අපි එමලිගේ Speech එකට සහය දෙන්න එදිනෙදා ජීවිතේ ප්‍රායෝගික දේවල් ගොඩක් කරනවා. එයින් එකක් තමයි එමලිගේ තාත්තා ගෙදරින් පිටතදී අනිවාර්යයෙන් එමලිට video calls අරන් කතා කරන එක. මුල්ම කාලේ එමලි වීඩියෝ කෝල් එකට ආවේ නෑ. Over stimulate වුනා කියලා මට හිතුනා. ඒත් හෙමින් හෙමින් එමලි ටික ටික වීඩියෝ කෝල් එකෙන් තාත්තා එක්ක කතා කරන්න ගත්තා. කතා කරනවා කියන්නේ එමලි මේ පැත්තෙ ඉඳන් ” Daddy Samsung poco ” කියලා කියනවා.තාත්තා එහා පැත්තේ ඉඳන් ඒක රිපීට් කරනවා.අපිට මේ තනි වාක්‍ය පවා වචනින් විස්තර කරන්න බැරි තරමට වටිනවා. අහන්න ආසයි එමලි වචනයක්, වාක්‍යක් කියනකොට.
ගොඩක් වෙලාවට Supermarket එකට යන්නේ එමලිගෙ තාත්තා. එහෙම නැත්තන් තාත්තා එක්ක එමලිගෙ අක්කා ඉසබෙලුත් යනවා.මම එමලි එක්ක වාහනේට වෙලා ඉන්නවා. එමලිව නිතරම Supermarket එකට අරන් ගියොත් අපිට ගෙදරට ඕනේ කරන බඩු ටික ගන්න වෙන්නේ නෑ
. එමලි එක්කන් යනවා නම් අපි ඔක්කොමල්ලා ඕනේම දේකට සූදානම් පිට එමලිටම අවධානය දෙන්න බලන් තමයි යන්නෙ. මේක එමලිව කොතන්ට අරන් ගියත් පොදු කාරණයක්.
එමලි කිසිම වෙලාවක අඬන්නේ නෑ එයාට තාත්තා එක්ක Supermarket එකට යන්න ඕනේ කියලා. එමලි දන්නවා එයා නොගියට එයා කියන ලිස්ට් එක තාත්තා අනිවාර්යයෙන් අරන් එනවා කියලා. හැබැයි ඒ කියන list එකම අරන් ආවේ නැති උනත් එහෙම අඬන්නේ කෑ ගහන්නේ නෑ. දැන් මෙතනිදි එමලි ඉල්ලනවා Orange Cologne එක. ඒක වීදූරු Bottle එකක්. ඒ නිසා එමලි කොයිතරම් ඒක ඉල්ලුවත් අරන් දෙන්න බෑ. ඒවා හරි අනතුරුදායක නිසා. ඒත් ඉතිං දෙතුන් පාරක් ඕක ඉල්ලනවා මිසක් අඩන්නේ නෑ.
මේ දවස් වල එමලි Baby Panda Cologne තමයි එකතු කරන්නේ. ඒවා වල සුවඳ , පාට හරහා මනස සන්සුන් කරගන්නවා සහ උත්තේජනය කරගන්නවා. නිතරම Cologne නාගෙන තමයි ඉන්නේ. ඒ නිසා එමලිගේ Supermarket list එකේ ඒවා අනිවාර්යයෙන් තියනවා. එමලි ඒක ඉල්ලන්නේ ” පැන්ඩා බේබි දැන් ” ,කියන වාක්‍ය කියලා. ඒකට හේතුව මම ඒ Advertisement එකේ play වෙන සිංදුවත් එක්කම එමලිට ඒ Brand එක හදුන්වලා දුන්න නිසා. ඒ වගේ එමලිට සරලව කොපි කරගන්න පුලුවන් විදියට දේවල් පෙන්නලා කියලා දුන්නම එමලි ඒවා කොපි කරන් අවශ්‍ය වෙලාවට සන්නිවේදනය කරන්න පාවිච්චි කරනවා.
