එමලි හරිම සාමයෙන් තමයි මේ දවස් ගෙවන්නේ. දවසට පස් පාරක් වගේ වතුර බේසමේ බැහැලා ඉන්නවා Regulate වෙන්න.ඒත් එක්කම පොත් වල වැඩ කරනවා. එමලිට Homeschooling කරන්න අපහසු නැහැ. හැබැයි බලෙන් නං කිසිම දෙයක් උගන්වන්න බැහැ. දෙයක් ගැන ඉගෙන ගන්න නම් එමලිට ඒ දේ Meaningful වෙන්න ඕනේ. අනික් එක තමයි එමලි වැඩියෙන් කැමති තනියම ඉගෙන ගන්න. එයාට දැනගන්න ඕනේ දෙයක් තියනවා නම් පොත අරන් මගෙ ළඟට එනවා .නැත්තන් Mommy bye කියලා මට යන්න කියලා එයා තනියම වැඩ කරනවා. එමලි නිදා ගත්තට පස්සේ මම ඒ කරපු පොත් අරන් බලනවා. පොඩි පොඩි වැරදීම් තිබ්බට සාපේක්ශව ඔක්කොම වගේ හරියට කරලා.

එමලි අකුරු ලියන්න ,කියවන්න ඉගෙන ගත්තේ ස්වාභාවිකව එයා තුළ තිබ්බ කුතුහලය නිසා. දැන් මේ කාලයේ එමලි වචන ලියන්න හරි උනන්දුයි. ඒත් තාමත් මම හරි Structure එකකට එමලිගේ ඉගෙනීම හදලා නැහැ. මම හිතනවා දැන් කාලය හරි කියලා එමලිට එයාගේ දැනුම පරාසයට හරි යන්න Individual education plan එකක් හදන්න. දැනට අපි කරන්නේ Available පොත් ගෙනල්ලා දෙන එක. ඒ පොත් වල එමලි එමලිගේ දැනුම පරාසයට හරියන දේවල් විතරක් තෝරගෙන කරනවා.

එමලිට වැඩ කරන්න කියලා එක තැනක් නෑ. එයා පොතක් අරන් එක්කො tv කාමරේට ගිහින් tv එකේ එක music එකක් Play වෙන්න දාලා ඒ හරහා මනස සන්සුන් කරන් පොතේ වැඩේට අවධානය දෙනවා. එහෙම නැත්තන් පොත අරන් යනවා නිදාගන්න කාමරේට. එතකොට අපි කිසිම කෙනෙක් කාමරේට යන්නේ නෑ.මම එමලිට මාව පේන දුරක පුටුවක් තියන් ඉන්නවා. සමහර වෙලාවට එමලි අපි Supermarket යනකොටත් එයාගේ පොත් ටික අරන් එනවා. වාහනේ යන ගමන් පොත් වල වැඩ කරනවා.

මම එමලිට ගොඩක් වෙලාවට ගන්න පොත් තමයි Mazes / ප්‍රෙහෙළිකා පොත්. එමලි හරි කැමතියි ඒවා කරන්න. ඒත් එක්කම English workbooks ගන්නවා. Pattern සම්පූර්ණ කරන්න තියන පොත් වලටත් එමලි කැමතියි.

එක්තරා අම්මා කෙනෙක්ට ලොකු තෘප්තියක් ඇති වෙලා තියනවා එමලිට ඉස්කෝලේ යන වාසිය නැති එක සහ එයාගේ ඔටිසම් පුතාට ඉස්කෝලේ යන වාසිය ලැබිලා තියන එක ගැන 🤭. ඒ ගැන වද වෙන්න එපා. එමලිට ඉගෙන ගන්න ගොඩනැගිල්ලක් ඕනේ නෑ. ගහක් උඩ අට්ටාලයක හරි ඉඳන් එමලි ඉගෙන ගන්නවා. ඒ එමලිගෙ හැටි. අනික් පැත්තෙන් මම ඉන්නවා එමලිට අහසට යන්න හරි ඉණිමඟ ලස්සනට හදලා දෙන්න.

ඔටිසම් කියන්නේ Spectrum එකක්. ඒකයි හැම ඔටිසම් පුද්ගලයෙක්ටම එකිනෙකට වෙනස් අභියෝග සහ කුසලතා තියෙන්නෙ. ඒ නිසා එක ඔටිසම් දරුවෙක්ට පාසල් පරිසරය තුළ ඉතා හොදින් අධ්‍යාපනය ලබන්න පුලුවන් වෙනකොට තව දරුවෙක්ට ඒක කරන්න අපහසුයි. ඒ වගේම ඔටිසම් දරුවෙක්ට සහය දෙන්න නම් අනිවාර්යයෙන් දෙමාපියන් ඔටිසම් ගැන දැනුවත් වෙන්නම ඕනේ.

 * ඒ වගේම තමයි ඔටිසම් ගැන දැනුවත් කරන දෙමාපියන්ට ඒ ගැන දැනුවත් කිරීම කරන්න ඔටිසම් දරුවන්ව ලැජ්ජාව නිසා සමාජයෙන් හංඟගෙන ඉන්න දෙමාපියන් ඉඩ දෙන්න. මම මේක කියන්නෙම යම් හේතුවක් නිසා. ඔයාලට තමන්ගේ දරුවන්ගේ අනන්‍යතාවය ලැජ්ජාවක් නං සදහටම ගුහා අස්සේ හංඟාගෙන ඉන්න.අපිට අපේ දරුවන්ගේ විවිධත්වය ලැජ්ජාවක් නෙමේ. අපිට ඕනේ අපේ දරුවන්ට එයාලගේ අනන්‍යතාවය එක්ක හරිම පහසුවෙන් සමාජයේ ජීවත් වෙන්න. මේ පේජ් එකේ ඉන්න බහුතරයක් මිනිස්සුන්ට මේ වෙනකොට ඔටිසම් කියන්නෙ නිකන් අමුතු අසාමාන්‍ය දෙයක් නෙමේ. මේ පේජ් එකේ ගුරුවරු, වෛද්‍යවරුන් ,හෙදියන්, ව්‍යාපාරිකයින් වගේම නොයෙක් ක්ශේත්‍ර වල නිරත වෙන මිනිස්සු ඉන්නවා. ඒ කිසිම කෙනෙක්ට මොළේ අමාරුවක් නෑ ඔටිසම් දරුවන්ව හෝ පුද්ගලයින්ව Bully කරන්න. ඒ වගේම තමයි අපේ දරුවන් කවදාවත් එයාලගේ විවිධත්වය නිසා Bully වෙන්නේ නෑ. පොඩි කාලේ ඉඳන්ම අපි අපේ දරුවන්ව විවිධත්වය වරදක් හෝ අසාමාන්‍යතාවයක් නෙමේ කියලා පිළිගන්න පරිසරයක තමයි උස් මහත් කරන්නේ..හොඳම උදාහරණය තමයි Sumedha Kp ගේ පුතා චිනූ. බලන්න එයා කොයිතරම් පැහැදිලිව එයාගේ විවිධත්වය ගැන තේරුම් අරන් ඉන්නවද කියලා. ඒ නිසා අපි මේ දැනුවත් කිරීම හරහා අපේ දරුවන්ව වඩා පහසු සහ විවිධත්වය පිළිගන්නා සමාජයක් හදන්න උත්සාහ කරන අතරේ අදාළ අයට පුලුවන් තමන්ගේ දරුවාව හංඟාගෙන මිනිස්සුන්ට බොරු කිය කියා දරුවාව තව තවත් අපහසුතාවයට පත් කරලා සමාජයටම විහිළුවක් වෙන්න.

මුල් සබැඳිය : එමලි අකුරු ලියන්න ,කියවන්න තිබ්බ කුතුහලය