Inclusive Education / අන්තර්කරණ අධ්‍යාපනය ඇතුළේ කිසිම වෙලාවක ඔටිසම් දරුවෙක්ගේ Special interest නොසලකා හරින්නේ නෑ . ඒ වෙනුවට කරන්නේ ඒ දරුවගේ Special interest පාවිච්චි කරලා දැනුම ලබා දෙන එක. ලංකාවේ පවතින අන්තර්කරණ අධ්‍යාපනය ගැන මම කතා කරන්න යන්නේ නෑ.හේතුව නිවැරිදි විදියට ඒක අප්ඩේට් වෙයි කියන අවසාන බලාපොරොත්තුව පවා පහු ගිය දවසක වුන සිදුවීමක් නිසා මම අත් හැර ගත්තා. මම අවධානය දෙන්නේ එමලිට මම කොහොමද එයාගේ Special interest එක පාවිච්චි කරලා දැනුම ලබා දෙන්නේ කියන එක.

මේ කාලයේ එමලි වැඩියෙන්ම කැමති Brand names වලට. හරියටම පහු ගිය 30 වෙනිදා එමලි මගේ ළඟට ඇවිල්ලා එයාගේ Black marker pen එක මගේ අතට දීලා කිව්වා බිත්තියේ ” Samsung ” කියලා ලියන්න කියලා. ඉතිං මම ” S” විතරක් ලොකුවට බිත්තියේ ලියලා Letters මතක නෑ වගේ බොරුවට රඟපෑවා.මට බලන්න ඕනේ උනේ එමලිට මතකද කියලා Letters. ඒකට එක හේතුවක් එමලිගේ විශේෂ කුසලතාවයක් තියනවා Pattern හඳුනාගැනීම සහ ඒවා මතක තබා ගැනීම. වචනයක අකුරු පිළිවෙළ සංකේත විදියට සමස්තයම මතක තියාගන්න එමලිට පුළුවන්. ඉතිං එමලි හරිම පිළිවෙළට Spell කරා ” Samsung ” වචනය. ටිකක් දිග වචනයක අකුරු පිළිවෙළ පවා මතක තියාගෙන ලියන්න එමලිට පුළුවන් කියලා මම එදා තේරුම් ගත්තා.

අපි පහු ගිය කාලෙම එමලිට එයාගේ Special interest එකට සෑහෙන්න සහයක් දුන්නා. ඒවා ලොකු කොළ වල Print කරලා Laminate කරා.ඒවා වල නම් එමලි කියන කියන හැම වෙලාවෙම බිත්තියෙයි බිම ටයිල් එකෙයි ලිව්වා. Google search කරලා ඒවා පෙන්නුවා.

එමලිගේ Speech එක මේ කෙටි කාලෙට Special interest එකත් එක්ක සෑහෙන්න සංවර්ධනය වුනා. එමලි අපි එක්ක ගොඩක් සම්බන්ධ වෙනවා. හේතුව එයා දන්නවා අපි එයාගේ Special interest එකට ෆුල් සපෝට් කියලා.ඒ නිසා වචන එකතු කරලා වාක්‍ය කොහොම හරි හදාගෙන අපි එක්ක එයාගෙම හැඩයට Special interest එක ගැන කතා කරනවා. අපි එමලි එක්කම ඒවා Google search කරලා පෙන්නනවා. පාරේ යනකොට Samsung / Singer කියලා ලොකුවට ගහලා තියන Shops ලග අපි නතර වෙලා එමලිට එවා පෙන්නවා.

ඒත් එක්කම මේ Special interests තමයි ඔටිසම් දරුවගේ Emotions regulate කරගන්න සහය දෙන ප්‍රධානම Tool එක.මොළය අධිකව උත්තේජනය වෙන වෙලාවල් වලදී Special interest හරහා පුළුවන් මනස සන්සුන් කරගන්න.ඒ වගේම තමයි අවධානය රඳවාගෙන තබා ගන්න පුළුවන්.

ඉතිං එමලි එයාගේ Special interest එක හරහා විවිධාකාර ශබ්ධයන් එන අකුරු එකතු වෙලා වචන හැදෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා.ඒ වචන නිතරම කියනවා.ඒවා හරහා වාක්‍ය කියනවා.ඒවා ලියනවා.මනස සන්සුන් කරගන්න පාවිච්චි කරනවා. හරියටම Extraordinary Attorney Woo එකේ ඉන්න ඔටිසම් අනන්‍යතාවය ඇති ලෝයර් Woo Young Woo වගේ. එයාගේ Special interest එක තල්මසුන් සහ ඩොල්ෆින්ස් ලා. ඒ හරහා එයාට පුළුවන් ප්‍රශ්න විසදගන්න, මනස සන්සුන් කරන් අවධානය ලබා දෙන්න. එයා ලෝකයේ තියන කලබලකාරීත්වයත් එක්ක ලෝකයට සම්බන්ධ වෙන්නේ අන්න ඒ Special interest එකත් එක්ක. එතකොට එයාට තවදුරටත් ලෝකයේ තියන Intense බව හිරිහැරයක් වෙන්නේ නෑ.

එමලි එයා වැඩියෙන්ම කැමති Brand names හරිම සන්සුන්ව පුටුවක ඉඳගෙන ලියන අතරේ මම ළඟ ඉඳන් ඒවා ආයේ හයියෙන් කියවනවා.ඒකට එමලි හරි ආසයි. ඒත් එක්කම මම වෙන වෙන වචනත් හෙමින් සීරුවට එමලිට ලියන්න යෝජනා කරනවා. කිසිම වෙලාවක මම Demand කරන්නේ නෑ. ඉතිං එමලි ඒ අතරේ එයාගේ නම ලියනවා.අක්කගේ නම ලියනවා.Happy, sad කියලා ලියලා ඒ Emotions පේන මූනු අදිනවා.ඒ වගේ වචන කොහොමද ලියන්නේ කියලා මම එමලිට Letters කියනවා. ඉතිං අපි දෙන්නා සහයෝගයෙන් එකට වැඩ කරනවා. මට Stimulate drugs එමලිට දෙන්න අවශ්‍ය නැහැ එමලිට සන්සුන්ව ඉඳගෙන වැඩ කරන්න සහය දෙන්න.

දරුවන්ගේ Special interest තේරුම් අරන් ඒවා දරුවන්ගේ සංවර්ධනයට සහ අභියෝග කළමනාකරණය කරගන්න සහය දෙන්න පාවිච්චි කරන්න.

මුල් සබැඳිය : Inclusive Education / අන්තර්කරණ අධ්‍යාපනය