මම පහු ගිය දවසක පෝස්ට් කීපයකින්ම බෙදා ගත්තා එමලිගේ විවිධත්වය එක්ක සහ එයාගේ ස්නායු සංවර්ධනයේ හැඩය එක්ක එමලිට තවදුරටත් ගෙදර මනසට Safe නෑ කියලා.එමලිම බිත්ති පුරා ඇදපු චිත්‍ර , එයාගෙ Toys වලින් පිරිලා තියන ගෙදර දැන් එයාට මනස සන්සුන්ව ඉන්න බැහැ. ඉතින් ගෙයක් Repair කරලා සම්පූර්ණයෙන් එමලිට අවශ්‍ය විදියට සකස් කරන එක පහසු කටයුත්තක් නෙමේ. ඒත් එමලිගේ තාත්තයි මායි කොහොම හරි මේ Project එක කරන්න ඕනේ කියලා තීරණය කරා. ඉතිං මේ දවස් වල ගෙදර වැඩ ඉවර වෙනකල් එමලිවයි අක්කවයි අරන් උදේට මම්මාච්චිගේ ගෙදර ගිහින් හවසට ආයේ ගෙදර එනවා.

එමලිට මේ එහා මෙහා යෑම පවා අපහසුවක් වෙන්න පුළුවන්. ඒ නිසා පුලුවන් තරම් ඒ අපහසුව අවම කරගන්න මම එමලිගේ Safe foods, අමතර ඇදුම්, එයා කැමති Fidgets toys, එමලිගේ Brand names print කරපු ටීශර්ට් ටික වගේ හැම දේමත් අරගෙන තමයි යන්නේ.

එමලිට මේ ගමන විනෝදයක් උනේ අපි ත්‍රීවීල් එකේ යන නිසා. මට මේ ගමන අභියෝගයක් උනේ එමලි PickMe Driver ගේ ෆෝන් එක අරගෙන Restart කරලා බලන්න යන නිසා. කොහොම හරි ඔයාට ඒක කරන්න බෑ කියලා යන ගමන් එමලිට එක එක Brand names, logos පෙන්න පෙන්න ගමන ඉවර වෙනකල් ශේප් එකේ ආවා.

මම එමලිට ෆොටෝස් හරහා පෙන්නලා දුන්නා ගෙදර Repair කරනවා කියන එක. නැත්තන් මේ මොකක්ද වෙන්නේ කියලා නොදන්න නිසා ඒකත් එමලිගේ මනසට හිරිහැරයක් වෙන්න පුලුවන්.

මම්මාච්චිගේ ගෙදර ගියාම ඉතිං කාලය ගෙව්ව විදිය තමයි ඔය වීඩීයෝ එකේ තියෙන්නෙ. මට එමලි කියන Brand Names ටික ලියන්න කිව්වා එයාගේ නමත් ඒකට එකතු කරලා. වරුවක් ඒවා ලිව්වා. ක්ලේ වලින් Play කරා.

පස්සේ එමලි මම්මාච්චිගේ ගෙදරට අදින ගවුම් අරන් ඒවා ඔක්කොම බැල්කනි එකට ගිහින් එකින් එක රටාවකට බිමින් තිබ්බා. අපි එයාට කැමති විදියට ඒක කරන්න දුන්නා. පස්සේ ඒවා ආයේ අරන් පහළට ආවා. එමලි තෝරගත්ත ගවුමක් මම්මාච්චිට දීලා කිව්වා ඒක ඇදගන්න කියලා.මම්මාච්චි ඒ කිව්ව විදියටම කරා 🤭. පස්සේ මම්මාච්චි එමලිට කියලා දුන්නා කොහොමද රෙදි නවන්නේ කියලා.

ගෙදර එනකොටත් ඒ PickMe Driver ගේ ෆෝන් එක ගන්න ගියා Restart කරන්න. ඒ මනුස්සයට හිනා. මම ඉතිං ඉක්මනට ඒ වගේ වැඩ අපිට කරන්න බෑ කියලා එමලිව සන්සුන් කරන් ගෙදරට යනකල්ම ළඟට කරන් අල්ලගෙන ගියා.

මේ වීඩීයෝ එක මම වැඩියෙන්ම දාන්නේ දැන් එමලිගේ සන්නිවේදන වෙනස ගැන කියන්න. එමලි කොහොම හරි එයාගේ අවශ්‍යතාවය අපිට වාචිකව කියන්න උත්සාහ ගන්නවා. වචන හොඳට කට ඇරලා පැහැදිලිව කියනවා. විශේෂයෙන්ම හරිම පහසුවෙන් මම්මාච්චි එක්ක සන්නිවේදනය කරගන්නවා. අපි හැමෝටම කියනවා ” sit properly” කියලා. ඒක කියන්න පටන් ගත්තේ කොහේ හරි ගියාම එමලි කකුල් දෙක උඩට අරන් ඉදගන්නකොට මම නිතරම ” sit properly” කියලා කකුල් දෙක පහළට දාන නිසා. ඒක කොපි කරන් එමලි Meaningful විදියට ඒක අදාළ තැන් වලට පාවිච්චි කරනවා.

 අපි හැමෝම එමලි කියන දේ හරියටම මොකක්ද කියන එක තේරුම් අරන් ප්‍රතිචාර දක්වන නිසා එමලිට සන්නිවේදන අපහසුතාවයක් තියනවාය කියන එක තවදුරටත් පීඩාවක් විදියට දැනෙන්නේ නෑ කියලා මට හිතෙනවා.

මුල් සබැඳිය : එමලි මම්මාච්චිගේ ගෙදර ගියාම කාලය ගෙව්ව විදිය