මේ අවුරුද්ද පටන් ගත්ත කාලෙම තමයි එමලිගේ Special interest එක විදියට Logos සහ Brand names ගැන එමලි උනන්දු උනේ. ඒක මුලින්ම පටන් ගත්තේ ෆෝන්ස් රීස්ටාර්ට් කරන්න අරගෙන.ඒ කාලය අපිට ලොකු අභියෝගාත්මක කාලයක් උනා. ඒකට හේතුව එමලි දකින දකින අයගේ ෆෝන්ස් රීස්ටාර්ට් කරන්න උත්සාහ ගත්ත නිසා.එමලිට වැටහීමක් නෑ එහෙම කරන්න හොඳ නැහැ කියන එක. ඉතිං ගෙදරින් එළියට බැස්සම ,තැනකට ගියාම එමලි කාන්දම වගේ ඇදුනේ ඒ වටේ ඉන්න අයගේ ෆෝන්ස් දැකලා ඒවා රීස්ටාර්ට් කරන්න. ඒකට ඉඩ නොදුන්නම එමලි ගොඩක් නොසන්සුන් උනා. එතකොට අපිට සිද්ධ උනා ගිය ගමන පැත්තක දාලා එමලිව අරන් ගෙදර එන්න.

දැන් මේ වගේ හැසිරීම් මත අපිට හිතෙන්න පුලුවන් මේ Special interest නම් හරිම වදයක් කියන එක. එහෙම නැත්තන් දරුවා ඉන් එහාට කිසිම දේකට අවධානය යොමු කරන්නේ නැති නිසා අපිට හිතෙන්න පුලුවන් Special interests කියන්නේ දරුවට ඉතා හානිදායක දෙයක් කියලා. ඒත් නව දැනුම මත අපිට කියලා දෙනවා අපි කොහොමද Structure එකකට මේවා දරුවාට හෝ දරුවාගෙන් අනෙකාට හානියක් නොවෙන්න සකස් කරගන්නේ කියන එක. අන්න ඒ නිසා අපි මේක මානසිකව පීඩාවක් කරගන්නේ නැතුව හරිම හෙමින් Structure එකකට හැදුවා. මුලින්ම මම පටන් ගත්තේ ඕනේම Phone Brand එකක් දකින දකින කෙනාගේ ෆෝන්ස් උදුරලා රීස්ටාර්ට් කරන එක නොකර Google search කරලා බලන්න පුලුවන් කියලා එමලිට පෙන්නලා දුන්න එක. එතනින් එහාට Logos, Brand names ලොකුවට Print කරලා දුන්නා. Tshirts වලත් Print කරලා දුන්නා.ඒවා අපි එකින් එක බිම ටයිල් එකේ ඇන්දා.එමලිට එයාගේ Special interest එකට අපි සපෝට් එක දෙන්න දෙන්න ඒකත් එක්ක තිබ්බ Intense ගතිය අවම වෙලා ගියා. එතනින් එමලිගේ Special interest එක ඕනේම Brand name එකක් Logo එකක් දක්වා දිගු වෙලා ගියා.

මේකත් එක්ක එමලි භාශාවේ තියන Pattern එක , අකුරු වල ශබ්ද එකතු වෙලා වචන හැදෙන විදියේ රටාව හදුනාගත්තා. උදාහරණයක් විදියට එමලිට ඊයේ මම ගෙදර තිබ්බ වෙස් මූණූ වගයක් පෙන්නලා ” Masks” කියලා හදුන්වලා දුන්නා. ඒත් එක්කම එමලි මට කිව්වා ” ” Master card” කියලා. එමලි ඊයේ තමයි ” Master card” එකේ තියන Logo එක දැක්කේ. එමලි ඒ වගේ Brand names එක්ක ප්‍රායෝගික ලෝකයේ අපි පාවිච්චි කරන වචන සම්බන්ධ කරනවා. ” Opposite ” කියන වචනය කියලා එමලි කියනවා ” Oppo” කියලා. Oppo කියන්නේ Phone brand එකක්.

දැන් මේ වීඩියෝ එකේ තියෙන්නෙ ඊයේ එමලිගේ තාත්තා එක්ක එමලි Brand names ලියපු හැටි. ඇදේ තාත්තගේ පපුවට කොට්ටේ වගේ ඔළුව තියන් කකුල් දෙක ඇඳ විට්ටමට තියන් තමා ලියන්න පටන් ගත්තේ. එමලි වචනයක Spellings අපෙන් අහන්නේ Alphabet කියලා. උදාහරණයක් විදියට එමලි කියනවා ” mcdonald’s Alphabet ” කියලා. ඒකෙන් අදහස් කරන්නේ කොහොමද mcdonald’s කියලා Spell කරන්නේ කියන එක.

දැන් මෙහෙම ලියන්න පටන් ගන්න ආරම්භක කාලය ගත වෙන්නේ දරුවා අකුරු හැඩතල පහසුවෙන් ලියන්න පුහුණු වෙන එක. එතකොට අපි කිසිම වෙලාවක හදිස්සි වෙලා අකුරු වල ප්‍රමාණය හෝ ලස්සනට හදන්න යන එක කරන එක ඒ තරම් සුදුසු නැහැ. මුළු කොළේ පුරාම ඇදේට හරි වැදගත් වෙන්නේ දරුවා ආයේ ආයේ පහසුවෙන් අකුරු හැඩතල නිර්මාණය කරන එක. කාලයක් ගියාම අපිට පුලුවන් අකුරු වල ප්‍රමාණය සහ අදාළ ඉඩ ප්‍රමාණයේ ලියන හැටි දරුවට ප්‍රායෝගිකව පෙන්නලා දෙන්න.

වචන එමලි කොපි කරගන්නේ අකුරින් අකුර වචනය හැදෙන විදිය නෙමේ. එයා කොපි කරගන්නේ ඒ සමස්ත රූපයම.ඒ නිසා තමයි එමලි Pizza hut කියලා ලියනකොට ඒ Logo එකේ තියන විදියටම අකුරු උඩින් ඇන්දේ. මේකට අපි කියන්නේ Gestalt learning කියලා. කෑල්ලෙන් කෑල්ල නැතුව සම්පූර්ණ සමස්තයම Chunks විදියට කොපි කරගන්න එක.

එමලිගේ වාචික සන්නිවේදනයත් හෙමින් හෙමින් සංවර්ධනය වෙනවා එමලිටම අනන්‍ය වුන හැඩයකට. ලගදි දවසක උදේ තාත්තා එලියට යන්න ලෑස්ති උනාම එමලි කිව්වා ” Daddy buy two umbrella Keells” කියලා. ඒ කිව්වේ කීල්ස් එකෙන් මට කුඩ දෙකක් අරන් එන්න කියලා🤭. එමලිගේ පොඩි කුඩ දෙකම කැඩිලා. ඉතිං මේ වගේ එමලි හෙමින් හෙමින් වාක්‍ය හදලා Meaningful විදියට පාවිච්චි කරන එක මට ලොකු සතුටක්🥹

මුල් සබැඳිය : එමලිගේ Special interest – Logos සහ Brand names