මට, මගේ ගෙදර අපිළිවෙළයි නං ඒක මනසට පුදුමාකාර වදයක් විදියට දැනෙනවා. විශේශයෙන් Bathroom එක, නිදාගන්න කාමරේ, බෙඩ්ශීට්ස් එහෙම ක්ලින් එකට තියෙන්න ඕනේ. බඩු අඩුවෙන්, සුදු පාට වැඩියෙන් තියන ගෙදරකට මම ආසයි🤗. මම ජීවත් වෙන්න කැමති ඒ ගෙදර එමලි සම්පූර්ණයෙන්ම කණපිට ගහලා එයාගේ සෙල්ලන් ගෙදරක් කරලා ඉවරයි දැන්😅 අපේ ගෙදර එමලිගේ බලි කුරුටු නැති තැනක් නෑ. කාලයක් තිබ්බා Bathroom එකේ කොමඩ් සීට් එකත් පාට කරපු 😅 තාමත් කොමඩ් සීට් එකේ තියනවා සෑහෙන්න උත්සාහ කරලත් මැකිලා ගියපු නැති එමලිගේ චිත්‍ර.

ඔය මම දාලා තියන ෆොටොස් වල තියෙන්නේ ගෙදර ඉස්සරහා දොරින් ඇතුල් වෙලා කුස්සියට යනකල්ම තියන සිතුවම් තමයි.ෆ්‍රිජ් එකේ ඇඳලා තියන පාට නං යන්නේ නෑ.ඇඳ විට්ටමේ පාට මම හෝදලා යවන්නවත් Try කරේ නෑ. එමලිගෙන් පාට කරගන්නේ නැතුව මේ වෙනකොට බේරිලා ඉන්නේ ගෙදර සිවිලිමයි, වහළෙයි ,බලු ළමයි ටික විතරයි. ගෙදර පිටත බිත්ති වලත් චිත්‍ර.

මට මතකයි අල ළූනූ ගෙඩිත් අරන් එමලි පාට කරා 😅

ඉතිං ඔන්න ඔහොම තමයි එමලි අද දක්වා එයාගේ Emotions හැමදේම අපිත් එක්ක බෙදා ගත්තේ. ඒ දුන්න නිදහස ඇතුළේ ඉදන් තමයි බලි කුරුටු අස්සෙන් අකුරු මතු උනේ.හැඩතල මතු වුනේ. මිනිස් රූප මතු වුනේ. එමලි සන්නිවේදනය කරේ ඒ චිත්‍ර හරහා.එයා අපිට මොන තරම් දේවල් දන්නවද කියලා පෙන්නුවේ ඒ බලි කුරුටු හරහා.ඉතිං සුදු පිරිසිදු බිත්ති ගැන තියන හීනය විසික් කරලා අපිත් එමලි එක්කම තව තවත් අදින්න ගත්තා.එමලි විතරක් නෙමේ එමලිගේ අක්කත් බිත්ති වල නංගි එක්කම ඇන්දා. සමහර දවස් වලට මට තෝරගන්න බැරි උනාම මේ කාගේ චිත්‍රද කියලා මම ලොකු දුවගෙන් අහනවා ඔයාද නංගිද ඇන්දේ කියලා.

බිත්ති, ටයිල් එකේ විතරක් නෙමේ මුළු ඇඟේම එමලි ඇඳගත්තා. Alphabet එක කකුල් දෙකේම ලියලා, Numbers ලියාගන්නවා අත් දෙකේ. සමහර දවස්වලට අපිළිවෙළට අකුරු ලියනවා නිකන් රහස් සංකේතය වගේ😅 මම ඒවල ෆොටොස් අරන් ආයේ ආයේ බල බල තේරුම් හොයනවා.

අනික් පැත්තට අක්කා නංගිගේ කකුල් වල අත් වල චිත්‍ර අදිනකොට නංගිත් අක්කගේ කකුල් වල මල් අදිනවා.හවසට එමලිගේ ඇඟේ පාට යවලා නාවලා ගන්නේ එමලිගේ තාත්තා.මට කොන්ද නවාගෙන කකුල් වල පාට හෝදන එක කරන්න බෑ 😅

අපි මහ රෑ වෙනකල් එමලි කියන කියන රූප බිත්තියේ, බිම ටයිල් එකේ ඇන්දා. ගොඩක්ම අදින්න උනේ සත්තුන්ගේ රූප සහ ලස්සන ගවුම් ඇදන් ඉන්න බබාලගේ රූප. එමලි අපේ අත් අරන් Point කරන හැම රූපයක්ම අපි ඇන්දා.උදේ ඉදන් ටයිල් පුරා අදින චිත්‍ර පෑගෙන්නේ නැති වෙන්න පරිස්සමට ඇවිදින්න අපි පුරුදු උනා.එමලි නිදා ගත්තම මමයි එමලිගේ තාත්තයි දෙන්නා එකතු වෙලා ගේ පොළොව ඔක්කෝම ක්ලීන් කරලා තියනවා ඊළඟ දවසේ එමලිට අලුතින් අදින්න.

දැන් ඇයි පොතක, කොළයක අඳින්න සහ ලියනවට වඩා එමලි බිත්තියෙයි බිම ටයිල් එකෙයි එයාගේ ඇඟෙයි අඳින්නේ, අකුරු ලියන්නේ? මේකට හේතු කීපයක් තියනවා.

  • තමන්ගේ ශරීරයේ පාට කරගැනීම සහ අකුරු ලිවීම Sensory Seeking Behavior එකක්. තමන්ට අවම සංවේදන සංවේදීතාවය සොයාගෙන යෑමක්.මාර්කර් පෙන් එකෙන් හම මත පාට කරගන්න එක හරහා දරුවාට soothing experience එකක් ලැබෙන්න පුළුවන්. 
  • Brain-Body Connection Practice එකත් ඒකට හේතුවක් වෙන්න පුළුවන්. ඔටිසම් දරුවන්ට තමන්ගේ මොළය සහ ශරීරය අතර තියන සම්බන්ධතාවය අවම වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඒ සම්බන්ධතාවය පාලනය කිරීම හෝ සමබර කරගැනීමට ඇඟේ පාට කරන, අකුරු ලියන එක කරන්න තව හේතුවක්.
  • නිදහස සහ උත්තේජනය. 

පොඩි ඉඩක තමන්ගේ ප්‍රකාශය එළියට දාන එකට වඩා විශාල ඉඩක් ඇතුළේ දරුවෙක්ට හිතේ හැටියට අදින්න ,පාට කරන්න, ලියන්න නිදහස තියෙනවා. ඒ හරහා දරුවාට තව තවත් ලියන්න සහ රූප හරහා සන්නිවේදනය කරගන්න උත්තේජනයක් දැනෙනවා.

එමලි එයාගේ Pre-writing සහ Symbolic skills සංවර්ධනය කරගත්තේ ගෙදර බිත්ති පුරාම ඇඳලා.පැන්සලක් අත හැරෙන්නේ නැතුව ඇඟිලි වලින් හයියට අල්ලලා බය නැතුව අකුරු ඉලක්කං ලියන්න පුරුදු උනේ මෙහෙම.

අපේ මොළයේ තියනවා විශේශ brain cells වර්ගයක් Mirror neurons කියලා හඳුන්වන. අපි කැමති දේවල් කරනකොට , අපි කැමති දෙයක් වෙන කෙනෙක් කරනවා දකිනකොට වගේම අපි කැමති දෙයක් කරන එක ගැන හිතනකොට මෙන්න මේ Mirror neurons උද්දීපනය වෙනවා.

ඉතිං එමලි එයා චිත්‍ර අඳිනකොට, බිත්තියේ බලි කුරුටු ගානකොට එයාගේ ඇඟේ අඳිනකොට එමලිගේ මොළයට Strong mirror input එකක් ලැබෙනවා. ඒ හරහා තමන්ගේ ශරීරය ගැන තියන දැනීම වැඩි වෙනවා , ශක්තිමත් motor memory එකක් ගොඩනැගෙනවා. ඉතිං බිත්ති කිලුටු උනාට කමක් නෑ.අපිට ආයේ ඒවා සුදු තීන්ත ගාලා ලස්සන කරගන්න පුළුවන්. මේ දේවල් නතර කරොත් එමලිගේ මේ සංවර්ධනය වෙන ළමා කාලය ආයේ ලබා ගන්න බෑ.

ඉති කවදාක හරි කිරි සුදු පාටින් දිලිසෙන පිරිසිදු බිත්ති තියන ගෙදරක ජීවත් වෙන හීනේ ඔළුවේ තියාගෙන අපි දැනට එමලිගේ කලාගාරේ ඉතා කැමැත්තෙන් කාලය ගෙවන්න මනස හදාගෙන ඉවරයි.