එමලි අකුරු සංකේත විදියට හඳුනගෙන සම්පූර්ණ වචනය පිටින්ම මනසේ කොපි කරගන්නවා කියන එක මම දැනගත්තේ මීට අවුරුදු දෙකකට වගේ කලින්. ඒ එමලි එක්ක අපි ගමනක් යන ගමන් ඉන්නකොට පාරේ තිබ්බ ලොකු billboard එකක තිබ්බ  coca cola කියන එක එමලි හයියෙන් කියෙව්වම. ඒකෙන් මම දැනගත්තා බහුතරයක් ඔටිසම් බබාලා GLP ක්‍රමයට භාශාව සංවර්ධනය කරගන්න එකේම කොටසක් තමයි කියලා Reading ඉගෙන ගන්න එකත්. ඒ කියන්නෙ අකුරින් අකුර ගළපලා වචන හදලා කියනවට වඩා සමස්ත වචනෙම ශබ්ද වෙන විදියට ඒ අකුරු පිළිවෙළ ඔළුවේ කොපි කරගන්නවා. ඉතිං එදා ඉඳන් මම එමලි එක්ක එළියට යනකොට පාරේ දකින ලොකු billboard වල ලියලා තියන වචන පෙන්නලා එමලිට කියලා දුන්නා.

මෙහෙම කාලයක් ගිහින් තමයි එමලි තමන්ගේ ඔළුවේ කොපි කරගත්ත අකුරු බිත්ති වල ලියන්න ගත්තේ. දැන් එමලි මේ පහු කරන්නේ එයාගේ Natural Pre- Reading stage එක. එමලි දැන් සමහර වචන කියන්නේ ඒ වචනය පටන් ගන්න අකුරත් එක්කමයි. උදාහරණයක් විදියට ඊයේ අක්කට කිව්වා B – baby sister කියලා 🤭. දැන් සතියක විතර ඉඳන් අපි අදින ඇදුම් වල වචන ප්‍රින්ට් කරලා තිබ්බොත් ඒකේ අකුරු ටික එමලිට කියවන්න ඕනේ. දැන් මේ උවමනාවට එමලිගේ ස්නායු විවිධත්වයත් හේතුවක් වෙනවා.

Pattern හඳුනා ගැනීම , නැවත එකම ආකාරයේ අකුරු වල ශබ්ධ ආයේ ආයේ කිරීමෙන් මනස සන්සුන් වෙනවා සහ මනසට උත්තේජනයක් දැනෙනවා. අනික් පැත්තෙන් මේ දේ කරන්නේ Visual stimulation එකට. ඒ කියන්නේ දෘශ්‍ය සංවේදන සංවේදීතාවය උත්තේජනය කරගන්න.

ඒ වගේම හැම දේකම Sequencing එක එහෙම නැත්තන් Order එක දැනගන්න ,හඳුනගන්න එක ඔටිසම් දරුවන්ට අත්‍යවශ්‍ය දෙයක්. එමලිගේ කියවිමට ගන්නා උත්සාහයත් ඒ වගේ එකක්.එමලි හඳුනගෙන තියනවා වචනය ශබ්ද වෙන විදිය අනුව ඒ වචනයේ Letters වෙනස් වෙනවා කියලා. උදාහරණයක් විදියට CAT / TAC කියන වචන දෙක එකම ආකාරයෙන් ශබ්ධ වුනාට අකුරු පිළිවෙළ වෙනස් කියන එක. මෙන්න මේ Order එක තමයි එයා හඳුනගන්න උත්සාහ කරන්නේ.ඒ හඳුනගන්න එක එයාට විනෝදයක් වගේම මනස සන්සුන් වීමක්.

ඉතිං හැම දරුවෙක්ටම අපිට ළඟ ඉන්දවගෙන පොතක් අරන් කොහොමද අකුරු එකතු වෙලා වචන හැදෙන්නේ කියන එක කියලා දෙන්න අපහසුයි. විශේෂයෙන් එමලිට ඒ විදියට උගන්වන්න බෑ. ඉතිං ටීශර්ට් වල Print කරලා තියන වචන වල අකුරු කියවලා එමලි මම හිතන්නේ හෙමින් කියවන්න පටන් ගනී. මම ගෙදර තියන වචන Print කරලා තියන හැම ටීශර්ට් එකක්ම එමලිට දෙනවා. රෙදි හෝදලා වැලට දාන්න යනකොට එමලිත් එකතු කරන් ඒ ඇඳුම් වල තියන වචන කිය කියා වැලට දානවා.Magnetic letters අරන් ෆ්‍රිජ් එකේ අලවන ගමන් වචන හදනවා. අපි ගෙදරින් එලියට බැස්සම පහු කරන ලොකු පැහැදිලි billboard වල තියන වචන කියනවා. මෙහෙම තමයි එමලිට වචන කියවන්න සහය දෙන්නේ. මම හිතනවා කියවන්න පුලුවන් උනාට පස්සේ ඒ හරහා එමලිට අලුත් ලෝකයක් හඳුනාගන්න පුලුවන් වෙයි කියලා.

මුල් සබැඳිය : Natural pre-reading