එමලි එක්ක මම්මාච්චිගෙ ගෙදර ගියා අද උදේ. එමලිට වෙනදට වඩා අද Happy. ඒකට හේතුව එමලිගේ පුංචි ඇවිල්ලා හිටපු නිසා. ඔය වීඩියෝ එක බලන කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ මොකක්ද මේ ගෙයක් ඇතුළේ කුඩ ඉහළන් කරන්නේ කියලා
. අපේ ජීවිත වල හැඩය වචනින් කියන්න බැරි තරම් වෙනස් කියන එකට එක උදාහරණයක් තමයි ඔය වීඩියෝ එක.
එමලි පුංචිවයි මම්මාච්චිවයි ලගින් ඉන්දෙව්වා. ඉන්දවලා කිව්වා ” Friends/ love ” කියලා. ඒකෙන් එමලි අදහස් කරන්නේ දෙන්නා ආදරෙන් ලග ඉන්න කියන එක. ඊට පස්සේ කුඩ දෙකක් අරන් දෙන්නටම දුන්නා ඒවා ඉහළන් ඉන්න කියලා. ඊට පස්සේ ඉස්සරහා ටේබල් එක උඩ නැඟලා ” Dance ” කියලා එමලි කැරකෙන්න ගත්තා. සැරින් සැරේ මම්මාච්චිටයි පුංචිටයි මේක කරන්න උනා. ඒ දෙන්නත් ඇයි කියන ප්‍රශ්නේ අහන්නේ නැතුව කුඩ ඉහළන් ඉඳගෙන අපේ කතා කරගෙන ගියා. මේක දැන් ඉතා අසාමාන්‍ය ක්‍රියාවක් වගේ ඕනේම කෙනෙක්ට හිතෙන්න පුලුවන්. ඒත් එමලිගේ මේ ඉල්ලීමට එමලිට සාධාරණ හේතුවක් තියනවා.
එමලි ඒ කරේ Pretend play එකක්.එයා අවස්ථාවක් නිර්මාණය කරා. ස්ටේජ් එකක් හැදුවා.එයාව නරඹන්න ප්‍රේක්ෂකයන් නිර්මාණය කරා.ඊට පස්සේ එයා උඩ නැගලා කැරකිලා නැටුවා. ඒක එමලිගේ Play එකක් වගේම ඒක එමලි එයාගේ පාලනය පවත්වාගෙන ගිය අවස්ථාවක්. ඔටිසම් බබාලා මේ වගේ structures create කරනවා. ඒ හරහා එයාලගේ මනස සන්සුන් වෙනවා සහ ලෝකයේ යම් පාලනයක් එයාලට ලැබෙනවා.
එමලි මේ වගේ හරිම නිදහස්ව සහ බය නැතුව එයාගේ හැඩයෙන් පුංචි සහ මම්මාච්චි එක්ක සම්බන්ධ වෙනවා. එයාලා සම්බන්ධ කරන් Play නිර්මාණය කරනවා.මේක මට සතුටු වෙන්න පුළුවන් කාරණයක්. ඒ වගේම මට ඉන්නවා එමලිගේ හැඩය අසාමාන්‍යතාවයක් කියලා නොහිතන එමලිගේ සමස්ත හැඩයම පිළි අරගෙන එමලිට ආදරය කරන පවුලක්.
