අපි එමලිව Toy shop එකකට හරි එයා කැමති Chocolates තියන Shop එකකට හරි අරන් යන්නේ කලාතුරකින්. ඒකට හේතුවක් තියනවා. එහෙම අරන් ගියාම එමලිගේ මනස ගොඩක් කලබල වෙනවා. මට ඇත්තටම අවශ්‍ය මොකක්ද කියන සිතුවිල්ලට අවධානය දෙන්න එමලිට අපහසුයි. decision overload එකක් විතරක් නෙමේ Visual සහ Sensory overload වීමකුත් වෙනවා. එතකොට එමලිට බැහැ එයාට අවශ්‍ය දෙයක් තෝරගෙන එතනින් එළියට එන්න. ඒක නිකන් හරියට සපත්තු වලට සෑහෙන්න කැමැත්තක් තියන කෙනෙක් එක එක ජාතියේ සපත්තු තියන ලොකු කඩේකට ගියා වගේ. එයාගේ මනස නොසන්සුන් වෙනවා මම මොකක්ද තෝරගන්නේ කියලා. එමලිගේ ස්නායු විවිධත්වය නිසා මේක එමලිට ඉතාමත් අපහසුතාවයක් ඇති කරනවා.
දැන් අපි මේ වගේ ඕනේම Toy හෝ Chocolates shop එකක් ඉස්සරහා වාහනේ නතර කරලා එමලිගේ තාත්‍තා ගිහින් එමලිටයි අක්කටයි ඕනේ කරන දේවල් ගේනකල් එමලි බලන් ඉන්නවා. කිසිම වෙලාවක එමලි අඬන්නේ නෑ එයාට ඒ Shop එක ඇතුළට යන්න ඕනේය කියලා. ඒ වෙනුවට එමලි එයාට ඕනේ මොනවද කියලා කියනවා. ඒ දේ කඩේ නැති උනත් එමලි අඬන්නේ නෑ. ඒකට හේතු කීපයක් තියනවා. පළවෙනිම හේතුව එමලි අපිව විශ්වාස කිරීම. මෙන්න මේ Trust එක ගොඩ නඟා ගන්න අපිට කාලයක් ගියා. කාලයත් එක්ක එමලි තේරුම් ගත්තා එයාගේ අවශ්‍යතා අපි සම්පූර්ණ කරනවා කියන එක සහ එයාව වටහාගන්නවා කියන එක. එමලිට අපිත් එක්ක එයාගේ Needs වෙනුවෙන් අරගල කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
අනික් හේතු දෙක තමයි Regulations සහ Predictability. එමලි එයාගේ භුමිකාව , Routine එක ගැන හොඳටම දැනුවත්. අපි එමලිව අරන් තැනකට යනවා නම් කල් තියා ඒ ගැන එයාට කියනවා. එහෙම නැත්තන් එමලිට කියනවා අපි අද ගන්න යන දේ සහ ඒක ගන්න යන්නේ තාත්තා කියලා. ඒ නිසා එමලිට නොසන්සුන් වෙන්න හේතුවක් වෙන්නේ නෑ.එමලි කල් තියාම දන්නවා සිද්ධ වෙන දේ. මෙන්න මේ predictability එක ඔටිසම් දරුවන්ගේ ස්නායු පද්ධතියට අවශ්‍යම දෙයක්. ඒකයි අනපේක්ෂිත වෙනස්වීම් වලදී ඔටිසම් දරුවන් කලබල වෙන්නේ.
ඒ වගේමයි එමලි දන්නවා Chocolate shop එකට යනවට වඩා වාහනය ඇතුළට වෙලා ඉන්න එක Safe කියලා. හේතුව පරණ අත්දැකීම් වලින් එමලි දන්නවා එයාට මේ කඩවල් ඇතුළට ගියාම Sensory overload වෙන්න පුලුවන් කියන එක. වාහනය ඇතුළට වෙලා බලන් ඉදීම මනසට ආරක්ෂාකාරී වෙන්නේ ඒ නිසයි.
දැන් මේ Waiting කාලය එමලිට කිසිම අපහසුවකින් තොරව දරාගන්න පුලුවන්. හේතුව එයා දන්නවා තාත්තා මෙහෙම ගියාම ආයේ එනවා කියලා. ඒත් අපි Clinic එකකට ගියාම ඒ ඩොක්ටර් එනකල් බලන් ඉන්න එක එමලිට අපහසුයි. හේතුව එමලි දන්නේ නෑ ඩොක්ටර් එනවද නැද්ද කියන එක. ඇයි මම බලන් ඉන්නේ කියන හේතුව හරියටම අවිනිශ්චිත නිසා එමලිගේ ස්නායු පද්ධතියට සන්සුන්ව ඉන්න අපහසුයි.
මේ හැමදේමත් එක්ක මම හිතන්නේ මේක සෑහෙන්න හොඳ සංවර්ධනයක් කියලා එමලිගෙ. Emotional awareness, Emotional regulation, Impulse control වගේම Meaningful සන්නිවේදනය වගේ පැති වල සංවර්ධනයක් විදියට මම මේ දේවල් දකින්නේ.
මුල් සබැඳිය : එමලිගේ සෑහෙන්න හොඳ සංවර්ධනයක්
