අද එමලිව Swimming අරන් ගියාම අපිට වෙනස්ම අත්දැකීමකට මූණ දෙන්න උනා🤭. අද කිසිම කෙනෙක් Pool දෙකේම හිටියේ නෑ.එකක් kids pool එක.ඊට ටිකක් එහාට වෙන්න Adult pool එක. එමලියි අක්කයි ටික වෙලාවක් Swim කර කර ඉන්නකොට එහා පැත්තේ Pool එකට swim කරන්න Couple එකක් ආවා. ඒ Girl ටිකක් බය උනා pool එකේ මැද්දට යන්න. එයා Pool එකට බැහැලා අයිනට වෙන්න ඉන්නකොට ඒ පිරිමි ළමයා ඉතිං බය වෙන්න එපා කියලා Girl ව මැද්දට අරන් යන්න හදනවා. ඉතිං ඒ සිද්ධිය අපිට කිසිම අදාළත්වයක් උනේ නෑ. කොහොම හරි ඒ Girl pool එක මැද්දට වගේ ගියා. දෙන්නා හිනා වෙවී Swim කර කර Enjoy කරා. ඒ අස්සේ අපේ එමලි නෝනා කෑ ගහන්න ගත්තා ඒ දෙන්නට Pool එකෙන් යන්න කියලා.මම හිතන්නේ ඒක එයලාට ඒක ඇහුනෙත් නෑ. ඇහුනත් එයාලා හිතන එකක් නැති වෙයි මේ එයාලට කියන්නේ කියලා. ඒත් මට ඔය එකකටවත් වඩා එමලි මෙහෙම සන්නිවේදනය කරපු එක ගැන සෑහෙන්න සතුටක් දැනුනා. එමලිට එයාලා හයියෙන් කතා කර කර හිනා උන සද්දේ කනට අමාරු වෙන්න ඇති කියලා මට හිතුනා. එමලි ඒක කිව්වේ එක එක ක්‍රම වලින්.

Mommy Daddy lets go කිව්වා.සමහර වෙලාවට එමලි වෙන අයටත් අම්මා තාත්තා කියලා කියනවා. ඒ කියන්නේ ආමන්ත්‍රණයක් විදියට. ඊට පස්සේ එමලි හිතුවා මේ ඉන්නේ තාත්තයි සහෝදරියයි කියලා 😅. ඒ නිසා කිව්ව Daddy Sister Go කියලා.Brother sister go කිව්වා. බැරිම තැන Girl and boy Go කිව්වා. හැබැයි කේන්තියෙන් වත් නොරිස්සුමින්වත් නෙමේ යන්න කිව්වේ. Sister ,mommy ,girl and boy කියලා එක දිගට එක එක විදියෙන් එමලි කතා කරා. Go Upstairs කියලත් කිව්වා 🤭

එමලිට තේරෙන්නේ නෑ එහෙම දෙයක් කියන එක හොද නෑ කියන එක.ඒ ගැන තියා කිසිම සමාජ සිද්ධින්, හැඩයන් , මනුශ්‍ය ගනුදෙනු හැඩයන් ගැන එමලිට තාම දැනීමක් නෑ. ඒත් අපිට සතුටක් ආවේ එමලි එයාට පුලුවන් විදියට එයාගේ හැඟීම් වාචිකව සන්නිවේදනය කරපු එක ගැන. අපි එමලිට කිව්වා එයාලත් Swim කරනවා ඔයත් ගිහින් Swim කරන්න කියලා🤭 .ඒ දෙන්නා ටික වෙලාවකින් එතනින් ගියා. අපිත් ටික වෙලාවක් ඉඳලා එතනින් ආවා. ගෙදර එන ගමනුත් අපි දෙන්නා හිනා වෙවී කතා කර කර ආවේ ඒ උන සිද්ධිය ගැන. මීට කලින් කවමදාකවත් මේ වගේ දෙයක් වෙලා නෑ. එමලිට මීට වඩා මේ දේවල් ගැන තේරුම් ගන්න පුලුවන් කාලේ හෙමින් කියල දෙන්න ඕනේ අපිට කිසිම මනුස්සයෙක්ගේ නිදහසට බාධා කරන්න බෑ කියන එක.

ඒත් අද මම සතුටු උනා එමලි තමන්ගේ හැඟීම් එක එක වචන එකතු කරලා කොහොම හරි එළියට ප්‍රකාශ කරපු එක.🥹

මුල් සබැඳිය : වෙනස්ම අත්දැකීමක්