එමලිව දැන් Supermarket එකට අරන් ගියාම අපි දකින අලුත්ම වෙනස තමයි එමලි එයාට කන්න හිතෙන කෑම ජාති ගන්න එක. එමලි කන්නේ තෝරාගත්ත කෑම ජාති ( Safe foods) විතරයි. ඒත් දැන් එමලි අලුත් කෑම වර්ග බයක් නැතුව Try කරන්න පටන් ගෙන තියෙන්නේ. වෙනදා ගියාම ගන්නෙම සබන් විතරයි. දැන් ඒකත් මම කියනවා නං තමයි ගන්නෙ. ගෙදරින් යනකොට මම කිව්වා සබන් කැට 3 ක් ගන්න පුළුවන්. ගිනි පෙට්ටි නං එක Box එකයි කියලා.කෑම ඕනේ තරම් ගන්න කියලා. එමලි ඒ විදියටම බඩු ගත්තා. අමතරව කුඩයක් ගත්තා.ලොකු ගම් බෝතලයක් ගත්තා. සපත්තු පොලිශ් එකක් ගන්න ගියාම මම එපා කිව්ව ගමන් ඒක ආයේ තිබ්බා. Feeding bottles වගයක් ගන්න ගියා දැකලා ආස හිතිලා.ඒවා අපිට වැඩක් නැති නිසා මම එපා කිව්වම එවෙලෙම ඒ ටිකත් ආයෙත් තිබ්බා🥹. කෝපි පැකට් එකක් ගත්තා කවරෙට ආස හිතිලා.ඒක ගන්න දුන්නා 🤭.

Supermarket එක ඇතුලෙත් හරිම Comfortable විදියට හැසිරුනා.ටිකක් දිව්වා. ඒත් අම්මා එනකල් ඉන්න කිව්වම නතර වෙලා බලන් හිටියා. බඩු ටික බෑග් වලට දාලා දෙනකල් හරීම ඉවසීමෙන් හිටියා. ගෙදර ආව ගමන් අතට ගත්තේ කුඩේ. ඒකත් අරන් වත්තට ගිහින් පැරශුට් එක වගේ කුඩේ එක්ක අහසට ඉගිල්ලෙන්න හදනවා මම බලන් හිටියා 😅 වැඩේ හරි ගියේ නැති නිසා කුඩේ එලියෙම තියලා ගෙට ආවා. ගෙට ඇවිල්ලා එමලි එයාගේ කොළ පාට ප්ලේට් එක අරන් ඒක තනියම හෝදගෙන සර්වියට් එකක් අරන් ඒකේ වතුර ටික හොඳට පිහිදාලා අර ගෙනාපු බිස්කට් පැකට් එකකුත් තනියම කඩන් දාන් කන්න ගත්තා. 🙈

එමලි ගේ ශෝපින්ග් ඩේ එක

මුල් සබැඳිය : එමලි ගේ සුපර්මාකට් ගමනේ අලුත්ම වෙනස