පහුගිය දා ලංකාවට සිද්ධ වුන ව්‍යවසනය නිසාම අපේ සහය ලැබිය යුතුම සහෝදර පවුල් වලට සහය ලබා දීමත් සහ මේ වගේ වාතාවරණයකදී ඇති වුන ස්වාභාවික කම්පනය නිසාත් ටික දවසක් නිහඩව ගත කරා. එමලිට මේ වුන දේවල් ගැන තේරුමක් නැහැ. ඒත් වතුර ගලලා ප්‍රදේශ යට වුන සමහර වීඩියෝ මම එමලිට පෙන්නලා පැහැදිලි කරා. ඒත් වතුර ගංගාවල් වගේ ගලාගෙන එන විදියෙන් එහාට එමලිට ඒ හරහා සිද්ධ වුන ව්‍යවසනය ගැන තේරුම් ගන්න බැහැ.

මේ කළබල අතරේ අපි එමලිගේ දවසේ සුපුරුදු චර්‍යාවන් නොවෙනස්ව පවත්වාගෙන ගියා. පුළුවන් විදියට එමලිත් එක්කම අවශ්‍ය සහය අදාළ තැන් වලට ලබා දුන්නා. ඒමලිගේ සුපර්මාර්කට් ලිස්ට් එක නං එන්න එන්නම දික් වෙනවා. දැන් ඒකට සබන්, ලොලිපොප්, අයිස්ක්‍රීම් එකතු වෙලා. හැබැයි මේ හැමදේම අරන් දෙන්න පුලුවන් උනත් මම ඒක නොකරන්නේ ඒක එහෙම කරොත් අනිවාර්ය Routine එකක් වෙන නිසා. ඉල්ලන මුළු ලිස්ට් එකම අරන් දුන්නේ නැති උනාම පොඩ්ඩක් චුරු චුරු ගාලා එමලි Regulate වෙනවා.

මේ දවස් වල එමලි වෙනදට වඩා වැඩියෙන් වචන , වාක්‍ය කියනවා. ඒක මට සතුටක්. ඒ වගේම ගොඩක් තැන්වලට කිසිම ගැටළුවක්, Sensory overload වීමක් නැතුව එකතු වෙනවා.විශේශයෙන් වෙනත් ගෙවල් වලට යනකොට කැමැත්තෙන් ගිහින් ඉන්නවා. ඒ වගේම තමයි එමලි Brand names, Logos බලලා ඒවල වචන මට කියලා අහගෙන ඒවා බලාගෙන බිම පුරාම ඒවා ලියන්න පටන් අරන් තියෙන්නේ. ඒ විස්තර මම හෙමින් කියන්නම්.අපිට සියන්සගේ කතාවේ නමවෙනි කොටසත් තියනවා කියවන්න. ඔයාල හැමෝම හොදින් ඇති කියලා මම හිතනවා. යම් කරදරයක්, පීඩාවකට මූණ දුන්නත් ඒවා මතින් නැවත ජීවිතයේ හිනා වෙලා සාමයෙන් ඉන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏

මුල් සබැඳිය : ලංකාවට සිද්ධ වුන ව්‍යවසනය දවස් ටිකේ එමලි