අද විශේශ දවසක්. හේතුව එමලි එයාගෙම Play එකක් හදාගෙන සෙල්ලං කරා සහ ඒකට අපිවත් එකතු කරගත්තා. ඒ Play එක එමලි කරේ වීඩීයෝ එකක් බලලා. ඒ වීඩීයෝ එකේ තියෙන්නේ Unicorn කෙනෙක් Bathroom එකට යනවා. එයාගේ Poop දේදුන්නක් හැඩේට අහසේ පායනවා
. මේක බලලා එමලි කරේ එයාගේ බෝනික්කො එකින් එක අරන් එයාලව Bathroom එකට යවනවා වගේ Pretend play එකක් කරපු එක. එමලි පොඩි රවුම් බෝල් එකක් අරන් Slime ගත්තා. දැන් බෝල් එක තමා Potty එක.Slime තමයි Poop. මටයි ,එමලිගේ අක්කටයි , තාත්තටයි කතා කරා වටේට ඉදගන්න කියලා. එක බෝනික්කෙක්ව අරන් අර බෝල් එක උඩ තියලා Slime කෑලී කඩ කඩා ඒක ඇතුළට දානවා. ඒ තමයි බෝනික්කා Poop දාන විදිය
. ඊට පස්සේ එමලි හයියෙන් කිව්වා “Yucky” කියලා.මම ඒකට තව වචනයක් එකතු කරලා “Yucky poop” කියලා කිව්වා. ඊට පස්සේ ඒ බෝනික්කව සාලේ මැදින් තියනවා. ඒ වගේ හැම බෝනික්කෙක්වම එමලි Bathroom ගෙනිච්චා
. එමලිගේ අක්කට නං සෑහෙන්න හිනා නංගිගේ Play එකට. මම නං ඒ මුළු වෙලාවෙම හිටියේ ඒ Play එක කොයිතරම් වැදගත් ද කියන එක හිත හිතා පුදුමාකාර සතුටින්.
මම හිතුවේ නෑ එමලි අනුකරණය කරලා මේ තරම් ලොකු සෙල්ලමක් දැන්ම කරයි කියලා.ඒකට හේතුව හැම ඔටිසම් දරුවෙක්ටම අනුකරණය කරලා සෙල්ලම් කරන්න අපහසුයි. ඒක බැහැ නෙමේ. ඒක කරන්න නං අභියෝග ගොඩක් පහු කරන්න ඕනේ. හැබැයි අනුකරණය කරලා Play නොකරා කියලා ඒක ඔටිසම් දරුවන්ගේ අඩුවක් විදියට දැන් දකින්නේ නෑ.හේතුව අනුකරණය කරන ක්‍රම ගොඩක් තියන නිසා. එමලි මේ කරේ සාම්ප්‍රදායික රාමුවේ තියන අනුකරණයක්. ඒක ස්වභාවිකව සිද්ධ වුන සංවර්ධනයක් මිසක් එමලිට බලහත්කාරකමින් අනුකරණය ඉගැන්නුවේ නෑ. එහෙම කරන්න බෑ. යම් කෙනෙක් එහෙම කරත් ඒක දරුවගේ සැබෑ සංවර්ධන හැඩය වෙන්නේ නෑ.
එමලිගේ මේ අනුකරණය හැඩයට අපි කියන්නේ Symbolic play කියලා. උදාහරණයක් විදියට එක එක වස්තූන් පාවිච්චි කරලා අනුකරණය කරන එක.අර අපි පොඩි කාලේ ගස් වල කොළ කඩාගෙන එළවලු කියලා කපලා උයලා සෙල්ලං කරනවා වගේ. එතකොට එමලි Poop වෙනුවට පාවිච්චි කරේ Slime. ඒකයි මේ අනුකරණය Symbolic play එකක් වෙන්නේ. වීඩීයෝ එකේ දැක්ක Unicorn වෙනුවට බෝනික්කන්ව පාවිච්චි කරලා එමලි සෙල්ලම නිර්මාණය කරා. ඒකට අපි කියන්නේ Imaginative thinking කියලා. Social connection / සමාජ සම්බන්ධතා සංවර්ධනය වෙන විදිය තමයි එමලි අපිව එයාගේ Play එකට එකතු කරගත්ත එකෙන් අදහස් වෙන්නේ.
ඉතිං එමලි වරුවක් යනකල් බෝනික්කන්ව Bathroom අරන් ගිහින් ඒ හැම බෝනික්කම පේළියට තිබ්බා. එමලිට හරි සතුටුයි එයා එයාගේ Play එක සාර්ථකව ඉවර කරපු නිසා. මේක තමයි දරුවෙක්ට පීඩාවක් නැතුව ගොඩ නැගෙන්න නිදහස් වටපිටාවක් ලබා දෙන කොට ඒ හරහා දරුවා එයාගේ අභියෝග පහු කරගෙන යන්න උත්සාහ ගන්න විදිය.නිර්මාණශීලීව තමන්ගේ සිතීමේ පරාසය වැඩි කරගන්න විදිය. පීඩාවන් සහ බලහත්කාරකම ඇතුළේ අපහසුවෙන් ගොඩ නැගෙන දරුවෙක් නිතරම බලන්නේ තමන් ඒ පීඩාවෙන් ආරක්ශා වෙන්න සහ ගැළවෙන්න. එතනින් එහාට දරුවට නිදහසේ හිතන්න ඉඩක් නෑ. මම දැක්කා අද කෙනෙක් තැනක කියලා තියනවා අවුරුදු පහට කලින් දරුවාව සාමාන්‍ය තත්ත්වයට ගන්න ඕනේ නැත්තන් වැඩක් නෑ කියලා. මේ අදහස් එන්නෙම වසර ගණනාවක් පුරාවට ඔටිසම් ගැන නිර්මාණය වුන වැරදි අදහස් නිසා. විශේෂයෙන්ම එක්තරා Speech therapist කෙනෙක් තමයි ඔය කතාව මන්තරේ වගේ මතුරන්නේ. මෙහෙම හිතුවොත් දරුවාට දෙන්න පුලුවන් හැම වද හිංසනයක්ම දීලා සාමාන්‍ය කරන්න හදනකොට අවසානේ ඉතිරි වෙන්නේ මානසික පීඩාවෙන් පෙළෙන රෝගියෙක් විතරයි. ඔටිසම් කියන්නේ අසාමාන්‍යතාවයක් නෙමේ විවිධත්වයක් කියන එක සහ දරුවාගේ සංවර්ධනය සිද්ධ වෙන්නේ සාම්ප්‍රදායික හැඩයට නෙමේ කියන එක තේරුම් ගත්තම පුලුවන් වෙයි දරුවාට නිවැරිදි සහය ලබා දෙන්න.

එමලි ගේ සෙල්ලමේ අවස්ථා කීපයක්


අද මට සතුටු දවසක් 

