එමලි ගෙදරට කළු අදින්නේ Predictable Routine එකක් ගෙදර පවත්වාගෙන යන එක එයාගේ මනසට පහසුවක් නිසා. ඒත් ගෙදරින් එළියට යනකොට එමලි පාට ඇදුම් අදිනවා. ඒත් ඒ අදින ඇදුම් තෝරගන්නේ එමලිම තමයි. සමහර දවස් වලට සරුංගලයක් වගේ තමයි ගෙදරින් එළියට බහින්නේ. අපි ඒවා වළක්වන්නේ නෑ. එමලිගේ පහසුව තමයි අපි බලන්නේ.

අද මම්මාච්චිගේ ගෙදර ගිය වීඩීයෝ එක තමයි මම මේ දාලා තියෙන්නෙ. එහේ යන්න ලෑස්ති වෙනකොට කලිසමයි, අත් දිග ටීශර්ට් එකයි ඇඳගත්තා. ඊටත් පස්සේ එමලිගේ Confident Skirt එක කියලා අපි කියන එයාගේ ballet skirt එක උඩින් ඇදගත්තා. සරුංගලයක් වගේ තමා  ලෑස්ති උනාට පස්සේ. මට වෙලාවකට ඇත්තටම හිනා යනවා එමලිගේ සමහර Fashion දැක්කම.

මම්මාච්චිගේ ගෙදර ගිය වෙලේ ඉඳන් මම්මාච්චිගේ පොඩි Nokia phone එක අතේ තියන් හිටියා.ඒක Restart කරන්න කියලා මම්මාච්චිට කිව්වා.ෆ්‍රිජ් එක ළඟට ගිහින් ඒකේ Singer Brand name එක කිව්වා. මම්මාච්චිගෙ ලග තියන අනික් ෆෝන් එකෙත් Brand name එක කියලා ඉල්ලුවා. මට මම්මාච්චිගේ අයන් එක පෙන්නලා ඒ Brand name එක මොකක්ද කියලා ඇහුවා. ආයෙත් හයියෙන් උඩ තට්ටුවේ ඉඳන්ම මම්මාච්චිට හයියෙන් කෑ ගහලා එමලිගේ Bedsheet එක ඉල්ලුවා.  ඉතිං මෙහෙම එමලි එයාගේ Special interest එකත් එක්ක මේ වගේ වචන, වාක්‍ය කියන එක අපිට ලොකු සතුටක්.

එමලි ආසයි පොඩිම බබෙක් වගේ හුරතල් වෙන්න. ඒකයි මම්මාච්චි එමලිව වැනියන් කලූ කිය කිය උකුලෙ තියන් පද්දන්නේ 🤭. ඔහොම හුරතල් වෙලා දිගටම Brand names ගැනම කතා කරලා තමයි එමලි ආයේ ගෙදර ආවේ.

මුල් සබැඳිය : මම්මාච්චිගේ පොඩි Nokia phone එක