උදේට තාත්තා ඔෆිස් යනකොට බබාලා ඉල්ලන්නේ මොනවා හරි කඩචෝරුවක් තමයි. ඒත් එමලි ඉල්ලන්නේ ෆෝන්, ටැබ්😅 අද උදේ තාත්තා ගෙදරින් එළියට බහිනකොටම කෑ ගහලා කිව්වා Daddy buy ෆෝන් ටැබ් කියලා. එමලි මේ ෆෝන් ටැබ් කියලා කියන්නේ දෙකකට නෙමේ. එයා කියන්නේ පොඩි ටැබ් එකක් ඕනේ කියලා. ඒකත් Amazon Brand එකෙන්. අද තාත්තා ගිය වෙලේ ඉදන් එමලි සැරින් සැරේ මට මතක් කරා ෆෝන් ටැබ් කියලා 🫠. මම ඒ වෙලාවේ කරේ ඉන්න තාත්තට වීඩියෝ එකක් අරන් යවමු කියලා වීඩියෝ එකක් ගන්න එක😅. අරන් එමලිට පේන්නම ඒක තාත්තට යැව්වා. ඒ වීඩියෝ එකට තාත්තට එමලි එයාට ඕනේ ටැබ් එකේ ෆොටෝ එකකුත් පෙන්නුවා. හැබැයි එක වෙලාවක නිල් පාට ටැබ් එකක් ඕනේ කිව්වා.ආයේ කිව්වා කොළ පාට එකක් කියලා😅.

එමලි තමන්ගේ අවශ්‍යතා සන්නිවේදනය කරගන්න ලොකු උත්සාහයක් දරනවා වගේම එක එක ක්‍රම පාවිච්චි කරනවා.ඒ වගේම නොදන්න දෙයක් තියනවා නං මගෙන් කෙලින්ම ඒක පෙන්නලා අහනවා ” What is this” කියලා. ඊයේ එමලි එයාගේ මහපටැගිල්ල මට පෙන්නලා ඇහුවා What is this කියලා.මම කිව්වා ” Thumb” කියලා. ඊට පස්සේ එමලි කිව්වා ” Thumb Songs ” කියලා. ඒ කිව්වේ එයාට මහපටැඟිල්ල ගැන තියන සිංදුවක් දාලා දෙන්න කියලා. මේ වගේ එමලි එක එක ක්‍රම වලින් එයාගේ අවශ්‍යතාවය කියනවා. මම එමලිව උනන්දු කරවන්නේ මොන ක්‍රමයෙන් හරි එයාගේ හැඟීම් ප්‍රකාශ කරන්න.

ස්ක්‍රීන් එක හරහා එමලි සන්නිවේදනය කරගන්න Visuals පාවිච්චි කරනවා. එමලිට කියාගන්න අපහසු දෙයක් තියනවා නං ඒක Visuals හරහා අපිට පෙන්නලා හෝ වචන කෑලි වලින් හරි අංග චලන වලින් හරි පෙන්නලා කියන්න එමලි උත්සාහ ගන්නවා. විශේශයෙන් එක වචනයක් කියලා ඒක මට කියලා Google search කරලා ඒ එන Images පෙන්නලා එමලි එයාට ඕනේ දේ කියනවා. මේක හරිම Positive දෙයක්. වාචිකවම සන්නිවේදනය කරගන්න උවමනා නැහැ. වාචිකව සන්නිවේදනය කරගන්න අපහසු පුද්ගලයින් වෙනත් ක්‍රම හරහා සාර්ථකව සන්නිවේදනය කරගන්නවා. අවශ්‍ය වෙන්නේ ඒ ක්‍රම සමාජය තේරුම් ගැනීම සහ පිළිගැනීම විතරයි.

මුල් සබැඳිය : උදේට තාත්තා ඔෆිස් යනකොට එමලි ඉල්ලන්නේ