මුලින්ම එමලි එයාගේ තාත්තගෙන් ඉල්ලන්න ගත්තේ Oreo. ඒ ගිය අවුරුද්දේ මුල් කාලේ වගේ මගේ මතකේ හැටියට. ඊට පස්සේ Oreo කාලේ ඉවර වෙලා Ice Cream ඉල්ලන්න ගත්තා. මේ හැම දේම ඉල්ලන්නේ Supermarket එකට යන වෙලාවට.ඒක එමලිගේ Routine එකක් කරගෙන තියෙන්නෙ. ඒක අපිට හොඳ අවස්ථාවක් උනා එමලිට අළුත් කෑම වර්ග රස බලන්න දෙන්න. අනික් එක එමලිව තවත් උනන්දු කරන්න එයාගේ අවශ්‍යතාවය අපිත් එක්ක වාචිකව සන්නිවේදනය කරගන්න. දැන් එමලි Ice Cream ඉල්ලන්නේ නෑ. ඉල්ලන්නේ Mentos. ඒකත් පාට දෙකෙන්. එකක් Orange .අනික් එක White. ඕක තමා ඔය වීඩීයෝ එකේ කියන්නේ. Supermarket එකට යනකල් සැරින් සැරේ ඒක තාත්තට මතක් කරනවා. තාත්තා Supermarket එකට ගිහින් එනකල් මට ආයේ ඒක මතක් කරනවා😅.

මේ වගේ එමලි හෙමින් හෙමින් තමන් කැමති දේවල් අපෙන් ඉල්ලන එක අපිට ලොකු සතුටක්.

මුල් සබැඳිය : එමලිගේ අළුත් කෑම වර්ග