අපි මෑතකදී එමලි එක්ක Restaurant එකකට ගියා. වෙනදා වගේම යන්න කලින් දවසේ එමලිට ඒ ගැන කියලා දැනුවත් කරා. ඒ Restaurant එක සාම්ප්‍රදායික හැඩයේ එකක් නෙමේ.පරණ ගෙයක් Morden විදියට වෙනස් කරලා ඒකේ කාමර වලත් Sofa දාලා හරිම ලස්සන ,නිදහස් සන්සුන් පරිසරයක් ඇතුළේ හදලා තිබ්බේ.මම ඇත්තටම හිතුවා එමලි කැමති වෙයි කියලා. ඒත් ඇතුළට ගිය ගමන් ම එමලි අපේ අතින් ඇදන් ආයේ එතනින් එළියට එන්න හැදුවා. ඒත් එක්කම තාත්තට Tshirt එකත් ගලවන්න කිව්වා 😅. ඒකට හේතුව එතන එමලිගේ ඔළුවේ එයා හදාගෙන ඉන්න සාම්ප්‍රදායික Restaurant හැඩය තිබ්බේ නෑ සහ ගෙදර තාත්තා ඉන්න විදියට එතනත් තාත්තට T-shirt එකක් නැතුව නිදහසේ ගෙදර වගේ ඉන්න කියලයි එමලි කිව්වේ.එයා එහෙම කරලා try කරේ එතන ගෙදර තියන Vibe එක උපරිම හදාගෙන මනස සන්සුන් කරගන්න. අපිට එහෙම එතන ගෙදර වගේ ඉන්න බෑ කියන එක එමලිට තේරෙන්නේ නෑ. ඉතිං අපි එතන ඉන්නේ නැතුව අනික් පැත්තට එමලිව අරන් ගෙදර ආවා.ඒ ගමන සම්පූර්ණයෙන්ම අසාර්ථක වුනා.

එමලි හඳුනගෙන ඉන්න Structure එකෙන් එහා වෙනස් Structure එකකට එමලිට දැන්ම එක පාර සම්බන්ධ වෙන්න බෑ. ඉතිං ඒ නිසා අද අපි එමලිව අරන් ගියා සාම්ප්‍රදායික හැඩයකින් තියන Restaurant එකකට. මේක ටවුන් එකේම තියන එකක්.ගෙදරින් එලියට බහිනකොට එමලි එයාගේ බෝනික්කන්ගෙන් දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි අරගෙන තමයි යන්නේ. ලගදි එහෙම අරන් ගියපු එක බෝනික්කෙක්ගේ සපත්තුවක් ගෙදර දාලා ගිහින් අපිට මඟින් වාහනය හරවගෙන ගෙදර එන්න උනා ඒක ආයේ ගන්න. මේ වගේ දේවල් ඔටිසම් නොවෙන සාම්ප්‍රදායික ස්නායු හැඩයක් තියන දරුවෙක්ට උනා නං අපිට පුලුවන් දරුවට පැහැදිලි කරලා හිත සනසන්න. ඒත් එමලිට ඒක කරන්න බෑ. කලබල වෙන මනස සන්සුන් කරගන්න අපහසු වීම නිසාම ඒකෙන් දරාගන්න බැරි නොසනසුන්තාවයක් , කලබලයක් ඇති වෙන්න පුලුවන්.

Restaurant එක ඇතුළට ගියාම එමලි කලබල උනේ නෑ. අපි මුල්ලෙම තිබ්බ ඉඩක ඉඳගත්තා.එතන ඉඳන් ටවුන් එක හොඳට පේන නිසා එමලි තවත් කැමති උනා.කෑම ගෙනියන්න ඕඩර් කරලා බබාලා දෙන්නට Milkshake දෙකක් ඕඩර් කරා. එමලි එක්ක Restaurant එකක සාමකාමීව කෑම කන එක දැනට අපිට කරන්න අමාරුයි. අපි නොහිතපු විදියට විනාඩි 45 ක් පැයක් වගේ අපිට කෑම ලෑස්ති වෙනකල් බලන් ඉන්න උනා. එමලි එයාගේ බෝනික්කව ඉල්ලුවා.ඉතිං ඔන්න ආයේ වාහනේ ළඟට ගිහින් බෝනික්කව ගෙනල්ලා එමලිට දුන්නා.එමලිට හරි සතුටක් ආවා බෝනික්කව ගෙනල්ලා දුන්නම. එතන පරිසරය එමලිගේ මනසට හිරිහැරයක් උනේ නැති නිසා එමලි මුලු වෙලාවම පුරාම කලබලයක් නැතුව හිටියා. බෝනික්කා එක්ක ෆොටොස් ගන්න කිව්වම අපි ගත්තා. ඊටත් පස්සේ ටිකක් එහාට මෙහාට කැරකුනා. Milkshake එක ආවම ඒකත් බීලා බඩ පුරවගත්තා. මේසේ තිබ්බ හැඳි එකතු කරලා පේළියට තියලා Stimming කරා.මුලු පැයක්ම වගේ සාමකාමීව ඉඳලා Happy mood එකෙන්ම එමලි ගෙදර ආවා☺️

අද ගමන සාර්ථකයි 🙈

මුල් සබැඳිය : එමලි එක්ක Restaurant ගමන