අද එමලිව අරන් එයාගෙ පුංචි කුඹුරට ගියා🤭.එමලිගේ කිව්වට එමලිගේ මම්මාච්චි තමයි ලස්සනට මල්, එළවලු එහෙම වවලා මේ පේන පොඩි ඇළ එහෙමත් පිරිසිදුවට තියන් ඉන්නේ.එමලි කරන්නේ ඉතිං ඒ ඇළ ළඟ ඉඳගෙන කණ්ඩියේ තියන පස් ටික ටික අරන් ආයේ ඇලට විසික් කරන එක. මොන හේතුවකටද මන්දා කකුලක් යන්තම් ඇළට දැම්මට එමලි තාම මේකට බැස්සේ නෑ. ඇළේ මඩ පේන නිසා වෙන්නත් ඇති. කොහොමින් හරි අද දවසත් එමලිට ඊයේට වඩා වෙනසක්. ඒ නිසා Mood එක හොඳයි. එමලිගේ Mood එක හොඳයි කියන්නේ අපි හැමෝටම සාමකාමී දවසක්.

 

මුල් සබැඳිය : එමලිගේ පුංචි කුඹුර