එමලි ඉගෙන ගන්නේ එයාගෙම ක්‍රමයකට. ඒ ක්‍රමය හැදිලා තියෙන්නේ එමලිගේ ස්නායු විවිධත්වයේ හැඩයත් එක්ක. ඔටිසම් නොවෙන දරුවෙක්ගේ මොළයේ තොරතුරු කළමනාකරනය වෙන විදියට වඩා වෙනස් විදියට තමයි ඔටිසම් දරුවෙක්ගේ මොළයේ තොරතුරු කළමනාකරණය වෙන්නේ. උදාහරණයක් විදියට ප්‍රශ්නයක් ආවම, ඇහුවම, ඔළුවේ තියන උත්තරය එලියට එන්න දරුවට යම් වෙලාවක් යන්න පුලුවන්.

එමලිට එයාගේ මනස සන්සුන් කරගන්න එක අභියෝගයක්. හේතුව එමලි ශබ්ධ සහ දෘශ්‍ය සංවේදන සංවේදීතාවයට අධික සංවේදීතාවයක් දක්වන නිසා.ඔය පොත් අනික් පැත්තට තියන් බලන්න හේතුවත් Visual Sensory වල තියන දැනීම අධික නිසා. ඕක මම තේරුම් ගන්නේ නැතුව පොත හරි අතට හරවලා බලන්න කිව්වා නං එමලිගේ මනස කලබල වෙලා එයාට පොත බලලා ඒකේ තියන රූප නම් කරගන්න අපහසු වෙනවා.

ඒ වගේම තමයි අනවශ්‍ය විදියට එමලිට දේවල් කියලා දෙන්න ගියාම එයාට ඒ ගැන ඉගෙන ගන්න තියන උනන්දුව සහ උත්තේජනය නැති වෙනවා. ඒ නිසා මගෙන් උදව්වක් ඉල්ලන වෙලාවට තමයි මම උදව් දෙන්නේ. අන්න ඒ එමලිගේ හැඩය තේරුම් අරන් සහය දෙන නිසා තමයි එයාම එයා කැමති පොත් තෝරගෙන මාව අතින් අල්ලන් එයා ළඟ ඉන්දගෙන මට උගන්නන්නේ. Child – led learning කියන්නේ ඒකට. දරුවාගේ විවිධත්වය තේරුම් අරන් දරුවා වඩාත් කැමති සහ පහසු විදියට අපි අනුගත වෙලා දරුවට දැනුම ලබා ගන්න සහය දෙන එක.

එමලිට කොතන හරි වැරදුනත් ඒක මම කියලා දුන්නට පස්සේ ආයේ එයා ඒක මටම උගන්නනවා🤭 ඒ අතරේ Verbal stimming කරනවා. එතකොට එමලි කියන වචන ආයේ මම රිපීට් කරනවා. ඔහොම තමයි අපි හෙමින් හෙමින් ඉගෙන ගන්නේ. මම මට පුලුවන් උපරිමය නෙමේ එමලිගේ විවිධත්වය ඇතුළේ එයාට පුලුවන් උපරිමයට යන්න තමයි සහය දෙන්නේ.

හැම දරුවෙක්ම එකිනෙකට වෙනස්.ඒ ඒ දරුවන් දැනුම ලබා ගන්න ක්‍රම වෙනස්.අන්න ඒ ක්‍රමය තේරුම් ගත්තා නං අපිට පුලුවන් පහසුවෙන් දරුවට ඉගෙන ගන්න සහය දෙන්න.

මුල් සබැඳිය :  එමලිට ඉගෙන ගන්න තියන උනන්දුව