දැන් මාසෙක වගේ කාලයක ඉඳන් එමලිව අරන් දිග ගමනක් නං යන්න උනේම නෑ. අඩුම ගානේ Swimming එක්කන් යන්නවත් බැරි උනා. හේතුව අපි ගෙදර Repair වැඩ අස්සේ හිර වෙලා නිසා. එමලි සැරින් සැරේ මතක් කරනවා ” Swimming Day” කියලා. ඉතිං මේ වැඩ ඉවර උනාම ආයේ පරණ විදියටම එමලිව නිතරම එහේ මෙහේ අරන් යන්න ඕනේ. එමලිගේ වාචික සන්නිවේදනය හෙමින් හෙමින් සංවර්ධනය වෙනවා. ඒ වගේම තමයි අළුත් කෑම ජාති Try කරලා බලන්න වෙනදට වඩා එමලි උත්සාහ ගන්නවා.

මේ දවස් වල කිසිම ප්ලෑන් එකක් නැතුව තමයි දවස් ගෙවුනේ. ඒ කියන්නේ එමලිට දවස ගෙවන්න Structure එකක් නෑ. වෙනදට මම එමලිගේ දවස ගෙවෙන විදිය, එයාගේ මනස සහ ශරීරය සන්සුන් කරගන්න අවශ්‍ය විදිය, දැනුම ලබා ගන්න අවශ්‍ය මූලාශ්‍ර වගේ හැම දේම බැලන්ස් කරනවා. ඒත් පහු ගිය දවස් වල ඒ Structure එක සම්පූර්ණයෙන් අවුල් වෙලා ගියා කියන එක මට හොඳටම දැනුනා. ඒකට හේතුව ගෙදර එක එක Repair වැඩ වෙනකොට මට එමලිව කාමරේට දාගෙන ඉන්න උන නිසා. ඒත් එමලි පොඩ්ඩක්වත් නොසන්සුන් උනේ නෑ. ඒකට හේතුව එමලි ගොඩක් Enjoy කරා ගෙදර වෙනස් වෙන විදිය බලලා.

ඔටිසම් දරුවන්ගේ සංවේදන සංවේදීතාවයන් කාලෙන් කාලෙට අවම හෝ අධික වෙන්න පුලුවන්. මේ කාලයේ එමලිට ඉතා සියුම් ශබ්ද දරාගන්න හරිම අපහසුයි. ඒත් ලොකු ශබ්ධ ඒ කියන්නේ ලී ඉරන, බිත්ති Drill කරන, බඩු අදින ,බල්ලො බුරන වගේ ඕනේම ශබ්ධයක් දරාගන්න පුලුවන්. වාහනේ හෝන් එක ගහන, අපේ ෆෝන්ස් වලට මැසේජ් එන ශබ්දය වගේ සියුම් ශබ්ධ එමලිට හිරිහැරයක්. ඒකට හේතුව Predictable deep sounds මනසට හිරිහැරයක් නෑ ඒවා කොයිතරම් අධික ශබ්ධකාරී උනත්. ඒත් එක පාරටම හෝන් එකක් ගහන ශබ්ධය, ෆෝන් එකක් රිංග් වෙන ශබ්දය අපහසුයි. Sharp / High frequency / Unpredictable ශබ්ධ මනසට අපහසුයි.

අද වැඩ වලින් පොඩි නිවාඩුවක් ලැබුණ නිසා අපි එමලිවයි අක්කවයි බීච් එකට අරන් ගියා. කල් තියා එමලිට මම කිව්වා අපි ” Milkshake beach ” එකට යනවා කියලා. එමලි එතන්ට ” Milkshake beach ” කියලා කියන්නේ හැමදාම එතන්‍ට ගියාම එමලිටයි අක්කටයි Milkshake අරන් දෙන නිසා.

ඒත් බීච් එකේ වැඩි වෙලාවක් ඉන්න එමලි කැමති උනේ නෑ. ටික වෙලාවක් රැල්ල පාගලා ආයේ ඇවිල්ලා ඉඳගෙන Milkshake එක බීලා වාහනේට ගියා. කෑම ඕඩර් කරලා ඒක එනකල් අපි වාහනේට වෙලා හිටියා.එතකොට එමලි එයාගේ මනස සන්සුන් කරගන්න පාවිච්චි කරේ දිගින් දිගටම එයා කැමති Brands වල නම් කියලා. එමලි කියන හැමදේම මම රිපීට් කරන්න ඕනේ. එහෙම තමයි එමලි එයාගේ මනස Regulate කරගන්නේ.

මුල් සබැඳිය : කිසිම ප්ලෑන් එකක් නැතුව තමයි දවස් ගෙවීම