නාසි රෙජිමේන්තු විසින් යුදෙව්වන් සමූල ඝාතනය කරන කාලය ඒ කියන්නේ ලෝකයේ මෙතෙක් සිදු වී ඇති විශාලම genocide එක අතරේ Hans Asperger කියන physician කෙනෙක්ව අපිට හම්බෙනවා. එයාගේ හැදෑරීම පදනම් වුනේ විශේශයෙන් දරුවන්ගේ විවිධ ස්නායු තත්ත්වයන්. 1938 කාලයේ මොහු ආරම්භ කළා ඔටිසම් දරුවන්ගේ මොළය පිළිබඳව පරීක්ශණ පවත්වන්න. ඔහුගේ පරීක්ශණයට භාජනය වුන දරුවන් කණ්ඩායම ඔහු හැඳිවුයේ “Autistic psychopath” කියලා. මොහු විස්වාස කරා මේ දරුවන් අතරින් කොටසක් ඉතා බුද්ධිමත් බවත් සමාජයේ ඉහළ තනතුරු දක්වා ගමන් කරවන්න හැකියාවක් තිබෙනවා කියන එක වගේම අනික් කොටස එහෙම නැති බවත් ඒ දරුවන් නිවාස වල එහෙම නැත්නම් Asylum වලට දැමිය යුතු බවත්. එතකොට අපි මේ කතා කරන්නේ දෙවනි ලෝක යුද්ධය කාලය හා සම්බන්ධ වුනු සිදුවීමක් ගැන. හිට්ලර් ගේ Nazi හමුදාව විසින් යුදෙව්වන් ඉතා අමානුශික ලෙස වද හිසා පමුණුවා ඝාතනය කළ කාලය. තවත් සමහරුන් සිරකදවුරු වල පහර කෑමෙන්, පිළිස්සීමෙන් සහ හාමතින් මරණයට පත් වුනා. කුඩා දරුවන් විශාල සංඛ්‍යාවක් මේ අතර සිටියා. යුදෙව්වන් මිලියන 6 ක් ඝාතනය කළ මේ Genocide එක හදුන්වන්නේ Holocaust කියලා. හිට්ලර් නිර්මාණය කරා වැඩසටහනක්. ඒකට කියන්නේ T4 Program කියලා. ඒක Mercy killing program එකක්. සරළව කිව්වොත් Disable දරුවන් සහ පුද්ගලයින්ට වේදනා රහිත ක්ශනික මරණයක් ලබා දීම. ඒත් ඒක එහෙම මරණයක් වුනේ නෑ. ඒක සම්පූර්ණයෙන් හාමතේ තබා,ගෑස් දමා,පර්යේශණ වලට භාජනය කර, වෙඩි තබා ඝාතනය කර දැමීමක් වුනා .
“ජීවත් වීමට සුදුසු නැති ” (Wartime is the best time for the elimination of the incurably ill) කියන අදහස සමඟ හිට්ලර් විස්වාස කළා Neurodivergent (විවිධත්වයෙන් යුතු පුද්ගලයින්) සහ සහයක් සමඟ ජීවත් වීමට සිදු වී ඇති පුද්ගලයින් රටට බරක් කියන එක. මේ වැඩසටහන සමඟ Nazi Physicians ලා එකට එකතු වී වැඩ කරා. රෝහල් වල සහ institutions වල හිටපු රෝගීන්, Neurodivergent දරුවන් / වැඩිහිටියන් සියල්ලම ඝාතනය කර දැමුවා.
දැන් මේ ඉතිහාස කියවීමත් එක්ක අපි යමු Herta Schreiber කියන අවුරුදු දෙකේ කුඩා දැරියගේ කතාවට. ඇය පෙළුනු රෝගී තත්ත්වයක් නිසා මොළයේ ස්නායු ඩැමේජ් වීමක් හේතුවෙන් Hans Asperger ට ඇයව පරික්ශා කරන්න යොමු කළා. Hans ගේ අදහස උනේ දරුවාගේ තත්ත්වය මවට අමතර බරක් කියන එක. හේතුව ඔහුගේ දෘෂ්ටි කෝණය අනුව මවට හිටි අනෙකුත් සෞඛ්‍ය සම්පන්න දරුවන් හතර දෙනාට අවධානය ලබා දීමට මේ රෝගී දියණිය නිසා බාධාවක් කියන එක. ඉතිං අවුරුදු දෙකක් වයස කුඩා Herta ව Am Spiegelgrund කියන රෝගී දරුවන් සඳහා පවත්වාගෙන ගිය රෝහලට ඇතුලත් කරා. මේ රෝහල අර ඉහත කිව්ව T4 ඝාතන වැඩසටහන ක්‍රියාවට නැංවූ එක් තැනක්.
Herta ගේ හැසිරීමේ වෙනස්කම් රෝහලේ එවකට ප්‍රධාන වෛද්‍යවරුන් වූ Am Spiegelgrund සහ Erwin Jekelius Hans aspergers ට දැනුම් දුන්නා. අමතක කරන්න එපා මව් සෙනෙහස පවා අහිමිව නන්නාඳුනන සායනයක හුදකලාවේ විදවන්නට සිදු වූ මේ කුඩා දරුවාගේ වයස අවුරුදු දෙකක් බව.
Erwin Jekelius විසින් මේ කුඩා දැරිය ජීවත් වීම අර්ථ විරහිත බව තීරණය කර ඇයව මරා දමන්නට අවසර ඉල්ලා සිටියා. ඉන් මසකට පසු හරියටම Herta ගේ අවුරුදු තුනේ උපන්දිනට පසු දින 1941 සැප්තැම්බර් 2 වනදා කුඩා දියණිය බලාපොරොත්තුවක් නැතිවම විඳවමින් සිට ජීවිතයට සමු දුන්නා. ඇයව මරා දැමූ ඔවුන් මරණ වාර්ථාවේ මරණයට හේතුව නිව්මෝනියාව ලෙස සනිටුහන් කළා. මේ රෝහලේ සිටි සියළුම Neurodivergent දරුවන් සහ නොයෙක් ස්නායු තත්ත්වයන්ගෙන් / රෝගී තත්ත්වයන්ගෙන් පෙළුනු දරුවන් මරා දමන්නට නාසි රෙජිමේන්තුවෙන් Nazi’s secret child euthanasia වැඩසටහන යටතේ නියෝග කරා. විවිධත්වයෙන් ලෝකයට බිහි වුනු ඒ දරුවන් අනාගතයට බරක් එසේත් නැත්නම් ඒ ජාන අපිරිසිදු ජාන ලෙස සළකා ඉතා අමානුෂික වද හිංසනයන් ලබා දී ඝාතනය කර දැමුවා. Sedatives දරුවන්ට අධි මාත්‍රා වලින් ලබා දීමෙන් මේ ඝාතනයන් සිදු කළ අතර ඉන් කොටසක් ක්ශණික මරණයටත් තවත් කොටසක් අධි මාත්‍රා ඖෂධ හේතුවෙන් නිව්මෝනියාව වැළදී සෙමෙන් වේදනා විදිමින් මරණයට පත් වුනා. තවත් කොටසක් විද්‍යාගාර මීයන් මෙන් වෛද්‍යවරුන්ගේ නොයෙක් වෛද්‍ය පරීක්ශණයන් වලට භාජනය වුනා. ඔවුන්ට විද්‍යාගාර මීයන්ට අත් වූ ඉරණමම අත් වුනා. ඒ දරුවන් කිහිප දෙනෙක් ළමා වෛද්‍ය Elmar Türk ගේ tuberculosis vaccine එක සදහා වූ පරීක්ශණ වල ටෙස්ට් වස්තූන් බවට පත්ව වේදනාකාරී මරණයකට මුහුණ දුන්නා.
මෙතන දරුවන් 800 ක ප්‍රමාණයක් සිටියා කියා කියනවා. ඒත් වෙනත් ඉතිහාස මූලාශ්‍ර වල ඒ ප්‍රමාණය ඊටත් අධිකයි කියා සටහන් වෙලා තියනවා. පසු කාලීනව මේ සම්බන්ධව සොයා බලන්නට උත්සාහා ගත් වෛද්‍ය සිසුන් පවා ඝාතනයට ළක් වුනා. කෙසේ නමුත් Hans Asperger මේ සියල්ලම පිටුපස සිටි වෛද්‍යවරුන්ගෙන් කෙනෙක් වූ බව පැහැදිලි සාක්ශි සොයාගන්නට සමත් වුනා.
Hans Asperger 1980 මිය ගියා. 1992 Aspergers syndrome කියන හැඳින්වීම / Term එක Official Diagnosis එකක් බවට පත් වුනා. එම නාමිකය Autism ලක්ශණ අවම, ඉතා බුද්ධිමත් එහෙත් සමාජ සම්බන්ධතා සමඟ එකතු වීමේ අසීරූතා ඇති/ Emotions regulat කරගැනීමට අපහසු දරුවන්ට ලබා දුන් Diagnosis එකක් උනා. 2013 දී DSM5 (ඔටිසම් Diagnosis නියාමනය) එකෙන් එය වෙනම Diagnosis එකක් විදියට නැතුව Spectrum එකේ කොටසක් විදියට ඇතුලත් කරා. දිගින් දිගටම ඔටිසම් සම්බන්ධයෙන් කළ පරීක්ශණ හරහා Aspergers කියන්නේ වෙනම තත්ත්වයක් නෙමේ ඒකත් ASD (Autism spectrum disorder) තත්ත්වය බවට තහවුරු කළා. ඉන් එහාට Hans Asperger ගේ නාසි රෙජිමේන්තුව සහ Neurodivergent දරුවන් අමු අමුවේ ඝාතනය කිරීමට ඇති සම්බන්ධතාවය නිසා තවදුරටත් Aspergers කියන නම පවා භාවිතා කිරීමට ඔටිසම් ප්‍රජාව විරෝධය දැක්වුවා.
තමන්ගේ විවිධත්වයෙන් යුතු දරුවන් වෙනුවෙන් පෙනී හිටින්න.ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න. දරුවන්ගේ විවිධත්වයේ වටිනාකම වෙනුවෙන් ඉදිරිපත් වෙන්න.