දරුවෙක්ට නිදහස දෙනවා කියන එක ඇතුලේ තියනවා වචනින් කියන්න බැරි තරම් අප්‍රමාණ වටිනකමක්. ඒ නිදහස ඇතුලේ තමයි දරුවා ස්වාභාවිකව ගොඩක් දේවල් ඉගෙන ගන්නේ සහ අපිට පේන්නේ දරුවාගේ සංවර්ධන හැඩය. සැබෑ සංවර්ධනය සිද්ධ වෙන්නේ නෑ දරුවාගේ සෑම කුඩා පියවරක්ම වැඩිහිටියන් විසින් පාලනය කරනකොට.දරුවන්ට අත් හදා බලන්න දෙන්න. වැරදෙන්න ඉඩ දෙන්න. ආයේ ආයේ වැරදීම් හදාගන්න ඉඩ දෙන්න. ඒ හරහා දරුවා ඉගෙන ගන්නවා Survival skills.

එමලි අද කුස්සියට ඇවිල්ලා ළූනූ ,අල, සුදු ළූනූ එකින් එක අරන් එයාගේ මොට්ට Butter knife එකෙන් කෑළි වලට කැපුවා. ළූණූ ටිකක් සැර වැඩී. ඒක එමලිගේ ඇස් වලට දැනුනා. කඳුළු පිරුනා. ඉතිං එමලිගේ තාත්තා එමලිගෙන් ළූණූ ගෙඩි ටික අයින් කරන්න හැදුවත් එමලි ඒකට කැමති උනේ නෑ.මම කැමති උනෙත් නෑ🤭. මම කිව්වේ එමලිට ඒ සැර දරාගන්න බැරි උනාම ඒ වැඩේ එයාම නතර කරන කල් ඉන්න කියලා. එමලි වැඩේ අත් හැරියේ නෑ. ළූනූ ගෙඩිය ටිකක් ඈතට වෙන්න තියලා කැපුවා. අන්න ඒක තමයි එයා ස්වාභාවිකව එවෙලේ ඉගෙන ගත්තේ. ඒවා ඉගෙන ගන්න තමයි දරුවාට නිදහස සහ ඉඩ දෙන්න ඕනේ.

ඇස් දෙකෙත් කඳුළු පුරවන් ඉතිං ළූණූ ගෙඩි තුන හතරක් කෑළී වලට කපලා අල ගෙඩියකුත් මැදින්ම කැපුවා.පස්සේ සුදු ළූනූ ගෙඩියකුත් අරන් බික් වෙන් කරලා අත හෝදන් කුස්සියෙන් ගියා😅. අද එමලි දැනගත්තා ළූණූ සැරයි කියලා. ඒ සැරට ඇස් දෙකේ කඳුළු පිරෙනවා කියලා.ඒ නිසා පරිස්සමට ටිකක් ඈත් වෙලා ළූණූ කපන්න ඕනේය කියලා.

එමිලි ගේ එළවලු කැපිල්ලේ අවස්ථා කිපයක්

මුල් සබැඳිය : එමලි ගේ ළූණූ කැපිල්ල