Sensory play කියන්නේ ඔටිසම් බබාලට තමන්ගේ මනස සන්සුන් කරගන්න පුලුවන් ප්‍රධානම ස්වාභාවික ක්‍රමය. ඒක නිකම්ම නිකන් Play එකක් නෙමේ. ඒ හරහා තමයි දරුවන්ගේ Brain එක හැඟීම්, චලනයන් සහ වටහා ගැනීම කලමනාකරනය කරගන්නේ.

එමලි රසය, ස්පර්ශය ,ශබ්දය වගේ සංවේදනයන් වලට අධික සංවේදීතාවයක් දක්වපු බබෙක්. වතුර ටිකක්වත් අතේ ගෑවෙනවට කැමති නැති උනා. ඒ සංවේදීතාවය කාලෙන් කාලෙට තාමත් අඩු වැඩි වෙනවා. ඒවා එමලිට පහසුවෙන් කළමනාකරනය කරගන්න පුලුවන් Sensory play වලින්.

වොශින් මැශින් එකට හාපික් දාලා සීනී පැකට් එකත් කඩලා ඇනුවට පස්සේ මම හිතුවා එමලිට ආයෙත් ඉතා දැඩි Sensory input එකක් අවශ්‍ය වෙලා තියනවා කියනවා කියලා. Sensory input කියලා කියන්නේ අපිට දැනෙන හැමදේම. ස්පර්ශය, ශබ්ධය, රසය , චලනයන් වගේ මේ දැනෙන හැමදේම හරහා තමයි අපි ලෝකය හදුනාගන්නේ. එතකොට අපේ ඔටිසම් බබාලා සහ පුද්ගලයින්ට මේ දැනීම ඉතා තදින් සහ වෙනස් විදියට දැනෙන්න පුලුවන්. ඒ නිසා එයාලා උත්සාහ කරනවා එකම ක්‍රියාව ආයේ ආයේ කරලා ශරීරයට ඒ අවශ්‍ය සමබරතාවය / දැනීම ලබා දෙන්න. දැන් මම එමලිට එපා කිව්වත් එයා සීනී, හාල්, පරිප්පු පැකට් කඩ කඩා ඒවා අල්ලන්නේ , අනන්නේ මම ඔය උඩ කිව්ව විදියට ස්පර්ශය, චලනය සහ ක්‍රියාවන් එයාගේ මනස ඉල්ලා හිටින අවශ්‍යතාවයක් නිසා. ඒ වගේම Sensory play හරහා සංවේදනයන් උත්තේජනය වෙනවා. මම Sensory play ගැනයි, දරුවගේ Sensory අවශ්‍යතා තෝරගන්නේ කොහොමද කියලයි වෙබ් එකේ ලියලා තියනවා. පහළ ලින්ක් එකෙන් ඒකට ගිහින් ඇක්ටිවිටිස් කියන කොටසින් ඒවා හොයාගෙන බලන්න පුලුවන්.❤️

Autism Ceylon

මම එමලිට Sensory play වඩා පහසුවෙන් කරන්න ඒ කාලෙම ගත්තා බේසන් දෙකක් බස්සපු Sensory table එකක්. ඉතිං ඒකට මම රතු පාට ජෙලි එකක් හදලා දැම්මා.පාන් පිටි, හාල්, Noodles දැම්මා. වතුරත් තිබ්බා. තෙත සහිත දේවල් අල්ලන්න අකමැති බබාලට අපිට පුලුවන් කඩල, හාල්, මුං ඇට වගේ Dry දේවල් දෙන්න. ඒ කිසිම දෙයක් අල්ලන්න අකමැති නං අපිට පුලුවන් Zip lock Bags වලට ඒවා දාලා සීල් කරලා දෙන්න. බෑග් එකත් එක්ක ඒවා අල්ලනකොට අපහසුතාවයක් බබාලට දැනෙන්නේ නැති වෙයි.

එමලි ඉතිං මේ ඔක්කොම දේවල් එකට එකතු කරලා වතුරත් කළවම් කරලා මිශ්‍ර කරා. එයාට කැමති විදියට Play කරන්න දීලා මම ලගින් පුටුවක් තියන් හිටියා. සැරින් සැරේ එමලිගේ Play එකට බාධාවක් නොවෙන්න එයා කරන ක්‍රියාව සරල වාක්‍යයෙන් හඳුන්වා දුන්නා. එමලි ඒ අනපු ඒවා චුට්ටක් කටෙත් දාගෙන රහ බැලුවා🤭. එයාට ඇති වෙන්න Play කරලා ඉවර උනාට පස්සේ කෙළින්ම පොඩි ශැම්පු බෝතලයක් අතට දීලා Bathroom එකට යැව්වා නාගන්න.එමලි නානවා කියන්නේ වරුවක් බේසමේ බැහලා සෙල්ලම් කරන එකට.

පහසුවෙන් ක්ලීන් කරන්න පුලුවන් තැනක Sensory play වලට ඉඩ හදලා දෙන්න.මම ඉස්තෝප්පුවේ තමා මේ මේසේ තියලා තියෙන්නෙ.එතකොට කෙළින්ම හෝදලා ක්ලීන් කරන්න පහසුයි. පාන් පිටි වගේ ඒවා එකතු කරාම බබා Play කරලා ඉවර උන ගමන් ක්ලීන් කරන්න.නැත්තන් ඒවා ගල් වෙලා ඇලිලා ක්ලීන් කරන්න අමාරු වෙනවා. ඒක අද මට උනා🤭

මුල් සබැඳිය : එමලි ගේ Sensory play