පහු ගිය දවස් ටිකේ එමලිගේ එක Routine එකක් වෙනස් කරන්න සිද්ධ උනා. එමලිගේ කාලාන්තරයක් තිස්සේ තිබ්බා නිදාගන්න යනකොට එක ඇප් එකක තියන පරණ පාට, වටේට පිච්චුන ලියුමක රූපයක් දිහා බලන එක. ඒක බලලා තමයි නිදාගන්නේ. පස්සේ පාන්දර දෙකට තුනට නැගිටලා ගිහින් ඒක බලලා ආයේ ඇඳට ඇවිල්ලා නිදාගන්න පටන් ගත්තා. එමලිගේම සමහර රටාවන් එයාටම හිරිහැරයක් වෙනවා කියලා තේරෙනකොට මම ඒ රටාවන් වෙනස් කරන්නේ ඒ වෙනුවට එයාගේ මනස සන්සුන් කරගන්න වෙන දේවල් ආදේශ කරල. නැත්තන් එමලිගේ මනස ගොඩක් නොසන්සුන් වෙනවා. මේ වගේ රටාවන් වෙනස් කරන එක පහසු නෑ.ඒත් එමලිට දැන් කලින්ට වඩා සමහර දේවල් වෙනස් වීම යම් තාක් දුරකට දරාගන්න පුලුවන්.

ලගදි දවසක මම පොඩි වෙලාවකට එහාට මෙහාට යනකල් ඉඳලා එමලි කාමරේට ගිහින් කතුරක් හොයන් එයාගේ කොණ්ඩේ උඩින් උඩින් කපාගෙන🙄. ඒත් හොඳ වෙලාවට ගොඩක් කපන් නෑ .මම ඇහුවම ඇයි මේ කොණ්ඩේ කපාගත්තේ කියලා ඉතිං සුපුරුදු විදියට එයාට අදාළ දෙයක් නෙමේ වගේ හිටියා.

ඒත් එක්කම මම එමලිට ආයේ තව බෝනික්කෙක් අරන් දුන්නා. විශේෂත්වය තමයි ඒ බෝනික්කට පොඩි baby cot එකකුයි Feeding chair එකකුයි තියනවා.රෝස පාට Feeding bottle එකක් තියනවා. ඉතිං එමලිගේ වැඩේම ඒ බබාව Cot එකට දාලා නළවන එකයි ඉන්දවලා කිරි පොවන එකයි.කිරි බෝතලේට වතුර පුරවලා පොවන එකයි.සාලේ හැමතැනම වතුර😅. මේ වගේ Play එක්ක මම කරන්නේ Language model කරන එක. දොයි දොයි කියලා බබාව නිදි කරන්න , බඩගිනී, කෑම කන්න කියලා මම කියනකොට එමලි ආයේ ඒ වචන ටික රිපීට් කරනවා.

අද බීච් එකට එක්කන් ගියා. ගෙදරින් යන්න කලින් Exercise machine එකත් පැදලා ගෙදර බිත්ති කීපයක් අල්ලලා තමයි එළියට බැස්ස්සේ. නිදාගන්න කලිනුයි ගෙදරින් එළියට බහින්න කලිනුයි එමලිගේ Routine එකක් තමා බිත්ති අල්ලන එක.ඒවා කරන්නේ මනස සන්සුන් කරගන්න ක්‍රමයන් විදියට. හැම ඔටිසම් දරුවෙක්ම, පුද්ගලයෙක්ම එකිනෙකට වෙනස්.කුසලතා හා අභියෝග වෙනස්. එමලිගේ ලොකුම අභියෝගය තමයි තමන්ට දැනෙන සංවේදන සංවේදීතාවයන් කළමනාකරණය කරගන්න අපහසු වීම.ඒ නිසා අපි එමලිට ලබා දෙන මූලිකම සහය තමයි මනස සන්සුන් කරගන්න , සංවේදන සංවේදීතාවයන් කළමනාකරණය කරගන්න පහසු ක්‍රමයන් හඳුන්වා දෙන එක.

ඔටිසම් කියන්නේ රෝගයක් නෙමේ.ස්නායු විවිධත්වයක්. ලෝකයේ සාම්ප්‍රදායික ස්නායු හැඩයකින් වගේම ස්නායු විවිධත්වයෙන් යුතු ප්‍රජාවන් ජීවත් වෙනවා. මෙන්න මේ විවිධත්වය වටහා ගන්න එක වඩා පහසු කරන්න තමයි අපි මේ පිටුව හරහා උත්සාහ ගන්නේ. ඒ ගැන වඩා දැනගන්න පුලුවන් මේ පහළ තියන ලින්ක් එක හරහා වෙබ්සයිට් එකෙන්.මේක විශේෂයෙන්ම කියන්නේ පේජ් එකත් එක්ක අලුතින්ම එකතු වුන පිරිසට 😘

මුල් සබැඳිය : ඔටිසම් කියන්නේ රෝගයක් නෙමේ.ස්නායු විවිධත්වයක්.