මම දැන් ඉතිං ටිකක් වැඩියෙන් මේ කාලේ කතා කරන්නේ එමලිගේ Special interest එක ගැන තමයි. ඔටිසම් දරුවන් නැති දෙමාපියන් සහ අනෙකුත් අයට දකින්න ලැබිලා ඇති ඔටිසම් දරුවන් එයාලා වඩාත් කැමති දේවල් පස්සේ යනවා සහ දරුවන් සන්සුන් කරන්න දෙමාපියන් උත්සාහ ගන්න අවස්ථා. උදාහරණයක් විදියට ෆෑන් කැරකෙන , වොශින් මැශින් වැඩ කරන විදිය ගැන උනන්දු බබාලා පාරේ යනකොට සිංගර්, දම්රෝ වගේ Shops දකිනකොට ඒවා ඇතුළට ගිහින් ඒ පේන Fan, washing machines අතගාලා බලන්න ඕනේකම නිසා නොසන්සුන් වෙන්න පුළුවන්. Elevators ගැන Special interest එකක් තියන දරුවෙක්ට Elevator එකක් දැක්ක ගමන් ඒකෙ නැගලා දහ පාරකට වඩා උඩ යට යන්න උවමනා වෙනවා. තමන් වඩාත් කැමති දෙයක් කොහේ දැක්කත් ඒ දරුවගේ Hyperfocus එක බවට ඒ වස්තුව හෝ විශය පත් වෙනවා. ඒ මොහොත දෙමාපියන්ට ඉතාම අසීරු වෙන්න පුළුවන් දරුවව සන්සුන් කරන්න. ඉතිං ඒ දරුවාගේ හැසිරීම වැරදිත් න. දෙමාපියන්ගේ වරදකුත් නෑ. මේක තමයි Spectrum එකේ ඉන්න බහුතරයක් දරුවන්ගේ ස්වාභාවය සහ දෙමව්පියන් මුහුණ දෙන අභියෝග.
මේ වගේ Special interest වළක්වනකොට වෙන්නේ විශාල පීඩනයක් දරුවා තුළ එකතු වෙන එක. ඒ වෙනුවට අපි කරන්න ඕනේ දරුවාට ඒක Intense අත්දැකීමක් නොවෙන්න සහය දෙන එක.
එමලිට අවශ්‍ය වෙලාවට අපි මනසට බෙහෙත් දෙනවා වගේ අර Download කරගෙන ඉන්න Brand names පෙන්නුවා. ඒවා වල නම් එමලි කියනවා. ඉතිං එක පැත්තකින් එමලිගේ වාචික සන්නිවේදනය සංවර්ධනය වෙනවා. අනික් පැත්තෙන් එමලි උනන්දු වෙනවා අකුරු එකතු කරලා වචන කියවන්න වගේම ලියන්නත්. එමලි දැන් වෙනදට වඩා වැඩියෙන් අපිත් එක්ක කතා කරනවා. සාම්ප්‍රදායික හැඩයේ සංවාදයක් ගොඩ නඟා ගන්න අපහසු උනාට එමලිගේ හැඩය ඇතුලේ එමලි අපි එක්ක එයාගේ Special interest සම්බන්ධව හැකි විදියට කතා කරනවා.
එමලි තාත්තට ඒ Brands වල නම් කියලා එමලිගේ චිත්‍ර පොතේ ඒවා අන්දගන්නවා. තාත්තා ඒවා අදිනකල් සීරුවට ලගට වෙලා බලන් ඉන්නවා. ඊට පස්සේ ෆෝන් එකෙන් ඒ අවශ්‍ය ෆොටෝස් අක්කට කියලා දාගෙන අක්කට කියනවා ෆෝන් එක අල්ලන් ඉන්න කියලා. එහෙම කියලා එමලි ඒක බලන් බිම හැම තැනම ඒවා ලියනවා. ඉතිං ඒකෙන් එමලිගේ ලිවීමේ හැකියාවත් දියුණු වෙනවා.
මගේ ගෙදර තනි සුදු පාට බිත්තියක් විදියට එමලිගෙන් බේරිලා තිබ්බේ Tv room එකේ බිත්තිය විතරයි. දැන් ඒකත් එමලිගේ චිත්‍ර වලින් ටික ටික වැහිලා යන්න පටන් අරන්
. බිම් මට්ටමේ ඇදලා ඒ ඉඩ ඉවර උනාම සෝෆා එක උඩට නැගලා බිත්තියේ උඩ තියන ඉඩේ දැන් එමලි චිත්‍ර අදිනවා.
එමලිගේ තාත්තා එමලිට එයා කැමති Brand Names , Logos එක්කම ලොකුවට Print කරලා ගෙනල්ලා දුන්නා. ඒ ටික අතට හම්බුනාම එමලිට ලොකු සතුටක් ආවා.එයා ඒවා වල නම් කිය කියා බිම පිළිවෙලට තිබ්බා. ඊට පස්සේ ඒවා බිත්තියේ ලියන්න ගත්තා. ඉතිං අපි එමලිගේ මේ කාලයේ තියන Special interest එක එමලිට Intense අත්දැකීමක් නොවෙන්න සහය දෙන ගමන් ඒක උපරිම පාවිච්චි කරලා එමලිගේම අහියෝග කළමනාකරනය කරගන්න උදව් කරනවා.
