Gestalt language processing ගැන අපේ වෙබ් එකට ගිහින් දැනුවත් වෙන්න පුලුවන්. එමලිගේ භාෂාව සංවර්ධනය වෙන්නේ අන්න ඒ GLP ක්‍රමයට සහ ඒ ක්‍රමය යටතේ පියවරෙන් පියවරට. එමලි visuals හරහා තමයි පහසුවෙන් හැමදේම කොපි කරගන්නේ. එතකොට අපි එමලිගේ සන්නිවේදනයට සහය දෙන්න දෘශ්‍ය මාධ්‍ය වැඩියෙන් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි සිංදු කෑලී එකතු කරලා, හඩ වෙනස් කරලා, අංග චලන හැමදේකින්ම තමයි සරල වාක්‍ය සහ වචන කියන්නේ.
මුල්ම කාලේ එමලිට ගෙදර දොර ඇරගන්න ඕනේ උනාම මාව අතින් අල්ලන් අරන් යනවා දොර ලගට.ගිහින් මගේ අත තියනවා දොරේ අඟුලට. එතකොට මම ” Open”කියන වචනේ විතරක් කියලා දොර අරිනවා. මෙහෙම කාලයක් ගිහින් එමලි දොර ඇරගන්න ඕනේ උනාම මාව දොර ළඟට අරන් ගිහින් “Open” කියලා කියන්න ගත්තා..ඊට පස්සේ මම ඒ වචනෙට එකතු කරා Open the door කියලා. ඔන්න ඒකත් කාලයක් ගිහින් එමලි කියන්න ගත්තා.
ඕක වෙනස් වෙනවා එමලිගේ තාත්තගේ Office room එකේ දොර එමලිට ඇරගන්න ඕනේ උනාම. එමලි මාව ඒ කාමරේට අරන් ගියාම මම කරන්නේ මුලු ඇඟෙන්ම රඟ පාලා මූණෙ ඉරියව් පවා වෙනස් කරලා කියනවා ” knock knock knock who’s there “ කියලා. ඒ කියන ගමන් දොරට තට්ටු කරනවා. ඊට පස්සේ කියනවා Open the door කියලා. ගෙදර අනික් දොරවල් අරිනවා වගේ නෙමේ තාත්තා වැඩ කරන කාමරේ දොර අරින එක වෙනස් කියන එක එමලිට මම ඒකෙන් පෙන්නලා දුන්නා.වැඩියෙන්ම මම පෙන්නලා දුන්නේ දඩස් ගාලා දොර ඇරගෙන යන්නේ නැතුව දොරට තට්ටු කරන්න කියන එක. එතකොට මම නැති උනත් එමලිට පුලුවන් තනියම ගිහින් මුලින්ම දොරට තට්ටු කරලා තාත්තට අඟවන්න එමලි දොර ළඟ ඉන්නවා කියලා.
දැන් මම knock knock knock who’s there” කියලා සිංදුවක කොටසක් ඒකට එකතු කරේ එමලිට පහසුවෙන් ඒක මනසේ කොපි කරගන්න පුලුවන් නිසා. හෙමින් එමලිගෙ භාෂාව සංවර්ධනය වෙනකොට එමලි අවස්ථාවට අදාළව වචන සහ වාක්‍ය කොහොම හරි එකතු කරලා කියන්න උත්සාහ ගත්තා. මම කාලෙකට කලින් දැම්ම වීඩීයෝ එකක් ඇති එමලි වචන සෑහෙන්න උත්සාහ කරලා එකතු කරලා හයියෙන් බොහ් ගාලා වේගයෙන් එළියට දාන. දැන් එහෙම වේගයෙන් වාක්‍ය එළියට දාන එක අඩුයි. මනසින් වාක්‍ය හදාගෙන හඬ ටිකක් පාලනය වෙලා තමයි වාක්‍ය කියන්නේ. දැන් එමලි එක පාරටම වාක්‍යම කොහොම හරි මනසින් ගළපලා කියන්න උත්සාහ ගන්නවා.
දැන් එමලි knock knock knock who’s there” කියන කොටසින් Knock knock කියන කොටස අරන් ඒකට open the door daddy කියන කොටස එකතු කරලා ස්වාභාවිකව භාෂාව නිර්මාණය කරලා කියනවා. ඒකට අපි කියන්නේ Self-generated language කියලා.
මේක තමයි අපි අවස්ථාවට අදාළව දරුවාට වටහා ගන්න පහසු විදියට භාෂාව හදලා පිටපත් කරාම ඒ පිටපත් කරලා දරුවාට හඳුන්වාදෙන වාක්‍ය දරුවා ස්වාභාවිකව තමන් විසින් නිර්මානය කර ගන්න භාෂාවට එකතු කර ගන්න විදිය. ඒක හරියට අපි භාෂාවේ සැකිල්ල හදලා පෙන්නුවම දරුවා ඒක එයාට පහසු විදියට පුරවලා හදාගන්නවා වගේ.
දැන් මම එමලි ඒ වාක්‍ය කිව්වම ආයේ ඒක හදලා කියලා පෙන්නනවා. මම කිසිම වෙලාවක බල කරන්නේවත් , ආයේ ආයේ වාක්‍ය රිපීට් කරන්නෙවත් නෑ. එහෙම නොකරන්නේ දරුවට මනසට අපහසුවක් සහ බලහත්කාරකමක් විදියට දැනෙන්න පුලුවන් නිසා. ඒකෙන් වෙන්නේ දරුවාගේ ස්වාභාවිකව ගොඩනැගෙන භාෂා හැඩයට අපි බාධා වෙන එක. මම හරි වාක්‍ය කිව්වම එමලි ඒක තේරුම් අරන් ඒ වාක්‍ය ආයේ රිපීට් කරා. ඊට පස්සේ අපි දෙන්නම ගිහින් තාත්තගේ Office room එකේ දොරට තට්ටු කරලා හරි වාක්‍ය කියලා දොර ඇරගෙන ඇතුළට ගියා. එමලි එහෙම ගිහින් කරන්නේ තාත්තා ළඟ තියන පුටුවක ඉඳන් ඉන්න එක. එහෙම නැත්තන් තාත්තට කියනවා එයාව කරේ තියන් යන්න කියලා
දරුවා බලන සිංදු වල කොටස්, කතන්දර කොටස්, දරුවා වැඩියෙන් කැමති දේවල් වගේ දරුවාට වඩා සමීප දේවල් එකතු කරලා අවස්ථාවට හරියන්න Language model කරන්න. මම සිංදුත් එමලිට හරියන සහ ඒ අවස්ථාවට හරි විදියට වෙනස් කරලා කියනවා.එතකොට ඒක එමලිට ඒ අවස්ථාව පිටින්ම මතක තියාගන්න පහසුයි.
