එමලි දැන් එයා දකින දේවල් සහ එයා කැමති දේවල් බලාගෙන ඒවා ඒ විදියටම අඳිනවා. මේ ඇදලා තියෙන්නෙ ෆ්ලෑශ් කාර්ඩ් එකේ තියන Trampoline එකක උඩ පනින බබාලා තුන්දෙනාව.

ඒ Details ඒ විදියටම අඳින්න එමලි උත්සාහ කරා. මම බලාගෙන හිටියේ සමහර තැන් මක මක තමන්ගේ හිතේ තියන විදියටම මේ චිත්‍රය අඳිනවා. මීට අවුරුදු දෙකකට කලින් මගේ හිතේ කිසිම තැනක තිබ්බේ නෑ එමලි මේ විදියට තමන් දකින දේවල් ප්‍රතිනිර්මාණය කරයි කියලා.ඒකට හේතුව එමලිගේ හැඩය සහ කුසලතාවයන් මම අවතක්සේරු කරපු නිසා නෙමෙයි. අපි පහු කරගෙන ආවේ මහා අමාරු , වචනින් කියන්න බැරි තරම් දුෂ්කර කාලයක් නිසා. ඒකෙන් කියවෙන්නේ නෑ අපිට ඉස්සරට තියෙන්නේ හරිම පහසු journey එකක් කියලා. ඒත් මම හිතන්නේ මට ඒ ගෙවපු කාලය එක්ක දැන් බලනකොට එමලි එක්ක ඉදිරියට යන්න ඕනේ කොහොමද කියලා වඩා හොඳ දැනීමක් තියනවාය කියලා.
දැන් මේ වගේ චිත්‍ර ඇඳීම හරහා චිත්‍රයක් අදින්න පුළුවන් වීමට එහා ගිය දේවල් ගොඩක් තියනවා. පළවෙනි දේ මේ වගේ Art වලට අපි කියනවා Interpretive Drawing කියලා. යම් රූපයක් තෝරගෙන තමන්ගේ හැඩය එක්ක ඒක ප්‍රතිනිර්මාණය කිරීම.ඒ වගේම ඔටිසම් දරුවන් ඇතුළුව Neurodivergent දරුවන්ට Child – Led සහය ඇතුළේ ඔවුන් කරන නිර්මාණ Process Art කියලා හඳුන්වනවා.
විශේශයෙන් ස්නායු විවිධත්වයක් සහිත (Neurodivergent) දරුවෙක් මුහුණ දෙන අභියෝග වටහාගෙන ඒ දරුවා ගොඩ නැගෙන පරිසරය පීඩනයක් , බලහත්කාරකමක් නැති විදියට නිර්මාණය කරාම ඒ දරුවගේ මනස සංවර්ධනය වෙන ඉඩ ඉතා විශාල පරාසයකට විහිදෙන්න පුළුවන්. ඒ ලැබෙන නිදහස නිසා Pressure එක සහ Anxiety තත්ත්වය නැති වෙලා යනවා. ඒ වගේම තමයි ඒ නිදහස ඇතුළේ දරුවාට පුළුවන් වරද්ද වරද්දා අත් හදා බැලීම් කරන්න. තමන්ගේ මනසට එන ඕනේම අදහසක් බය නැතුව ප්‍රතිනිර්මාණය කරන්න. මතු වෙන ගැටළු වෙලාව අරන් විසඳගන්න. අපි දරුවන්ට නිර්මාණය කරලා දෙන්න ඕනේ Supportive Environment එකක් මිසක් අපි හදලා දෙන කොටුව ඇතුළට දරුවාව ගළපාගන්න එක නෙමේ. ඒකට අපි කියන්නෙ Developmental scaffolding කියලා.ඒ හරහා අපිට පුළුවන් වෙනවා දරුවාගේ Strength එකට අවධානය යොමු කරලා සහය දෙන්න.
තව පැත්තකින් Motor planning එහෙමත් නැත්තන් praxis ගැනත් අපිට මේ වගේ ප්රතිනිර්මාණ හරහා පැහැදිලි කරගන්න පුළුවන්.ඒ කියන්නේ යම් රූපයක් හෝ වස්තුවක් දිහා බලලා ඒ ගැන හිතලා තමන්ගේ ශරීරය ක්‍රියාත්මක කරන එක ඒ රූපය හෝ වස්තුව ප්‍රතිනිර්මාණය කරන්න.ඒ වගේම ඒක ප්‍රතිනිර්මාණය කරන අතරමඟ හිත හිතා වැරදි තමන් විසින්ම නිවැරිදි කරගන්න අවස්ථාව හම්බෙනවා.
Gestalt ක්‍රමයට ඉගෙන ගැනීම සහ ක්‍රියාත්මක කිරීමත් මේවගේ නිර්මාණ හරහා අපිට හඳුනගන්න පුළුවන්. උදාහරණයක් විදියට “Jump” කියන වචනය හෝ හැඩය විතරක් නැතුව ඒ සමස්ත අදහසම දරුවා වටහා ගැනීම.ඒක Complex thinking යටතට අයිතියි.
මම මේ එක චිත්‍රයක් හරහා දිග පැහැදිලි කිරීමක් කරේ ලංකාවේ ඔටිසම් දරුවන් වටා නිර්මාණය වෙලා තියන බහුතරයක් අසත්‍ය තොරතුරු නිසා සමහර දෙමව්පියන්ට තමන්ගේ දරුවාගේ Interest ඇබ්බැහි හෝ වටිනකමින් අවම දෙයක් හැටියට පේන්න පුළුවන් නිසා. Special interest නිතරම දරුවාගේ Strength එක හැටියට සළකන්න.ඒ හරහා දරුවාට සංවර්ධනය වෙන්න සහය දෙන්න.

Art and Artist
