අද උදේ අපි බීච් එකට එමලිව එක්කන් ගියා.ඒත් වෙනදට වඩා වෙනස් අද අත්දැකීම. මතක ඇති මම කලින් පෝස්ට් එකක ලිව්වා Brands Names ,Logos ගැන එමලිට මේ කාලේ තියන Special interest එක ගැනයි ඒ නිසාම එමලි දකින දකින අයගේ ෆෝන්ස් රීස්ටාර්ට් කරලා ඒ එන Logos බලන්න යන එකයි ගැන. එමලිගේ Special interests එක නතර නොකර ඒකට සහය දෙන ගමන් මෙහෙම දකින අයගේ ෆෝන්ස් රීස්ටාර්ට් කරන්න යන එක වළක්වන්න අපි ගත්ත ක්‍රියාමාර්ගය ගැනත් මම ලිව්වා. ඉතිං අපි කරේ ඒ Logos සහ වෙනත් Brand names වල ෆොටෝස් Google එකෙන් Download කරන් එමලිට ඒ අවශ්‍ය වෙලාවට පෙන්නන එක.

අද බීච් එකට ගියාම එමලිට ඕනේ උනා එතන තිබ්බ බෝට්ටුවට නඟින්න. එමලි තාත්තට කියලා ” Ride the boat ” කියලා🤭. ඊට පස්සේ මාදැල අදින්න ඕනේ උනා. කොහොම හරි ශේප් කරන් ගෙනල්ලා එයාගේ Chocolate milkshake එක දුන්නම ඒකත් බිව්වා.

අද අපි ගිය තැන ටිකක් විතර කට්ටිය ඇවිල්ලා හිටියා. එක මේසෙක Family එකක් හිටියා.තවත් මේසෙක හිටියා පිරිමි ළමයි ටිකක්. එමලිට උවමනා උනා එයාලා ලගට යන්න.මේ උවමනා උනා කියන එක කියන තරම් සරළ නෑ.එමලි බිම පෙරළුනා.වැලි ගොඩේ නිදාගත්තා.ඒකට හේතුව අපි යන්න දුන්නේ නැති නිසා. යන්න දුන්නේ නැත්තේ අපි හොදටම දන්නවා මේ යන්න හදන්නේ ඒ ඉන්න අයගේ ෆෝන් රීස්ටාර්ට් කරලා Logos බලන්න කියලා. ඉතිං එමලිගේ තාත්තා එමලිව වඩාගෙන උස්සගෙන වාහනේට අරන් ආවා. ඊට පස්සේ අපි දෙන්නා කරේ එමලිව සන්සුන් කරන්න අර අපි කලින්ම Download කරන් ඉන්න Brand names සහ Logos එකින් එක එමලිට පෙන්නපු එක. ඔන්න එතකොට එමලිගේ Mood එක හරි ගිහින් එයාට ලොකු සතුටක් ආවා.

එමලිට වෙන අයගේ ෆෝන්ස් රීස්ටාර්ට් කරන්න තියන උවමනාව නැති වෙලා යනකල්ම අපිට ඉතිං මේ වගේ කරන්න වෙනවා. මේ අභියෝග වලට මූණ දෙන එක අපිට දැන් පුරුදු වෙලා.ඒත් ඉතිං අපිට මානසිකවත් ශාරීරිකවත් සෑහෙන්න මහන්සියි. ඒක මම ගෙදර එන ගමනුත් කල්පනා කරා. ඇත්තටම මගේ ඔලුව නිකන් වෙලාවකට කරකවලා අත් හැරියා වගේ 🫠. ඒත් අද දවසෙත් අපි කොහොමින් හරි එමලි කළබල නොවෙන්න සාර්ථකව ඒ අහියෝග මොහොත කළමනාකරණය කරගත්තා.

මුල් සබැඳිය : වෙනදට වඩා වෙනස් අත්දැකීමක්