එමලි ඉස්සරම හරි කැමැත්තෙන් බැලුවේ Miss Rachal ගේ වීඩියෝ. ඒකේ එයා එක එක විදියට බබාලට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදියට Letters හඳුන්වලා දෙන ගමන් ඒකට අදාළ Words කියනවා.ඒ ගමන්ම මේ Letters ශබ්ධ වෙන විදියත් කියනවා.ඉතිං එමලිට පහසු උනේ Letters එක්ක ඒවා වලින් හැදෙන Words තෝරගන්න එක.මේක එයාට සමහර විට Game එකක් වගේ Fun Activity එකක් වෙන්න ඇති. Neurodiversity බබාලගේ Memory එක හරි පුදුමයි.එයාලා තමන්ට ඇහෙන සහ දකින හැමදෙයක්ම ඔලුවේ කොපි කරගෙන වටහා ගන්නවා.මේ කොපි කරගන්න එක අවතක්සේරුවට ළක් කරන්න එපා කියන එක මම නිරන්තරයෙන් කියන දෙයක්.එමලිට මම උගන්වනවා වෙනුවට එයා “ඉගෙන ගන්න ඉගෙන ගන්නවා ” කියන එක තමයි හරි වචනය.ඒ කියන්නේ Learning to Learn කියන එක.එයා අකුරු එක්ක ඒ අකුරු වලින් එන වචන හඳුනාගන්නවා වගේම Letter sounds එක්කත් ගැළපෙන වචන හදන්වා.සමහර වෙලාවට මම එමලි Bye කිව්වම එයා B – Bye කියනවා.ගොඩක් වෙලාවට Letters එක්ක අපිට හිතාගන්න බැරි වැඩිය පාවිච්චි වෙන්නේ නැති වචන කියනවා.එතකොට දරුවෙක්ට අපි කියලා දෙන Letters සහ Words ටිකම දරුවා දිගින් දිගටම නොකියා වෙනත් වචන හොයාගෙන යන එක තමයි දැනුම හොයාගෙන යනව කියන්නේ. දරුවන්ට බලහත්කාරයෙන් උගන්වන්නේ නැතුව නිදහස සහ අවශ්‍ය මූලාශ්‍ර ලබා දුන්නම එයාලාගේ මනසට දැනෙන්නේ නෑ ” ඉගෙන ගන්නවා කියන එක දෙමාපියන් විසින් ලබා දෙන වගකීමක් හෝ කළයුතු රාජකාරියක් ” විදියට.
එමලි සමහර වෙලාවට කොළ අරන් ඇවිල්ලා මට කියලා එක එක දේවල් ඇඳගන්නවා.ඔන්න අද එයාට ඕනේ උනා එක එක පාට පැන්සල් වලින් Letters මට කියලා ලියාගන්න.දැන් මම එයා කියන Letters ලියන්නේ නැතුව එයාට පැන්සල දීලා එයා ලවා ලියවන්න ගියොත් මොකක්ද වෙන්නේ? වෙන්න පුළුවන් එකම දේ එයාට මේ letters සහ Words ගැන තියන ආසාව සහ ඒවා අතර තියන සහ සම්බන්ධය හොයාගෙන යන විනෝදය/ උත්තේජනය නැති වෙලා ගිහින් පීඩාවක් දැනෙන එක.මම කරන්නේ මේ වගේ වෙලාවල් වල එයාට හිරිහැරයක් නොවෙන්න අතරින් පතර සරළ දේවල් එයාගෙන් අහන එක විතරයි දරුවා සූදානම් කාලයේදී අපි පියවර ඉස්සරහට තියන්න ඕනේ මිසක් අපිට ඕනේ විදියට දරුවන්ව ඇදන් යන්න බෑ.මම මේ කතා කරන්නේ Neurodivergent/ neurodiversity දරුවන් ගැන.කුඩාම පීඩාවක් උනත් Traumatic අත්දැකීමක් වෙන්න පුළුවන් .
අද උදේ එමලි එයාගේ පාට පැන්සල් ටික මේසේ උඩ හලලා කොළයක් අරන් මාව ඉන්දවලා මට අකුරු ලියන්න කියලා කිව්ව.එයා කියන අකුර එයා දෙන පාට පැන්සලෙන් මම ලියන්න ඕනේ.එයාගේ ඔලුවේ කල් තියාම මොකක් හරි Pattern එකක් ඇදිලා තිබ්බා.ඒ Pattern එක මට කියලා එයාට ඕනේ උනේ කොළේකට ගන්න. ඉතිං කොළ විස්සක වගේ මට Letters ලියන්න උනා.අතරමැදින් එමලිගේ ඔලුවේ තියන විදියට ඒ Pattern එක ඒ පාට වලින් හරියට ආවේ නැති උනාම එයා ඒ කොළේ අයින් කරලා අලුත් කොළයක් දෙනවා.
ඒවගේම එමලි හරී ආසයි එයාගේම වීඩියෝ ආයේ ආයේ බලන්න.එයා සමහර වෙලාවට කණ්නාඩිය ලගට ගිහින් දිගට වාක්‍ය,සිංදු කියනවා.හිනා වෙලා කැරකෙනවා.එයා දිහා බලන් ඉන්නවා.මම ඒක වීඩියෝ කරාම එයා ඒක ආයේ ආයේ බලනවා.මේකත් Gestalt language processing ක්‍රමයේ එක හැඩයක්.ඔය වීඩියෝ එකේ මුලින්ම තියෙන්නේ එයා එහෙම කතන්දරයක්ව ගේ එයාම හදලා කියන සිංදුවක්.ඒකෙන් එයා Opposites ගැනත් කියනවා. එමලි කියන හැම දේම මට නොතේරුනත් මම ඒවා හොදටම තේරෙනවා වගේ අහන් ඉන්නවා.

මුල් සබැඳිය : Learning to Learn ( ඉගෙන ගන්න ඉගෙන ගැනීම)
