ඔටිසම් කියන්නේ ස්නායු විවිධත්වයත් මිසක රෝගයක් නෙමේ . “ඔටිසම්”යනු අන්න්‍යතාවයක් වන අතර අසාමාන්‍යතාවයක් නොවේ. ASC ( Autism spectrum condition ) යන නාමිකය තුළම එය රෝගයක් නොවන බවත් එනිසාම ඖෂධ හරහා සුව කරගැනීමට අවශ්‍ය / හැකි තත්වයක් නොවේ යන්නත් පැහැදිලි වේ. එහෙත් ලංකාව තුළ නොයෙක් ආකාරයෙන් ” ඔටිසම් සුව කිරීමේ” කූට ව්‍යාපාර නොයෙක් පුද්ගලයින් විසින් පවත්වාගෙන යන නිසා ඔටිසම් පිළිබඳව නිවැරිදි අවබෝධය සමාජගත කිරීම අත්‍යවශ්‍ය කාරණයකි.
පළමු ඔටිසම් යැයි හඳුනාගත් පුද්ගලයා මේ වන විට මිය ගොස්ය. නමින් Donald triplett වන ඔහුලෝකයේ ප්‍රථමයෙන් ඔටිසම් කියන තත්ත්වය නාමිකව තහවුරු කරගත් පළවෙනි පුද්ගලයා. ඒ 1943 වසරේ. ඊට පෙර කාලේ ඉදන්ම මේ ඔටිසම් තත්ත්වය තිබුන මුත් නියමිත වෛද්‍ය විද්‍යාත්මකව එය හඳුනා ගැනීමක් හෝ ඒ තහවුරු කිරීමක් සිදු වූයේ නැත.
විසි වෙන ශත වර්ශයේ මුල් කාලයේ ඔටිසම් තත්ත්වයට බටහිර රටවල් පාවිච්චි කරපු තෙරපි ක්‍රම ඉතා අමානුශික වුනා. හේතුව ඔටිසම් සම්බන්ධයෙන් තිබූ අවම දැනුම. එයාලා පාවිච්චි කරා ඉලෙක්ට්‍රික් ශොක් ලබා දීමේ තෙරපි. ඒක හඳුන්වන්නේ ECT කියලා. 1940දී පාවිච්චි කරා ග්ලූටන් රහිත ආහාර වට්ටෝරු ලබා දීම. මේක අදටත් පාවිච්චි කරනවා. ඒත් පරීක්ශණ වලින් මේ වන තුරු ඔප්පු වෙලා නැහැ මේකෙන් ඔටිසම් තත්ත්වය තුළ වෙනසක් සිද්ධ වෙනවාද කියලා. ඊට පස්සේ 1940දී ඔස්ට්‍රේලියාවේ Leo kanner කියන මනෝ චිකිත්සකවරයෙක් ගෙනාවා තියරි එකක්. ඒක හැඳුන්වූයේ Refrigerator mother theory කියලා .මේකෙන් ඔහු පෙන්වා දුන්නේ ඔටිසම් තත්ත්වය ඇති වෙන්නේ මවගේ උණුසුම සහ තාත්තාගේ ආදරය දරුවන්ට අහිමි වෙන නිසා කියලා. සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේශණ කාරණා මත පදනම් වෙලා තමයි මේ මනෝ චිකිත්සකවරයා මේ තියරි එක Develop කරේ. එතකොට මේකෙන් සරළවම ඔහු පෙන්වා දුන්නේ ඔටිසම් දරුවන් තුළ තිබෙන හැඟීම් තෝරා බේරා ගැනීමේ නොහැකියාව සහ සමාජ සම්බන්ධතා පැවත්වීමේ අසීරුතාවය ඇති වෙලා තියෙන්නෙ දෙමාපියන් දරුවාව නොසළකා හැරීම නිසා කියන එක. ඊට පස්සෙ මේ තියරි එක ප්‍රතික්ෂේප වෙන්න ඇමරිකාවේ වෛද්‍යවරයෙක් ගෙනාවා ඔක්කෝගෙම අවධානය අරගන්න සමත් වුනු තියරි එකක්. ඒක තමයි ඔහු කිව්වා ඔටිසම් කියන්නේ ජාන රාශියක එකතු වීමෙන් ඇති වෙන විවිධත්වයක් කියලා. ඔහු ඉදිරිපත් කරා කොහොමද ඔටිසම් තත්ත්වය හඳුනාගන්නේ කියන පොදු සාධක ටිකක්. එතනින් ඔටිසම් සම්බන්ධව කෙරෙමින් තිබූ සියලුම පරීක්ශණ ජාන, මොළය හා ස්නායු කියන විශයන් දෙසට යොමු උනා. මෙන්න මේ වෛද්‍යවරයගේ නම තමයි Dr Bernard Rimland. එතකොට එයා මුල් වරට යෝජනාවක් ගෙනාවා ඔටිසම් පුද්ගලයින්‍ට කළ යුතු තෙරපි ක්‍රමයක් ගැන. ඒක තමයි ABA තෙරපි කියලා කියන්නෙ. මේ අදහස වැඩි දියුණු කරලා ගත්තේ Ivar Lovaas කියන මනෝවිද්‍යාඥයා විසින්. දැන් අපි එන්නේ වැදගත්ම තැනකට. මේ දේවල් සිද්ධ උනේ 1960 න් පස්සේ. එතකොට මේ මුල් කාලීන ABA තෙරපි කියන්නේ අද බටහිර රටවල් ඔටිසම් දරුවන්ට සහය දීමට පාවිච්චි කරන ABA තෙරපි ක්‍රමය නෙමේ. දැන් Modern ABA එහෙමත් නැත්නම් නවීකරණය වුනු ABA තෙරපි ක්‍රමය භාවිතා කරත් ඊට හාත්පසින්ම වෙනස් ක්‍රම තමයි මේ ආරම්භක ABA තෙරපි ක්‍රමය ඇතුලේ තිබ්බේ.
ඒකේ තිබ්බේ Reward and punishment කියන ක්‍රමය. ඒ කියන්නේ ඔටිසම් දරුවා ඔටිසම් නොවන සාමාන්‍ය (ඒ කාලේ භාවිතා කළ අර්ථය) දරුවෙකු කරන්න යොදාගත්තේ දඩුවම සහ සංග්‍රහය කියන ක්‍රමය .මේක නිකන් බල්ලො පුහුණු කරන ක්‍රමය වගේ එකක්. ඔටිසම් දරුවා කටින් වචනයක් පිට කරාම දෙනවා චොක්ලට් කෑල්ලක්. ඔටිසම් දරුවා පොදු සමාජය පිළිනොගන්නා හැසිරීමක් පෙන්නුම් කරාම එයා ආසම කරන සෙල්ලම් බඩුව ගන්නවා දඩුවමක් විදියට. නැත්තන් මේක වෙනත් අමානුෂික දඩුවමක් වෙන්න පුළුවන්. බලහත්කාරයෙන් දරුවා ඔටිසම් නොවන දරුවෙක් කරවීමට පුහුනු කිරීම තමයි මෙයින් සිදු කලේ. මේ වන විට මේ තත්ත්වය වෙනස් වෙලා දරුවාගේ වෙනසට ගරු කරමින් ඔටිසම් දරුවාට අවශ්‍ය සහය ලබා දෙනවා. ඒත් පැරණි ABA තෙරපි ක්‍රම තවමත් තැනින් තැන නොයෙක් පුද්ගලයින් හා මධ්‍යස්ථාන භාවිතා කරනව. ඒකෙන් අංක එක තමයි ලංකාව. ලංකාවේ ඔටිසම් දරුවන්ව බලහත්කාරයෙන් තෙරපි ක්‍රම වලට යොමු කරනවා. ඖෂධ ලබා දෙනවා. Stimming නතර කරන්න දරුවාට බල කරනවා. Verbal stimming (මුවින් නොයෙක් ශබ්ධ පිට කිරීම) නතර කරනකල් ඔටිසම් දරුවන්ගේ කටට නොනවත්වා අතින් ගැසූ සිදුවීම් වාර්තා වෙනවා.
ඔටිසම් යනු බෝවෙන රෝගයක් හෝ මානසික උමතුවක් නොවේ යැයි හඩ නඟා කියන්නට බටහිර රටවල් තුළ ඔටිසම් පුද්ගලයින් එකතු වුනු අවස්ථා ඉතිහාසය පුරාවටත් අදටත් තියනවා. ඔවුන් විසින් තමන්ට හිමිවිය යුතු අයිතිවාසිකම් තහවුරු කරගන්න සටන් කරනවා
ඔටිසම් දරුවාගේ විවිධත්වය පිළි නොගෙන ඒ දරුවාට සහය දෙනවා වෙනුවට ඔටිසම් දරුවා ඔටිසම් නොවන දරුවෙක් ලෙසට වෙනස් කිරීමට උත්සාහ කිරීම ඉතා භයානකයි. එයට හේතුව එයින් Autistic burnout තත්වය වගේම ඔටිසම් දරුවා බිඳුනු දරුවෙක්, බිදී ගිය මනසක් සහිත දරුවෙකු ලෙසට පරිවර්තනය වෙන්න තියන ඉඩනිසා.
ඉතිහාසය අධ්‍යනය කරනකොට ඔටිසම් පුද්ගලයින් සහ දරුවන් පසුකරගෙන ආ මඟ ලස්සන නැහැ. දහස් ගණනින් වුන සායනික පරීක්ශණ වලට නිකන් විද්‍යාගාර වල මීයන්ට අත් වුන ඉරණමම ඔටිසම් දරුවන්ට අත් උනා. කරන්ට් එක ඇල්ලීමේ සිට බලහත්කාරයෙන් හැසිරීම වෙනස් කිරීමේ අමානුෂික ක්‍රියාවලට ළක් වීමේ සිට මානසික රෝගීන් ලෙස රෝහල් වල කාමර අස්සේ ජීවත් වෙන්න ඒ දරුවන්ට සිද්ධ උනා. සමාජයට භයානක පුද්ගලයින් කියලා කොන් වෙන්න සිද්ධ උනා. දෙමාපියන් තමන්ගේ දරුවන් ලෙඩ දරුවන් කියලා අනාථ නිවාස වල ගේට්ටු ඉදිරිපිට ඔටිසම් දරුවන් අතහැරලා දාලා ගියා. ඒ වගේ ඉතිහාසයක් පහු කරගෙන දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඔටිසම් දරුවන් යනු අසාමාන්‍ය නොව වෙනස් කෝණයකින් ලෝකය දකිනා බුද්ධිමතුන් යැයි පිලිගන්නා කාලයකයට. එම නිසා ලංකාවේ සමාජය ඔටිසම් යනු ස්නායු විවිධත්වයක් සහ පුද්ගල අන්න්‍යතාවයක් යන්න වටහා ගත යුතුය.