අපි ටික දවසකින් තමයි එමලිවයි අක්කවයි දෙන්නව Swimming අරන් ගියේ. මේක Swimming class එකක් එහෙම නෙමේ. pearl bay එකේ තියන Pool එකට තමයි දෙන්නව අරන් යන්නේ නිදහසේ ඇති වෙන්න Swim කරන්න.

එමලිගේ Special interest එක ගැන ඔයාලට අහලා එපා වෙන්න තරමටම මම ලියලා තියෙන්නෙ මේ වෙනකොට🤭. හැම Brand එකකින්ම උඩින්ම තියෙන්නේ ” Samsung”. දැන් මේ Special interest කියන්නේ නිකම්ම නිකන් කැමැත්තවල් නෙමේ. එමලි එයාගේ මනස සහ ශරීරය සන්සුන් කරගන්න පාවිච්චි කරන ප්‍රධානම ක්‍රමය. මේවගේ ඒවට අපි කියනවා ” regulation anchor” කියලා. anchor කියන්නේ නැංගුරමට. නැංගුරම තමා නැවක් සුරක්ෂිතව එක තැනක නතර කරලා තියන්න සහය දක්වන්නේ. අන්න ඒ වගේ තමයි ඔටිසම් බබාලට මේ වගේ Special interest තමයි එයාලගේ මනස සහ ශරීරය සන්‍සුන්ව පවත්වාගෙන යන්න සහය දෙන්නේ. ඒකයි regulation anchor කියලා අපි කියන්නේ.

ඉතිං Swim කරන්න පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකල්ම එමලිට ඕනේ උනා Samsung logo එක බලන්න. මම මේක මටයි එයාටයි පහසු වෙන්න මගේ ෆෝන් එකේ Wallpaper එකට දාගෙන ඉන්නේ Samsung logo එක. ඉතිං එමලිගේ පොඩි වීඩීයෝ එකක් ගන්නකොටම එමලි කෑ ගහනවා black & white samsung Phone කියලා. සැරින් සැරේ ඒක පෙන්න පෙන්න තමයි මම ඒ මුලු වෙලාවෙම හිටියේ. ගෙදරින් යනකොටත් brand Names ප්‍රින්ට් කරපු ටීශර්ට් ටිකත් අරන් ගියේ.

Swim කරලා ඉවර වෙලා එනකොට හැමදාම එතන තැනකින් Ice cream එකකුත් අරන් දෙන නිසා අදත් ඒ විදියටම Ice cream අරන් දුන්නා.කෙළින්ම ඒ කඩේ ඇතුළටම යන්න හැදුවම මම කිව්වා නෑ ඔහොම ඉඳන් ඉන්න තාත්තා Ice cream අරන් දෙනකල් කියලා.ඊට පස්සේ සන්සුන්ව ඉදගෙන හිටියා.

මායි එමලිගේ තාත්තයි මේ දවස් වල එමලි එක්ක එළියට යනකොට සෑහෙන්න කල්පනාවෙන් තමයි යන්නේ. ඒකට හේතුව කාගේ හරි අතේ ෆෝන් එකක් තියනවා දැක්ක ගමන් එමලි ඒක ගන්න යනවා.එමලිට ඕනේ ඒක අරන් ඒ Brand logo එක බලන්න. ඒත් එමලිට තේරෙන්නේ නැහැ එහෙම නොදන්න අයගේ අතේ තියන ඒවා අපිට හිතෙන විදියට ගන්න එක හොඳ නැති වැඩක් කියලා. ඉතිං අදත් සෙනඟ ඉන්න තැන් වලින් යනකොට එමලිගේ අත තදින් අල්ලන් තමයි ඒ තැන් පහු කරේ.

කොහොම උනත් අද එමලිගේ දවස ගොඩක්ම හොදයි අද එයාගේ Swimming day එක නිසා.

මුල් සබැඳිය : එමලිගෙයි අක්කාගෙයි ස්විමින්ග් දවස