එමලි දැන් මාස තුනක විතර ඉඳන් එක එක ජාතියේ Music වලට ඇහුම්කන් දෙනවා.ගෙදරින් එළියට යනකොට Noise cancelling headphones දාගෙන යන්නේ වැඩියෙන්ම Comfort එකටයි තමන්ට ආගන්තුක ශබ්ද වලින් වෙන්න පුළුවන් හිරිහැරය වළක්වගන්නයි. ඒ ඇරෙන්න දැන් වෙනදට වඩා එක එක ශබ්ද තරංග එමලිට දරාගන්න පුළුවන්. අපි අපේ Tv එක මෑතක් වෙනකල්ම ගැරෙජ් එකට දාලා වහලා තිබ්බේ. ඒකට හේතුව නං එමලිට Tv එක on off කරාම නිවෙන පත්තු වෙන පොඩි රතු පාට ලයිට් එක හිරිහැරයක් උන නිසා. එමලි මුලින්ම ඒක කරේ එයාගේ ස්නායු උත්තේජනය කරගන්න. ඒ ලයිට් එක නිවෙන පත්තු වෙන දිහා බලන් ඉන්නකොට එමලිට අවශ්‍ය දෘශ්‍ය සංවේදන සංවේදීතා උත්තේජනය ලැබෙනවා. ඒත් ඒ ලබා ගන්න උත්තේජනය සමබර කරගන්න එමලිට අපහසුයි. උදාහරණයක් විදියට බඩ පිරෙන්න කෑම කෑවත් බඩ පිරිලා දැන් ඇති කියලා කෑම කන එක නතර කරගන්න බෑ වගේ. අපිට තේරෙනකොට දරුවා වඩාත් සතුටු වෙන දෙයක් උනත් ඒ හරහා දරුවා කලබලයට පත් වෙනවා කියලා අපි කරන්න ඕනේ ඒ දේ දරුවගෙන් ඈත් කරන එක.ඉතිං එමලි Tv එකේ ලයිට් එක දිහා බල බල ටිකක් කලබල වෙන්න ගත්තම මම දැනගත්තා එමලිට එයා ලබා ගන්න ස්නායු උත්තේජනය අධික වෙලා දැන් දරාගන්න අපහසුයි කියලා. ඉතිං අපි කරේ Tv එක ගැරෙජ් එකේ හංඟපු එක.
එමලි මෑතකදී තාත්තට දිගටම කිව්වා Daddy buy Tv කියලා. සෑහෙන්න කල්පනා කරලා අපි ආයේ Tv එක ගෙට ගත්තා.හැබැයි කලින් වගේ ඒක On off කරන්න ගියෙත් නෑ.කලාතුරකින් එමලි කැමති Word party cartoon එක දාලා දෙන්න කිව්වා විතරයි. ඒත් ඒක බලන්න උනන්දුවක් තිබ්බෙත් නෑ. ඒත් එමලි වෙනදා වගේ නැතුව Sounds වලට ආයේ ලොකු උනන්දුවක් පෙන්වන්න ගත්තා. එමලි 2023 දී නිතරම බැලුවා ” Chirag Dudhat ගේ Math – based Visuals. ඒවා ගණිත සංකල්ප මත නිර්මණය වුන Arts. ඒ වීඩීයෝ වල එක එක හැඩතල, සමීකරණ කලු පාට Background එකේ හරිම හෙමින් එහා මෙහා යනවා. එමලි ඒවා බලලා මතකේ තියාගෙන ගෙදර බිත්ති පුරාම ඒවා ඇන්දා. දැන් ආයෙත් එමලි අන්න ඒ වගේ
Schattman Math කියන චැනල් එකේ වීඩීයෝ බලනවා Full sounds දාලා. ඉතිං අපි හිතුවා එමලි Sounds හොයාගෙන යන බව පේන නිසා රේඩියෝ එකක් ගෙනල්ලා දෙන්න.එමලිගේ තාත්තට තමයි ඔය අදහස ඔළුවට ආවේ.
එමලි හරි කැමති උනා රේඩියෝ එකට. හැබැයි එමලිට තේරුමක් නෑ මොකක්ද රේඩියෝ එකක් කියන්නේ කියලා. එමලි ආසම සිංහල සිංදුව තමයි ජගත් වික්‍රමසිංහගේ ” ඔබේ සිනා ලඟ”. ඒකෙත් ආසම කොටස තමයි ” කුමටද උපමා”කියන කොටස. එමලිට ඒ සිංදුව අහන්න ඕනේ උනාම අපිට ඇවිල්ලා කියනවා ” කුමටද” කියලා 😅. දැන් එමලි හිතුවේ රේඩියෝ එකෙනුත් එයාට කැමති සිංදුව දාගන්න පුළුවන් කියලා. කුමටද/ කුමටද කියලා ඒ සිංදුවම ඉල්ලුවා. හොඳ වෙලාවට Bluetooth හරහා ඒ සිංදුව එමලිට දාලා දෙන්න පුළුවන් උනා. භාවනා කරනවා වගේ සන්සුන්ව ඒ සිංදුව අහන් හිටියා. ඔය සිංදුව මම එමලිව එක්කන් ගාල්ලෙ කොටුව බලන්න ගිය දවසේ වීඩීයෝ එකකට දැම්මා.ඉතිං සිංදුව අහනකොට එමලිට ඒ ගමන මතක් වෙන්න ඇති. රේඩියෝ එකත් එක්ක එමලි ගේ ෆොටෝස් ගන්න කියලත් තාත්තට කිව්වා.🤭
කොහොම හරි අද උදේ නැගිට්ට ගමනුත් රේඩියෝ එක තමයි අතට ගත්තේ. එමලිට ස්වාභාවිකවම දැන් එක එක Sounds දරාගන්න පුළුවන්. ඒ කියන්නේ එමලි හෙමින් හෙමින් එයාගේ සංවේදන සංවේදීතාවයන් කළමනාකරණය කරගන්න උත්සාහ කරනවා කියන එක. ඒක අපිට Good News එකක්.
මුල් සබැඳිය : එමලි ගේ අලුත් රේඩියෝ එක
