මම අද පටන් ගත්තා එමලි මෙච්චර දවසක් දැනුම ලබා ගත්ත හැඩය Structure එකකට හෙමින් හදන්න. මෙතෙක් Available පොත් ගෙනල්ලා ඒවල එමලිට කරන්න පුලුවන් වැඩ ටික එමලි කරා. ඒ අතරේ Education apps සහ ප්‍රායෝගික ජීවිතේ දේවල් හරහා එමලිට දැනුම දුන්නා. දැන් මම එයාට පහසු විදියට සිලබස් වෙන් කරලා ඒ ඒවට වෙන වෙනම Activity sheets Print කරලා දෙන්න තමයි හදන්නේ.

දැන් එක පාරටම මට Academic පැත්තට එමලිව ඩොහ් ගාලා අරන් යන්න බැහැ. ඔටිසම් බබෙක්ගේ අවශ්‍යතා ගොඩක් සම්පූර්ණ කරන ගමන් හැම දේම සමබරව තමයි අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. පළවෙනිම දේ එමලිගේ මනස සන්සුන්ව තියෙන්න ඕනේ. ඒකට එමලිගේ Sensory needs සම්පූර්ණ වෙන්න ඕනේ. එතනින් එහාට එමලිට Meaningful වෙන්න ඕනේ එයාට දෙන වැඩ. එහෙම නැත්තන් ඒ දේ කරන්න එමලිට කිසිම උනන්දුවක් උත්තේජනයක් ඇති වෙන්නේ නැහැ. අනික් එක තමයි එමලිගේ කුසලතා සහ අභියෝග කියන දෙකම තේරුම් ගන්නත් ඕනේ.

මම එමලිගේ Special interest එක පාවිච්චි කරේ නැහැ මේ Activity sheets හදන්න. ඒකට හේතුව ඒ හරහා එමලි Over stimulate වෙන්න පුලුවන් නිසා. ඒ නිසා එමලිගේ Special interest එක පාවිච්චි කරලා ප්‍රායෝගිකව Real life එකේ ඒවා පාවිච්චි කරනවා එයාට දැනුම දෙන්න සහ මනස සන්සුන් කරගන්න සහය දෙන්න. ඒක සම්බන්ධ කරගත්තේ නැහැ individual education plan එකට.

දැන් මම මුලින්ම Activity sheets හැදුවේ එමලි දැනටම දන්න සහ කරන්න පුලුවන් දේවල් වලින්. හේතුව එතකොට එමලිට ලොකු Pressure එකක් දැනෙන්නේ නැහැ. මට මේවා කරන්න පුලුවන් , හරිම ලේසීයි කියන හැඟීම එමලිට දැනෙනවා.ඒ වගේම තමයි මම හදපු Activity sheets ඔක්කොම Print කරලා දුන්නෙත් නෑ. අද බොහොම පොඩ්ඩක් Print කරලා දුන්නා පේපර් එකක් වගේ. එමලිට Yes / No කියන එක තාම ටිකක් පැටලිලි සහගත නිසා අන්න ඒකට ටිකක් වැඩි අවධානය දීලා Activity sheets හැදුවා. සරල Instructions තමයි මේ Worksheets වල තියෙන්නෙ.

උදේ වරුව එමලිට වැඩ කරන්න ඒ තරම් පහසු කාලයක් නෙමේ. උදේ නැගිට්ටම සාමාන්‍යයෙන් එමලි කරන්නේ දවස පටන් ගන්න මනස සන්සුන් කරගන්න එක. මේ දවස් වල නං ඒකට එමලි කරන්නේ Samsung add එකක වීඩියෝ එකක් ආයේ ආයේ රිපීට් වෙන්න play වෙන්න දීලා ඒ අතර වතුර බේසමේ බැහැලා ඉන්න එක.අදත් ඒ වගේම ඇති වෙන්න වතුර බේසමේ බැහැලා ඉඳලා බඩ පිරෙන්න කෑමත් කෑවට පස්සේ තමයි මම මේ Activity sheets කීපය එයාට දුන්නේ. සාලේ බිම කාපට් එක උඩට වෙලා එමලි ඒ දුන්න ඔක්කොම ටික කරා. මම ප්‍රශ්න ටික කියෙව්වා.උදව් කරන්න ඕනේ තැන්වල උදව් කරා. එමලිගේ අක්කත් එමලිට සපෝට් එකට ළඟට ආවා. එමලි අපිට එහාට යන්න කියලා කිව්වේ නෑ 🤭.

දැන් මට හෙමින් එමලිගේ අධ්‍යාපනය හරි Structure එකක් ඇතුළට හෙමින් සීරුවට ගන්න මේ පියවර හරහා පුලුවන්. ඉතිං අද හොඳ දවසක් ❤️

මුල් සබැඳිය : එමලිගේ අධ්‍යාපනය/දැනුම ලබා ගත්ත හැඩය