක් පිට කරනවා කියන්නෙම අපිට ඉතිං හරි ආසයි අහන් ඉන්න

