ඊයේ රෑ ඉඳන් වැස්ස නිසා එළියට බහින්න හරී කම්මැළි අපිට🫠. ඒත් එමලිට එහෙම කම්මැළි දවස් නෑ. ඒ නිසා යන්නේ කොහෙද කියලවත් කිසිම අදහසක් නැතුව අපි ගෙදරින් එළියට බැස්සා. ඉස්සර ගෙදරින් එළියට යනකොට අනිවාර්යයෙන් එමලි කන කෑම , එමලි කෑම කන හැන්ද පවා අපිට අරගෙන යන්න උනා. දැන් එහෙම නෑ..එමලි දැන් කඩේ කෑම කනවා. ඒකත් තෝරලා බේරලා කන්නේ. ඒත් දැන් ගෙදරින් හැම දේම අපිට අරන් යන්න ඕනේ නෑ. ඒක සෑහෙන්න පහසුවක්. කොහොම හරි ගෙදරින් එළියට බැස්ස වෙලේ ඉඳන් වැස්ස. අපි මීගමු පැත්තට ගියා. වැස්සෙම බීච් එක ලගින් බැහැලා තෙමි තෙමී බීච් එකට ගියා. එමලි නං කොහොමත් වැස්සේ තෙමෙන්න ආසයි. අපිත් අද වැස්සේ තෙමුනා 😅. ඒකෙත් පොඩි විනෝදයක් නැතුවම නෙමේ. මූද සැර නිසා ලොකුවට රැල්ල පාඟන්න අරන් ගියේ නෑ. ඒත් එමලිට දුවන්න ඕනේ උනා. ඒක එමලි තාත්තට කිව්වේ ” Hundred run” කියලා. ඒකෙන් එමලි අදහස් කරේ ගොඩක් දුවන්න ඕනේ කියලා.

වැස්සෙම අපි බීච් එකේ දිව්වා. එතන තිබ්බ බෝට්ටුවට නඟින්න එමලි සෑහෙන්න Try කරා. කොහොම හරි ශේප් කරන් එමලිව එතනින් ගෙනාවා. දැන් එමලි ගෙදරින් යන්න කලින් එයාගේ කණ්ණාඩි මේසේ ඉස්සරහා තියන පොඩි පුටුවේ ඉඳගෙන මට කොණ්ඩේ බඳින්න දෙනවා. ඒත් ගමනේ මඟක් දුරට යනකොට Hair band එක ගලවලා විසික් කරනවා🤭.ගෙදර එනකල් සැරින් සැරේ අක්කගේ ඇඟ උඩට ගිහින් හිනා උනා. අක්කත් ඒවට හිනා වෙනවා මිසක් නංගිට එපා කියන්නේ නෑ.

ඉතිං අද ඉරිදා දවස හොදයි 🙈.

මුල් සබැඳිය : වැස්ස දවස, කම්මැලි දවස