එමලි එක්ක එයා කැමති Play අපි කරනකොට අපි දෙන Instructions දැන් එමලිට බොහෝ දුරට තේරෙනවා. තේරෙනවා කියන එකටත් වඩා එයාට ඒවා දැන් වඩාත් පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඔටිසම් දරුවන් මූණ දෙන්න පුළුවන් තවත් එක අභියෝගයක් තමයි තමන්ගේ මනස කියන දේට අනුකූලව ශරීරය ක්‍රියාත්මක නොවීම. උදාහරණයක් විදියට අම්මා බබාට කිව්වොත් දොර වහන්න කියලා බබාට ඒක තේරුනත් ක්‍රියාත්මක කරගන්න අපහසුයි. හේතුව මොළය සහ ශරීරය අතර තියන සම්බන්ධතාවය දුරස්ත නිසා.
මම Instructions පවා එමලිට Model කරා. උදාහරණයක් විදියට උදේට ගෙදර ජනෙල් අරින්නේ එමලිට ඒක කියලා එයාට පේන්න. හවසට අපි දැන් ජනෙල් වහන්න ඕනේ කියලා ජනෙල් වහනවා. කාමර වල Lights on/ off කරන්නෙත් එමලිට ඒක කියලා පෙන්නලා. ක්‍රියාව සහ ක්‍රියාකාරකම කියලා ඒක පෙන්නලා දෙන එක හරහා දරුවාට ඒවා වටහා දෙන එක භාෂාවේදී අපි කියනවා multisensory modeling කියලා.ඒ කියන්නේ ඔයා නිකම්ම නෙමේ බබාට වාක්‍ය කියන්නේ.ඒ කියන දේ ප්‍රායෝගිකව Visuals හරහා පෙන්නලා. එමලි එතනින් එහාට හෙමින් මම කරනවා වගේම උදේට ජනෙල් අරින්න ,හවසට වහන්න පුරුදු උනා. ඒත් එක්කම අපි දෙන Instructions ඒ විදියටම කරන්නත් පටන් ගත්තා. අපි මේ Instructions දෙන්නෙ එමලිට ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා හිතෙන සීමාවේ ඉදන්. උදාහරණයක් විදියට පොඩි පොඩි දේවල් -.කොස්ස ගේන්න, වතුර බෝතලේ පුරවන්න, අත් දෙක හෝදන්න, බෝනික්කගේ හැට් එක දාන්න වගේ දේවල්.
Receptive language Development කියලා අපි කියන්නේ දරුවා අපි කියන වාක්‍ය වටහාගන්න එකම නෙමේ. මේකට අයිති වෙනවා
- වචන
- වාක්‍ය
- ප්‍රශ්න
- අංග චලන/ මුහුණේ ඉරියව්
- හඬේ රිද්මය
එතකොට Expressive Language කියන්නේ දරුවා එයාගේ අවශ්‍යතාවයන් සහ සිතුවිලි අනෙකා සමඟ ප්‍රකාශ කරන විදිය.
- වාචිකව
- අංග චලන/ මුහුණේ ඉරියව්
- සංඥා භාශාව
- ලිවීමෙන් හො ඇඳීමෙන්
- ටයිප් කිරීමෙන්
- AAC හෝ picture cards
- ශබ්ධ,Vocal stimming ,ශරීරයේ ක්‍රියාවන් වැනි
සරළවම Receptive language එක තියෙන්නේ වටහා ගන්න. expressive language එක කියන්නේ ප්‍රකාශ කරන්න.
එමලිගේ දැන් මේ දෙකම සමබරව එකම වේගයකින් සංවර්ධනය වෙනවා. අවශ්‍යතා අපිත් එක්ක වාචිකව සන්නිවේදනය කරගන්නවා වගේම තමයි අපි කියන දේත් තේරුම් අරන් ක්‍රියාත්මක කරනවා.
එමලි තාත්තා එක්ක Play කරනකොටත් වෙනදට වඩා තාත්තා කියන දේවල් තේරුම් අරන් කරනවා. දැන් මේ වීඩීයෝ එකේ දෙන්නා බෝලයක් එක්ක Play කරනකොට මම බලන් හිටියේ තාත්තා දෙන Instructions වලට එමලි දක්වන ප්‍රතිචාරය. තාත්තා කියනවා බෝලේ අල්ලගන්න/ බෝලේ පාස් කරන්න/ පොඩ්ඩක් පස්සට වෙන්න කියලා.එතකොට එමලි ඒවා ඒ විදියටම කරනවා. අනික් පැත්තට එයත් තාත්තාට බෝලේ අල්ලන්න කියලත් කියනවා.
කිසිම වෙලාවක Instructions දෙනකොට ඒවා දරුවට බලහත්කාරකමක් හෝ පීඩාවක් විදියට මනසට වැටහෙන ආකාරයට කරන්න එපා.. ඒකට හේතුව ඔටිසම් දරුවන්ගේ ස්නායු පද්ධතිය විධාන සහ අණ කිරීම් වලට ප්‍රතිචාර දක්වන විදිය වෙනස් වෙන්න පුළුවන් නිසා. මම නිතරම එමලිට දෙයක් කරන්න කියනකොට Please කියන වචනේ පාවිච්චි කරනවා හඬේ රිදම් එක උස් කරන්නේ නෑ. විධාන ස්වරූපයෙන් නැතුව ඉල්ලීම් විදියට තමයි ඒක කරන්නේ. ඒ නිසා එමලිත් දැන් මගෙන් දෙයක් ඉල්ලනකොට Please කියලා කියනවා
වැඩියෙන්ම කියන්නේ Mommy please go කියන එකයි. Mommy Phone please කියන එකයි. සමහර වෙලාවට Thank you කියලත් අගට අමුණනවා.
දරුවා දිහා අසාමාන්‍යතාවයක් තියනවාය කියන කෝණයෙන් බලන එක නතර කරලා ඔටිසම් විවිධත්වය පිළිගත්තම සහ ඔටිසම් කියන්නේ ස්වාහාවික මනුශ්‍ය හැඩයක් කියලා හිතන්න පුළුවන් තරම් අපි දැනුවත් උනා නං එතනින් එහාට දරුවට අවශ්‍ය සහය මොකක්ද කියලා තෝරගන්න පුළුවන්. හැමදේම ප්‍රශ්න විදියට දකින්නේ නැතුව සහය දෙන්න පුළුවන්. 

එමලි ඇඳන් ඉන්නේ එයාගේ confidant skirt එක. ගෙදරට කළු පාට විතරක් ඇන්දට එයාට හිතුනම ඔය සාය ඇඳගෙන වත්තට යනවා. සමහර දවස් වලට ගෙදරින් පිට ගමන් යනකොටත් ඇඳන් ඉන්න ඇඳුමට උඩින් සාය දාගන්නවා

