අද අපේ එමලි Cargills food city එකට Free publicity දෙන්න යන්නේ 🤭. එමලි දැන් කාලෙක ඉඳන් තනියම Google එකේ Type කරලා එයා කැමති Logos ,Brands ගැන Search කරනවා. ඒ අතරේ වෙලාවකට ඒ ෆොටෝස් පෙන්නලා මට කියනවා ” Hundred photos” කියලා. මම ඉතිං එතකොට මේ වගේ වීඩියෝ ,ෆොටෝස් ගන්න ඕනේ. නිකන් Advertisement එකක් වගේ😅. ඔන්න ඊයේ එහෙම පෙන්නගෙන හිටියේ cargills food city Logo එක. එමලිගේ මූණේ ලොකු හිනාවක් ඒ වෙලාවට ඇදිලා තියනවා. එමලි ඒ Logo එක හෝ ,Brand name එක පෙන්නන්නේ හරි ආඩම්බරයෙන්. මේකට හේතු කීපයක් තියෙන්න පුළුවන්.

එමලිට හිතෙනවා ඇති එයා Logos , Brand names පෙන්නගෙන ඉන්න මොහොත Save කරගන්න. ආයේ ආයේ කවදාහරි බලන්න පුලුවන් කම තියෙන්න. අන්න ඒ නිසා එමලි මේ හරහා මට කියන්නේ ” මේක මම කැමති ” Brand logo ” එකක්. මේක මගේ මතකයක්.මගේ ලෝකයේ කොටසක් කියන එක.

අනික් හේතුව එමලි මේ කරන්නේ එයාට දැනෙන සතුට අපිත් එක්ක බෙදාගැනීමක් ( sharing joy / joint attention ). මම කැමති දෙයක් මම Search කරලා හොයාගත්තා. ඒක ඔයාලත් බලන්න කියලා කිවීමක්.

සන්නිවේදනය – ඔටිසම් දරුවන් සන්නිවේදනය කරන්න්නෙ වාචිකව පමණක් නෙමේ. එක එක ක්‍රමයන් හරහා සන්නිවේදනය කරගන්නවා. එකක් තමයි ඔවුන්ගේ Special interest එක හරහා ලෝකය සමඟ සම්බන්ධ වීම. මේකත් එමලිගේ සන්නිවේදන හැඩයක්

සමහර වෙලාවට ඔටිසම් දරුවන් රටා, ට්‍රේන්ස්, සත්තු, අංක, සිතියම් හරහා අනෙකා සමඟ සම්බන්ධ වෙනවා.අපි ඒ භාෂාව වටහාගත්තම අපි හිතනවට වඩා දේවල් ඔටිසම් දරුවන් අපිට කියනවා කියන එක තේරුම් යනවා.

ඉතිං මම හිතන්නේ එමලිටත් මේක හැමෝටම පෙන්නන්න ඕනේකමක් තියනවා. එයාට කියන්න ඕනේය කියලා මට හිතෙන්නේ ” මේක බලන්න, මේක මට හරිම වැදගත් සහ ඒ නිසා මේ මොහොත මට හැමෝම එක්ක බෙදාගන්න ඕනේ” කියන එක කියලා.

මුල් සබැඳිය : Cargills food city එකට Free publicity