එමලිට නිතරම මම Sensory break එකක් දෙනවා. ඒත් එක්කම එමලිගේ විවිධත්වය අනුව අපි හදලා තියනවා එමලිටම ආවේණික

Sensory diet එකක්. දැන් මම සරළවම කියන්නං මේ දෙකේ වෙනස. Sensory break එකක් කියන්නේ දරුවාගේ ස්නායු පද්ධතිය එයාට දරාගන්න අපහසු තරමට අධිකව උත්තේජනය නොවෙන්න අපි මැදින් විවේකයක් ලබා දෙන එක. දැන් උදාහරණයක් විදියට එමලි දිගටම එකම Music එකට නොනවත්වා ඇහුම් කන් දෙනකොට මම හෙමින් ඒක OFF කරලා එමලිට කියනවා ” Time to play” කියලා. නිතරම ඒ බ්‍රේක් එක දෙන වෙලාවට අපි බබාට එකම වාක්‍යක් කියන්නේ එහෙම කරාම ඒක නොවෙනස්වෙන Pattern එකක් වෙනවා. එතකොට අවධානය ලබා දීලා තියන එක වැඩකින් තව වැඩකට මාරු වෙන එක එයාට පහසුවෙන් කරන්න පුළුවන්.

Sensory diet එක කියන්නේ මුළු දවසෙම දරුවගේ මනසේ හැඩය තේරුම් අරන් දරුවා අධික උත්තේජනය නොවෙන්න සහය දෙන විදිය. සාමාන්‍යයෙන් Occupational therapists ලා තමා මෙන්න මේ Sensory diet එක ලබා දෙන්නේ. තමන් දරුවා ගැන දැනුවත් උනාම දෙමාපියන්ටත් පුළුවන් Sensory diet එක හදාගන්න. ඒකට මුලින්ම දරුවාගේ Sensory profile එකක් හදාගන්න. ඒක කරන්නේ කොහොමද කියලා සහ හැමදේම අපේ වෙබ්සයිට් එකේ තියනවා. දැන් දරුවගේ අවශ්‍යතාවය අනුව දවසේ දරුවාට නිරත වෙන්න දෙන heavy work / pushing/pulling playdough, water play, sand , movement, jumping, carrying , calming music, deep pressure වගේ දේවල් තමයි Sensory diet එකට අයිති වෙන්නේ.

මම නිතරම එමලි කැමති, එයාගෙම Play හරහා තමයි මේ සමබරතාවය දවසේ ඇති කරන්නේ. එමලි ඔය ලොකු වතුර බෝතල් පුරවලා Play කරන එකේ ඉදන් එහා මෙහා දුවන පනින, Music අහන, පාට කරන, vibration machine එක උඩ ඉන්න එක වගේ දේවල් එමලි එයාගේ දවස සමබර කරගන්න කරන දේවල්. සමහර දවස් වල එමලිට කිසිම උත්තේජනයක් නෑ මේ දේවල් කරන්න. එතකොට මම කරන්නේ එයා කැමති වෙන දේවල් වෙනස් විදියට කරන එක. එකක් තමයි අපි එලියට ගිහින් හෝස් එකෙන් වතුර විදලා බොරු වැස්සක් හදනවා.ඊට පස්සේ ඒ වැස්සෙ Play කරනවා. මේ දවස් වල ටිකක් වැඩියෙන් කරන්නේ එක එක Brand Names ලියලා ඒවා පාට කරන එක. ඒ වගේම නිතරම දුරක Trip එකක් අරන් යන්න බැරි උනත් ලග පාරවල් වල පොඩි රවුමක් අරන් යනවා.

මේ පහළ පොඩි වීඩියෝ එක මම ගත්තේ එමලි එක්ක වත්තට ගියාම එමලි එක්ක කරන දේවල් ටිකක්. වත්තේ පළතුරු ගස් වල පලතුරු එන කාලෙට මම අනිවාර්යයෙන් කරන දෙයක් තමයි එමලි එක්ක එවා කඩන එක.ටිකක් කඩලා ගොඩක් ගස් වල ඉතිරි කරනවා සත්තුන්ට කන්න. මේ දවස් වල වල් බෙරි ගහේ විතරයි ගෙඩි තියෙන්නේ. මම දන්නේ නෑ මේ ගහට කියන්නේ වල් බෙරිද කියලා. ඒත් මම එමලිට කියන්නේ යමු අපි බෙරි කඩමු කියලා. එමලි එහෙම කඩනකොට මම එමලිට කියනවා කොළ පාට ගෙඩි නැතුව රතු පාට ඒවා විතරක් කඩන්න කියලා. එමලිට හරිම සරළව පැහැදිලිව Instructions දෙනකොට ඒවා ඒ විදියටම Follow කරනවා.

ඊට පස්සේ අපි මල් කැඩුවා. ඒවා කඩනකොට පොඩි සුදු මල්, ලොකු පොඩි මල්, රතු මල් කියලා වෙනම වෙනම පෙන්නලා දුන්නා. ” Mommy Hundred Flowers” කියලා එමලි කිව්වා. ඒ කියන්නේ මල් ගොඩක් කඩන්න කියලා.ඉතිං මාත් මල් ටිකක් කඩලා එයාගේ පොඩි බකට් එකට දැම්මා. ඊට පස්සේ මම එමලිට කිව්වා බිම වැවිලා තියන උඳුපියළිය මල් කඩමු කියලා. ඒක ටිකක් සීරූවෙන් කරන්න ඕනේ වැඩක්. හේතුව උඳුපියලිය මල් ගොඩක් පොඩී.ඇඟිලි තුඩු වලින් තමයි කඩන්න ඕනේ.මල් දෙක තුනක් එමලිට කඩලා පෙන්නුවම එයා මම කරා වගේම සීරූවට මල් කැඩුවා. මේ හැම දේම කරනකොට එමලිට සිද්ධ වෙනවා මනස සන්සුන්ව තියාගෙන ඒ කරන වැඩේට අවධානය දෙන්න. ඒක තමයි එයා ස්වාභාවිකව මේ හෙමින් හෙමින් ඉගෙන ගන්නේ. ඒත් එක්කම මම එමලිට කිව්වා උඳු පියළිය අත ගාන්න කියලා. ඉතිං ඒකත් එමලි කරා. මේ වගේ වෙනස් වෙනස් ස්පර්ශයන් වල දැනීම හරහා එමලිට පහසුවක් වෙනවා එයාගේ touch sensory sensitivity සමබර කරගන්න.

අන්තිමට එමලි ඔය සිංහලෙන් කියන්නේ ” ළමායි කට වහන්න ” කියලා🤭. ඒ කියන්නේ අපේ බලු ළමයි කෑ ගහන එකට. එමලි ඉංග්‍රීසි විතරක් නෙමේ සිංහලත් හොදටම තේරුම් ගන්න පුළුවන් බබෙක්. හේතුව ගෙදර භාශා දෙකම කතා කරන නිසා. ඒත් එමලි වඩා පහසුවෙන් කොපි කරගන්නේ ඉංග්‍රීසි. ඒකට හේතුව එමලිට Language model කරන්න, උගන්නන්න පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි භාශාවෙන් තියන Board books, Apps සහ Games නිසා. ඒත් දැන් වෙනදට වඩා සිංහල වචන එමලි කියනවා. මම අපේ බලු ළමයි බුරනකොට එයාලගෙ කට වහන්න කියන්නේ හයියෙන් ” ළමායි කට වහන්න” කියලා. අන්න ඒක තමයි එමලිත් ඔය අන්තිමට කියන්නේ 😅.

මුල් සබැඳිය : එමලිට නිතරම දෙන Sensory break