සෑම ඔටිසම් දරුවෙක්ටම අවශ්‍ය වෙන සහය ක්‍රමවේදය පදනම් වෙන්න ඕනේ දරුවාගේ විවිධත්වය වටහාගැනීම සහ පිළිගැනීම මත මිසක් දරුවාට එයාගේ නොවන වෙනත් සාම්ප්‍රදායික චරිතයක් රඟපාන්න පුහුණු කිරීම මත නෙමේ.
අපි එමලිව ලොකු කරන්නේ එයාගේ විවිධත්වය වරදක් හෝ අසාමාන්‍යතාවයක් නෙමේ කියන එක ඒත්තු ගැන්වෙන පරිසරයක් ඇතුලේ. අපි බලාපොරොත්තු වෙනවා එමලි ලොකු උනාම අපි වගේම එයාගේ විවිධත්වය ගැන සමාජය දැනුවත් කරන වගකීම බාර ගනී කියලා.
එමලිගේ සන්නිවේදන හැඩය එමලිට ගැටලුවක් නොවෙන්න, ඕනේම සන්නිවේදන ක්‍රමයක් පිළිගන්නවා කියන එක අපි එමලිට කියලා දෙනවා.
එකම සිංදුව ආයේ ආයේ මුමුණන එක, බලන්න අපහසු දේවල් දිහා නොබලා අහක බලන එක, දරාගන්න අසීරූ සමාජ පරිසරයන් ප්‍රතික්ශේප කරන්නත් , එකම කෑම වට්ටෝරුව දිගටම පවත්වාගෙන යන්න, ශබ්ධ අධික වුනාම ඒවා කළමනාකරණය කරගන්න තමන්ට පහසු ක්‍රමවේදයක් පාවිච්චි කරන එකේ ඉඳන් එමලිගේ විවිධත්වය ඇතුළේ තියන එයාටම අන්න්‍ය වූ හැඩයන් වරදක් නෙමේය කියන එක අපි එමලිට උගන්නනවා.
මට දැනට , මේ මොහොතේ එමලිට කියලා දෙන්න ඕනේ එයා ගෙදරට කළු අදින එක අසාමාන්‍ය දෙයක් නෙමේ කියන එක. ඒක ගැටලුවක් විදියට අපි දකින්නේ නෑ කියන එක මට ඕනේ උනා එමලිට කියන්න. අපිට වැදගත් වෙන්නේ එමලි එයාගේ අභියෝග කොයිතරම් හොඳට සහ පහසුවෙන් කළමනාකරණය කරගෙන මානසික සුවයෙන් ඉදිරියට යන එක විතරයි.
දරුවන්ට විතරක් නෙමේ හැම මනුස්සයෙක්ටම තමන්ගේ විවිධත්වය ඇතුලේ නිදහසේ ජීවත් වීමේ ගෞරවාන්විත ඉඩක් මේ සමාජේ ඇතුළේ නිර්මාණය වෙන්න ඕනේ. ඒ ඉඩ විනිශ්චයෙන් තොර සාමකාමී ඉඩක් වෙන්න ඕනේ.
